Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් බංග්ලාදේශයේ මිර්පූර්හි ශ්රේ බංග්ලා ජාතික කී‍්‍රඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති තරගයේදී ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් කඩුලූ 9 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට බංග්ලාදේශය සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානු පිල ලකුණු 72 කට දැවී ගියේය. ඒ සඳහා ඇෆ්ගනිස්ථානු පිල මුහුණ දුන්නේ ඕවර 17.1 කට පමණි. එම ලකුණු සංඛ්‍යාව ඕවර 12 කදී ලබාගත් බංග්ලාදේශ පිතිකරුවෝ පහසුවෙන්ම තරගය ජයග‍්‍රහණය කළහ.
ආරම්භක පිතිකරු අනමුල් හක් පන්දු 33 කට මුහුණ දෙමින් හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 44 ක් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් අතර තරගය ආරම්භ කරමින් යවන ලද පළමු පන්දුවේදීම කඩුල්ලක් දවාගැනීමට මශ්රාෆි මොර්ටාසා සමත් විය. විශාල පහරක් ගැසීමට උත්සාහ කළ මොහොමඞ් ශෙෂාඞ් ලකුණු නොලබා දැවී ගියේය.
ඇෆ්ගනිස්තානු පිතිකරුවන් අසීරුතාවට පත්කළ සකිබ් අල් හසන් (08/3) සහ අබ්දුර් රසාක් (20/2) දක්‍ෂ පන්දු යැවීමක නිරත වූහ.
ඇෆ්ගනිස්ථානය - ඕවර 17.1 කදී සියලූ දෙනා දැවී 72
ගුලාබ්දින් නබි 21, කරීම් සදීක් 10, සෆිවුල්ලා 16, සකිබ් අල් හසන් 08/3 සහ අබ්දුර් රසාක් 20/2
බංග්ලාදේශය - ඕවර 12 කදී කඩුලූ 1 ක් දැවී 78
ටමීම් ඉක්බාල් 21, අනමුල් හක් නොදැවී 44, සකිබ් අල් හසන් නොදැවී 10, සමිවුල්ලා ෂෙන්වරි 14/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.