Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බට්ලර් - ස්ටෝක්ස් තරගයේ පාලනය සියතට ගනිති

බට්ලර් - ස්ටෝක්ස් තරගයේ පාලනය සියතට ගනිති

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ශාන්ත ලුසියාහිදී ඊයේ (10 වැනිදා) ඇරඹී තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 231 ක් රැස්කර සිටියේය.

ජොස් බට්ලර් ලකුණු 67 ක් සහ බෙන් ස්ටෝක්ස් ලකුණු 62 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.

ලකුණු 107 කට කඩුලු 4 ක් දැවී තරමක පසුබෑමකට එංගලන්තය ලක්වුවද 5 වැනි කඩුල්ල සඳහා මේ වනවිට ලකුණු 124 ක නොබිඳුණු සම්බන්ධතායක් පවත්වමින් සිටින ජොස් බට්ලර් සහ බෙන් ස්ටෝක්ස් ඉනිම ගොඩනැගීමට සමත්වූහ.

පළමු සහ දෙවැනි ටෙස්ට් තරග වලට වඩා වැඩි කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් වැඩි පන්දු ප්‍රමාණයකට මුහුණදීමට එංගලන්ත පිතිකරුවෝ උත්සහ ගනිමින් සිටිති.

පළමු සහ දෙවැනි ටෙස්ට් තරග 2 කම එංගලන්තය පරාජයට පත්වූ අතර එහිදී ඔවුන්ට ඉනිම 4 තුළදී ලකුණු 250 සීමාව පසුකිරීමට කොදෙව් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා එංගලන්තයට ආරාධනා කළේය.


එංගලන්ත පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 231
(රොරී බර්න්ස් 29, ජෝ ඩෙන්ලි 20, ජොස් බට්ලර් නොදැවී 67, බෙන් ස්ටෝක්ස් නොදැවී 62, කීමෝ පෝල් 42/2)

 


අදහස් (0)

බට්ලර් - ස්ටෝක්ස් තරගයේ පාලනය සියතට ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.