Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මීර්පූර්හිදී අද (21) පැවැති දෙවැනි තරගයෙන් බංග්ලාදේශ පිල කඩුලූ 6 ක ජයක් ලබමින් ඉන්දියාවට එරෙහිව පළමු එක්දින තරගාවලි ජය වාර්තා කිරීමට සමත් විය.
මෙම ජයග‍්‍රහණයත් සමඟ බංග්ලාදේශය 2017 වසරේ පැවැත්වෙන ‘ශූරයන්ගේ කුසලාන’ එක්දින තරගාවලියට ද සුදුසුකම් ලබා ගත්තේය.
බංග්ලාදේශ ක‍්‍රීඩකයෝ මෙහිදී ඩක්වත් ලූවිස් න්‍යායට අනුව කඩුලූ 6 ක ජයක් ලැබූ අතර පළමු තරගයෙන් ලකුණු 79 ක ජයක් ලබා සිටියේය. බංග්ලාදේශය එක්දින තරගයකදී ඉන්දියාව පරාජය කළ පස්වැනි අවස්ථාව මෙය වේ.
බංග්ලාදේශය තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ රැදී සිටියි.
වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ ඉනිමක් ඕවර 47 කට සීමා වූ අතර පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 45 කට ලකුණු 200 කට සීමා විය. ඩක්වත් ලූවිස් න්‍යායට අනුව බංග්ලාදේශයට ලකුණු 200 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවූ අතර බංග්ලාදේශ පිතකරුවෝ එම ඉලක්කය ඕවර 38 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කළහ.
සිය දෙවැනි එක්දින තරගයට සහභාගි වූ 19 හැවිරිදි වමතින් වේග පන්දු යවන මුෂ්ටාෆිෂුර් රහමන් පිට පිටම දෙවැනි තරගයේදීත් ඉන්දීය පිලේ විනාශකරු බවට පත්වෙමින් ලකුණු 43 කට කඩුලූ 6 ක් දවා ගැනීමට සමත් විය.
මෙම තරගාවලියේ පළමු තරගය මුෂ්ටාෆිෂුර් රහමන් මංගල එක්දින තරගය වූ අතර එහිදී ද ලකුණු 50 කට කඩුලූ 5 ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත්විය.
ඉන්දීය පිල ඕවර 45 කදී සියලූ දෙනා දැවී 200
(ශීකර් දවාන් 53, විරාට් කෝලි 23, මහේන්ද්‍ර සිං දෝනි 47, සුරේෂ් රයිනා 34, රවීන්ද්‍ර ජඬේජා 19, මුෂ්ටාෆිෂුර් රහමන් 43/6, නසීර් හොසේන් 33/2, රුබෙල් හොසේන් 26/2)
බංග්ලාදේශ පිල ඕවර 38 කදී කඩුලූ 4 ට 200
(තමීම් ඉක්බාල් 13, සෞම්‍ය සාර්කර් 34, ලිටොන් දාස් 36, මුෂ්ෆිකුර් රහීම් 31, ශකීබ් අල් හසන් නොදැවී 51, සබ්ර් හමන් නොදැවී 22)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.