Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශය ලකුණු 141 ක් පසුපසින්

බංග්ලාදේශය ලකුණු 141 ක් පසුපසින්

Nisanka Sandeepani - 2019 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර වෙලිංටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (11 වැනිදා) තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 80ක් ලබා සිටියේය. 

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම තවත් කඩුලු 7 ක් අතැතිව නවසීලන්තයට වඩා ලකුණු 141 ක් පසුපසින් සිටියි. දෙවැනි දිනය නිමාවන විට මොහොමඞ් මිතුන් ලකුණු 25 ක්ද, සෞම්‍ය සාකර් ලකුණු 12 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. හතරේ පහර 4 ක් සමග ලකුණු 29 ක් ලබා සිටි ශද්මන් ඉස්ලාම් දැවී ගියේ මැට් හෙන්රිගේ පන්දුවක් හමුවේ බී.ජේ. වොට්ලින් අතට උඩ පන්දුවක් දෙමිනි. 

පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගත් ආරාම්භක පිතිකරු ටමීම් ඉක්බාල්ට දෙවැනි ඉනිමේදී සාර්ථක වීමට ඉඩක් නොලැබුණ අතර ට්‍රෙන්ට් බෝල්ට්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයන විට ඔහු ලබා සිටියේ ලකුණු 4 ක් පමණි. ඉන් නොනැවතුන බෝල්ට්, මොමිනුල් හක්ගේ ඉනිමද ලකුණු 10 කට සීමා කළේ ටිම් සවුතිගේ සහායද ඇතිවය. 

තෙවැනි දිනය වූ ඊයේ (10 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 38 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායම, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 394 ක් එක්කරගත්හ. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ රොස් ටේලර් හයේ පහර 4 ක් සහ හතරේ පහර 19 ක් සමගින් ලකුණු 200 ක් රැස්කළේය. එය ඔහුගේ තෙවැනි ටෙස්ට් ද්විත්ව ශතකය ලෙස සටහන් විය. 

නායක කේන් විලියම්සන් (74) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 172 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ටේලර්, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 216 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. විලියම්සන්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් වූ අතර නිකෝල්ස්ගේ ශතකය හතරේ පහර 9 කින් සමන්විත විය. 

බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 211 
(ටමීම් ඉක්බාල් 74, ශද්මන් ඉස්ලාම් 27, මොමිනුල් හක් 15, සෞම්‍ය සාකර් 20, ලිටන් දාස් 33, නීල් වැග්නර් 28/4, ටේ‍රන්ට් බෝල්ට් 38/3) 

නවසීලන්ත පළමු ඉනිම -  කඩුලු 6 ක් දැවී 432
(කේන් විලියම්සන් 74, රොස් ටේලර් 20, හෙන්ර් නිකෝල්ස් 107, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 23, අබු ජයේද් 94/3) 

බංග්ලාදේශ දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 80 
(ශද්මන් ඉස්ලාම් 29, මොහොමඞ් මිතුන් නොදැවී 25, ට්‍රෙන්ට් බෝල්ට් 34/2) 

-036 


අදහස් (0)

බංග්ලාදේශය ලකුණු 141 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.