Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශය කොදෙව්වන් පහළට ඇද දමයි

බංග්ලාදේශය කොදෙව්වන් පහළට ඇද දමයි

Nisanka Sandeepani - 2018 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවතම අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පහළට ඇද දමා ඉහළ නැගීමට බංගලාදේශ කණ්ඩායම සමත්ව තිබේ. ප්‍රසාද ලකුණු 75ක් ලබා බංගලාදේශය 8 වන ස්ථානයේ සිටින අතර ප්‍රසාද ලකුණු 67 ක් හිමි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 9 වන ස්ථානයේත් පසුවේ. 
 
ප්‍රසාද ලකුණු 125 ලබා ඉන්දියාව මෙහි පළමු ස්ථානයට පත්ව ඇත. සෑම වසරකදීම අප්‍රේල් මස 30 වැනිදා ශ්‍රේණිගතකිරීම් යාවත්කාලීන කිරීම අනුව කොදෙව් පිල අභිබවා යාමට බංග්ලාදේශය සමත්ව ඇත. 
 
2015 වසරේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තයට එරෙහි පැවති ටෙස්ට් තරගාවලි තුනම ජය පරාජයෙන් තොරව විසඳා ගැනීමට බංගලාදේශයට හැකි විය. 2016 වසරේ නවසිලන්තයට සහ ඉන්දියාවට එරෙහිව පැවැති තරගාවලි පරාජය වුවත්, ශ්‍රී ලංකාවට හා ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලි දෙකම ජය පරාජයෙන් තොරව නිමා කරගැනීමට බංග්ලාදේශය සමත්විය. පසුව 2017 වර්ෂයේ පැවති දකුණු අප්‍රිකා තරගාවලිය 2÷0 ලෙසත්, ශ්‍රී ලංකාව සමග පැවති තරගය 1÷0 ලෙසිත් බංගලාදේශය පරාජය විය 2015 වසරින් පසු කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කරනු ලබන්නේ 2017 වසරේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පමණි. සෙසු තරගාවලි සියල්ලම බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පරාජයට පත් වී ඇත. 
 
70-80 දශක දෙකේ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ආධිපත්‍යය පතුරුවාගෙන සිටි කොදෙව් කණ්ඩායමට අද පත්ව ඇති තත්ත්වය දක්වා කඩා වැටුණේ 1992 ලෝක කුසලාන තරගාවලියෙන් පසුවය. එතැන් සිට බ්‍රයන් ලාරා, ෂිව්නරීන් චන්ද්‍රපෝල්, කාල් හූපර් වැනි දක්‍ෂ පිතිකරුවන් කිහිපදෙනකු කොදෙව් කණ්ඩායමෙන් බිහිවූ නමුත් පන්දු යවන්නන්ගේ අංශය එන්න එන්නම දුර්වල විය. බංග්ලාදේශය 2000 වර්ෂයේ ටෙස්ට් වරම් හිමි කර ගත් කණ්ඩායමකි. 
 
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව පෙරමුණේ පසුවන ඉන්දියාව 2015 වසරෙන් පසු සහභාගි වූ ටෙස්ට් තරග 34 න් 22 ක්ම ජය ගෙන ඇත. 
 
 
- 024
 

අදහස් (0)

බංග්ලාදේශය කොදෙව්වන් පහළට ඇද දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.