Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට තිසර පෙරේරා ක්‍රීඩා කරන කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම ඊයේ (8 වැනිදා) සමත් විය. උපුල් තරංග ක්‍රීඩා කරන ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට එරෙහිව අවසන් මහ තරගයේදී ලකුණු 17 ක ජයක් වාර්තා කරමින් කොමිලා කණ්ඩායම තරගාවලියේ ශූරතාවට හිමිකම් කීවේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 200 ක ඉලක්කයක් හඹාගිය ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 182 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ වහබ් රියාස් ලකුණු 28 කට කඩුලු 3 ක් දවාගත් අතර ඩයිනමයිට්ස් කණ්ඩායමේ ජයග්‍රාහී මඟ අසූරාලීම සඳහා රියාස්ට අනගි සහයක් දුන් තිසර පෙරේරා සහ මොහොමඞ් ශයිෆුඩීන් කඩුලු 2 බැගින් බිඳහෙළුහ.
මුලු ලකුණු සංඛ්‍යාව 0 ක්ව තිබියදී ඩයිනමයිට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සුනිල් නරේන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට මොහොමඞ් ශයිෆුඩීන් සමත් විය. එහෙත් එතැන් පටන් උපුල් තරංග (48) සමග එක්වූ රොනී තුලක්දාර් (66) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 102 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගුවේය.
තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ අබු හයිඩර් අතට උඩ පන්දුවක් දෙමින් තරංග දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. පන්දු 27 කදී වාර්තා වූ තරංගගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 38 කදී වාර්තා වූ තලුක්දාර්ගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.
තරංගගේ දැවී යෑමෙන් පසු ලකුණු පුවරුවට තවත් ලකුණු 18 ක් එක්වන විට තලුක්දාර්ද දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට එනමුල් හක් සමත් විය. ඉන් අනතුරුව පන්දුවට පහරදීම සඳහා පැමිණි කිසිදු පිතිකරුවකුට පිටියේ ස්ථාවර වීමට කොමිලා කණ්ඩායමේ පන්දු යවන්නෝ ඉඩක් නොදුන්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 199 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ ටමීම් ඉක්බාල් පන්දු 61 කදී නොදැවී ලකුණු 141 ක් රැස්කළේ හයේ පහර 11 ක් සහ හතරේ පහර 10 ක් සමගිනි.
එනමුල් හක් (24) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඉක්බාල්, ඉන් නොනැවතී ඉම්රුල් කේයස් (නොදැවී 17) සමග එක්ව පන්දු 46 කදී ලකුණු 100 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
කොමිලා වික්ටෝරියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 199
(ටමීම් ඉක්බාල් නොදැවී 141, එනමුල් හක් 24, ඉම්රුල් කේයස් නොදැවී 17)
ඩකා ඩයිනමයිට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 182
(උපුල් තරංග 48, රොනී තුලක්දාර් 66, නුරුල් හසන් 18, මහමදුල් හසන් 15, වහබ් රියාස් 28/3, තිසර පෙරේරා 35/2, මොහොමඞ් සයිෆුඩීන් 38/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.