Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශ ‘ඒ’ පිලෙන් ප්‍රබල පිළිතුරක්

බංග්ලාදේශ ‘ඒ’ පිලෙන් ප්‍රබල පිළිතුරක්

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොසඩක් හොසේන් (135) සහ සබීර් රෙහ්මන් (නොදැවී 144) ශතක ලබාගත් හෙයින් සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව චිතගොන්හිදී පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (28 වැනිදා)ූ ක්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 360 ක් රැස්කිරීමට සමත්ව සිටියේය. මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 449 ක් ලබාගත්තේය. 

සබීර් රෙහ්මන් (නොදැවී 144) සහ සකීර් හුසේන් (නොදැවී 27) කඩුල්ලේ රැඳී සිටින අතර ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා තවත් ලකුණු 89 ක් පසුපසින් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම රැඳී සිටී. පන්දු 257 කට මුහුණදී සිටින සබීර් රහ්මන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 ක්ද ඇතුළත් විය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ මොසඩක් හොසේන් පන්දු 243 කට මුහුණදුන් අතර ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 135 කට දැවී ගියේය. හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමගින් සිය ඉනිම අලංකාර කිරීමට මොසඩක් හොසේන්ට හැකිවිය. මොසඩක් හොසේන් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 209 ක සම්බන්ධතාවක් පැවැත්වූ සබීර් රෙහ්මන් පස්වැනි කඩුල්ල සඳහා සකීර් හුසේන් සමඟින් එක්වද තවත් ලකුණු 77 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් සිටී. 

තරගය දෙවැනි දිනට ඊයේ නතර කරනවිට බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම ලකුණු 44 කට කඩුලු 2 ක් අහිමිකරගෙන සිටියේය. අද පෙරවරුවේදී ලකුණු 25 ක් රැස්කර සිටි තුෂාර් ඉම්රාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ලක්ෂාන් සඳකැන් සමත්විය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පන්දු යවන්නන් අට දෙනෙකු යොදාගනිමින් බංග්ලාදේශ ‘ඒ’ පිතිකරුවන් මෙල්ල කිරීමට උත්සහ ගත්තද ඉන් පලක් නොවීය. පන්දු යවන්නන් අටදෙනා අතර වේගපන්දු යවන්නන් දෙදෙනෙකු සහ දඟපන්දු යවන්නන් හය දෙනෙකු සිටින අතර නිසල තාරක, චරිත් අසලංක, ප්‍රභාත් ජයසූරිය සහ ලක්ෂාන් සඳකැන් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ. 

ශ්‍රී ලංකා ‘ඒ‘  - පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න - ක.මු.කළා ප.ඛලීඩ් අහ්මඩ් 60
ළහිරු මිලන්ත - ඇ.සකීර් හසන් ප.ඛලීඩ් අහ්මඩ් 4
ළහිරු තිරිමාන්න - අසීෆ් හුසේන් 168
අශාන් ප්‍රියංජන් - ඇ.සකීර් හසන් ප.අබූ හයිඩර් 23
සධීර සමරවික්‍රම - ක.මු.කළා ප.ඛලීඩ් අහ්මඩ් 2
චරිත් අසලංක - දුවද්දී දැවී ගියා 90
ශම්මු අශාන් - ඇ.සකීර් හුසේන් ප.අබූ හයිඩර් 70
නිසල තාරක - ඇ.සබීර් රහ්මන් ප.ඛලීඩ් අහමඩ් 20
ශෙහාන් මදුශංක - නොදැවී 0
ප්‍රභාත් ජයසූරිය - නොදැවී 0
අතිරේක (බ-5, පා-2, නි-5) 12
එකතුව (ඕවර 131.1 කදී කඩුලු 8 ක් දැවී) 449
කඩුලු වැටීම 
1-12 (මිලන්ත), 2-97 (කරුණාරත්න), 3-143 (ප්‍රියංජන්), 4-146 (සමරවික්‍රම), 5-302 (අසලංක), 6-421 (අශාන්), 7-449 (තාරක), 8-449 (තිරිමාන්න)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා
ලක්ෂාන් සඳකැන්
පන්දු යැවීම
අබූ හයිඩර් 19-3-69-2
ඛලීඩ් අහ්මඩ් 27-6-92-4
නයීම් හසන් 25-2-82-0
මොහොමඩ් සයිෆුඩීන් 17-3-41-0
නස්මුල් ඉස්ලාම් 19.1-1-73-1
මොසැඩෙක් හුසේන් 12-2-44-0
සෞම්‍ය සර්කාර් 12-1-41-0
බංග්ලාදේශ ‘ඒ‘ - පළමු ඉනිම 
සද්මන් ඉස්ලාම් - ප.අසලංක 1
සෞම්‍ය සර්කාර් - ප. තාරක 21
තුෂාර් ඉම්රාන් - ක.මු.කළා ප.සඳකැන් 25
මුසඩෙක් හුසේන් - ප.ජයසූරිය 135
සබීර් රහ්මන් - නොදැවී 144
සකීර් හුසේන් - නොදැවී 27
අතිරේක (බ-2, පා-1, නි-4) 7
එකතුව (ඕවර 112 කදී කඩුලු 4 ක් දැවී ) 360
කඩුලු වැටීම 
2-21 (සෞම්‍ය සර්කාර්), 2-29 (සද්මන් ඉස්ලාම්), 3-74 (තුෂාර් ඉම්රාන්), 4-283 (මුසඩෙක් හුසේන්)
පන්දුවට පහර දීමට සිටින ක්‍රීඩකයෝ 
නස්මුල් ඉස්ලාම්, සයිෆ් උද්දීන්, නයීම් හසන්, අබූ හයිඩර්, ඛලීඩ් අහ්මඩ්
පන්දු යැවීම
නිසල තාරක 19-4-51-1
ශෙහාන් මදුශංක 15-1-56-0
චරිත් අසලංක 11-0-41-1
ප්‍රභාත් ජයසූරිය 27-5-75-1
ලක්ෂාන් සඳකැන් 25-2-81-1
සම්මු අශාන් 2-0-7-0
ළහිරු මිලන්ත 9-2-35-0
අශාන් ප්‍රියංජන්  4-0-11-0

අදහස් (0)

බංග්ලාදේශ ‘ඒ’ පිලෙන් ප්‍රබල පිළිතුරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.