Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බැල්බින්ගේ ශතකය අයර්ලන්තයට ජය ගෙනෙයි

බැල්බින්ගේ ශතකය අයර්ලන්තයට ජය ගෙනෙයි

Nisanka Sandeepani - 2019 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇන්ඩෘ බැල්බින්ගේ දක්ෂ පිතිහරඹය හමුවේ ඇෆ්ගනිස්තානයට එරෙහිව ඉන්දියාවේ රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්තය ඊයේ (5 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමටද අයර්ලන්තයට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 257 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත ක්‍රීඩකයෝ පන්දු 6 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ඇන්ඩෘ බැල්බින් පන්දු 136 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 145 ක් රැස්කරමින් අයර්ලන්ත ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.  

මුලු ලකුණු සංඛ්‍යාව 74 ක් වන විට අයර්ලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 4 දැවී ගියද, ජෝජ් ඩොක්‍රෙල් (54) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 190 කදී ලකුණු 143 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට බැල්බින් සමත් විය. ඉන් අනතුරුව ඇන්ඩි මැක්බ්‍රයන් (නොදැවී 9) සමග එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 32 කදී ලකුණු 43 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූ බැල්බින්, අයර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඕයර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකණ 256 ක් ලබාගත් අතර එහිදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නජිබුල්ලා සද්රාන් පන්දු 98 කදී නොදැවී ලකුණු 104 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. 

නායක අස්ගර් ඇෆ්ගන් සමග එක්ව (75) හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 158 කදී ලකුණු 117 ක සම්බන්ධතාවක් ගොඩනැගීමද සද්රාන් සමත් වූ අතර පන්දු 109 කදී වාර්තා වූ ඇෆ්ගන්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරු හස්රතුල්ලා සසායි පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 34 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට ලක් විය. 

ඇෆ්ගනිස්තානය - ඕවර 50 කදී කඩුලු 8 කට 256 
(හස්රතුල්ලා සසායි 33, අස්ගර් ඇෆ්ගන් 75, ඇන්ඩෘ බැල්බින් නොදැවී 104, බොයිඞ් රැන්කින් 56/2, ටිම් මර්ටැග් 60/2) 

අයර්ලන්තය - ඕවර 49 කදී කඩුලු 6 කට 260 
(පෝල් ස්ටාර්ලින් 20, ඇන්ඩෘ බැල්බින් නොදැවී 145, කෙවින් ඕ’බ්‍රයන් 21, ජෝජ් ඩොක්රෙල් 54, දව්ලත් සද්රාන් 52/2) 

-036 


අදහස් (0)

බැල්බින්ගේ ශතකය අයර්ලන්තයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.