Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශය පරාජයෙන් ගැළවීමේ සටනක

බංග්ලාදේශය පරාජයෙන් ගැළවීමේ සටනක

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හැමිල්ටන්හි සෙඩොන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (2 වැනිදා) නිමාවට පත්වන විට ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 174 ක් ලබා සිටියේය. බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව නවසීලන්තයට වඩා තවත් ලකුණු 307 ක් පසුපසින් සිටියි.

දිනය නිමාවන විට සෞම්‍ය සාකර් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 39 ක්ද, මහමදුල්ලා රියාද් හතරේ පහර 3 ක් සමග ලකුණු 15 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් ටමීම් ඉක්බාල් දෙවැනි ඉනිමේදීද ලකුණු 74 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමගිනි. එහිදී බංග්ලාදේශ දෙවැනි ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ශද්මන් ඉස්ලාම් (37) සමග එක්ව ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඉක්බාල් සමත් විය.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 715 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය ඉනිම අත්හිටුවා බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය. මෙම ඉනිමත් සමග ටෙස්ට් තරගයකදී ලකුණු 700 සීමාව ඉක්මවා ගිය 7 වැනි කණ්ඩායම ලෙසද නවසීලන්තය වාර්තා අතරට එක්විය.

මින් පෙර ශ්‍රී ලංකාව අවස්ථා 6 කදීත්, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අවස්ථා 4 කදීත්, එංගලන්තය අවස්ථා 3 කදීත්, පාකිස්තානය අවස්ථා 2 කදීත් ටෙස්ට් ඉනිමක ලකුණු 700 සීමාව පසුකර යෑමට සමත්ව තිබිණ. නවසීලන්ත කණ්ඩායමේ මෙම ඉනිම ටෙස්ට් තරගයකදී කණ්ඩායමක් ලකුණු 700 සීමාව ඉක්මවා ගිය 24 වැනි අවස්ථාව ලෙස සටහන් විය.

දෙවැනි දිනය වූ ඊයේ (1 වැනිදා) කඩුලු 4 ක් දැවී ලකුණු 451 ක් ලබා සිටි නවසීලන්ත ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 264 ක් එක්කර ගත්හ. එහිදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි ද්විත්ව ශතකය ලබාගැනීමට කේන් විලියම්සන් (නොදැවී 200) සමත් වූ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 19 කින් සමන්විත විය.

හෙන්රි නිකොල්ස් (53) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැගූ විලියම්සන්, ඉන් නොනැවතී නීල් වැග්නර් (47) සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 60 ක්ද, බී.ජේ. වොට්ලින් (31) සමග එක්ව හයවැනි කඩුල්ලට ලකුණු 96 ක්ද, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් (නොදැවී 76) සමග එක්ව හත්වැනි කඩුල්ලට ලකුණු 110 ක්ද එක් කිරීමට සමත් විය.

පන්දු 53 කට මුහුණදුන් ග්‍රෑන්ඞ්හෝම් සිය වේගවත් අර්ධ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 4 කින් සැරසුවේය. නිකෝල්ස්ගේ අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත වූ අතර වැග්නර්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.  


බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 234
(ටමීම් ඉක්බාල් 126, ශද්මන් ඉස්ලාම් 24, මහමදුල්ලා රියාද් 22, ලිටන් දාස් 29, නීල් වැග්නර් 47/5, ටිම් සවුති 76/3)

නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 715
(ජීත් රාවල් 132, ටොම් ලැතම් 161, කේන් විලියම්සන් නොදැවී 200, හෙන්රි නිකෝල්ස් 53, නීල් වැග්නර් 47, බී.ජේ. වොට්ලින් 31, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් නොදැවී 76, සෞම්‍ය සර්කාර් 68/2, මෙහෙදි හසන් 246/2)

බංග්ලාදේශ දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 174  
(ටමීම් ඉක්බාල් 74, ශද්මන් ඉස්ලාම් 37, සෞම්‍ය සාකර් නොදැවී 39, මහමදුල්ලා රියාද් නොදැවී 15, ටේ‍රන්ට් බෝල්ට් 53/2)


- 036

 


අදහස් (0)

බංග්ලාදේශය පරාජයෙන් ගැළවීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.