Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) 39 වැනි තරගය ලෙස බැංගලොර්හිදී ඊයේ (21) පැවැති දිනයේ දෙවැනි තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ක්‍රීඩකයෝ චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව ලකුණක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් බැංගලෝර් පිල තරග 10 කදී ලැබූ තෙවැනි ජය මෙය වන අතර බැංගලෝර් පිල ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවෙයි.
ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කය හඹාගිය චෙන්නායි පිල ඕවර 20 අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 160 ක් රැස්කළේය.
චෙන්නායි පිලට අවසන් ඕවරයේදී ලකුණු 26 ක් රැස්කිරීමට සිදුවූ අතර නායක මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 24 ක් (4,6,6,2,6,වි) රැස්කළ ද අවසන් පන්දුවට ලකුණු දෙකක් රැස්කිරීමට තිබියදී අනෙක් අන්තයේ පිතිකරු වූ ශර්වුල් ඨාකූර් දැවී ගියේය.
මහේන්ද්‍ර සිං දෝනි පන්දු 48 කදී හතරේ පහර පහක් සහ හයේ පහර හතක් සමගින් නොදැවී ලකුණු 84 ක් රැස් කළේය.
චෙන්නායි පිලේ පළමු පිතිකරුවන් තිදෙනා වූ ෂෝන් වොට්සන් (05), ෆෆ් ඩු ප්ලීසිස් (05) සහ සුරේෂ් රයිනා (0) ආසාර්ථක වීමෙන් ඉලක්කයට ළගාවීමට නොහැකි විය.
පර්තීව් පටෙල් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 37 කදී හතරේ පහර දෙකක් සහ හයේ පහර හතරක් සමගින් ලකුණු 53 ක් රැස්කළේය.
ප්‍රවේගකාරි පිතිකරු ඒ. බී. ඩිවිලියස් පන්දු 19 කින් ලකුණු 25 ක් ලබා සිටියදී දැවී ගියේය.
සුපිරි පිතිකරු විරාට් කෝලි පන්දු අටකින් ලකුණු නවයක් පමණක් ලබා දැවී යෑමේ බැංගලෝර් පිලට දැඩි පාඩුවක් බවට පත්විය.
චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට බැංගලෝර් පිලට ආරාධනා කළේය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 161
(පර්තීව් පටෙල් 53, ඒ. බී. ඩිවිලියස් 25, අක්ෂ්දීප් නාත් 24, මොයින් අලී 26, රවීන්ද්‍ර ජඬේජා 29/2, ඞ්වේන් බ්‍රාවෝ 34/2, දීපාක් චාහර් 25/2)
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලු 8 ට 160
(අම්බාටි අයිඳු 29, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 84, ඬේන් ස්ටේන් 29/2, උමේෂ් යාදේව් 47/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.