Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශය තරගාවලිය සමකරයි

බංග්ලාදේශය තරගාවලිය සමකරයි

Nisanka Sandeepani - 2018 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඇමෙරිකාවේ ෆ්ලෝරීඩාහිදී පැවැති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 12 කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (4 වැනිදා) සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමටද බංග්ලාදේශ කණ්ඩායමට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 159 ක් පමණි.

ඇන්ඩ්‍රි  ෆ්ලේචර් සහ රෝමන් පවෙල් ලකුණු 43 බැගින් රැස්කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවෝ වූහ. පන්දු 38 කට මුහුණදුන් ඇන්ඩ්‍රි ෆ්ලේචර්ගේ ඉනිමට හයේ 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත්වූ අතර පන්දු 34 කට මුහුණදුන් රෝමන් පවෙල්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

මුස්ටෆීසූර් රෙහ්මාන් සහ නස්මුල් ඉස්ලාම් කඩුලු 3 බැගින් දවාගැනීමට සමත්වූ අතර විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ නායක සකීබ් අල් හසන් සිය ඕවර 4 ලකුණු 19 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත්තේය. 

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 171 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

වේගවත් පිතිහරඹයක නිරතවූ ටමීම් ඉක්බාල් සහ නායක සකීබ් අල් හසන් අර්ධ ශතක රැස්කරමින් බංග්ලාදේශ කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්වූහ. ටමීම් ඉක්බාල් පන්දු 44 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 74 ක් රැස්කළ අතර සකීබ් අල් හසන් පන්දු 38 කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 60 ක් රැස්කිරීමට සමත්විය.

සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 50 කදී ලකුණු 90 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කිරීමට ටමීම් ඉක්බාල් සහ සකීබ් අල් හසන් සමත්වූහ.
ඈෂ්ලී නර්ස් සහ කීමෝ පෝල් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 171
(ටමීම් ඉක්බාල් 74, සකීබ් අල් හසන් 60, ඈෂ්ලී නර්ස් 25/2, කීමෝ පෝල් 39/2)

බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 159
(ඇන්ඩි්‍ර ෆ්ලේචර් 43, රෝමන් පවෙල් 43, මුස්ටෆීසූර් රෙහ්මාන් 50/3, නස්මුල් ඉස්ලාම් 28/3, සකීබ් අල් හසන් 19/2)


අදහස් (0)

බංග්ලාදේශය තරගාවලිය සමකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.