Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රෙන්ට් බෝල්ට්ගේ පළමු කඩුලු ත්‍රිත්වය හමුවේ පාකිස්තානයට එරෙහිව අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී ඊයේ (7 වැනිදා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 47 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද නවසීලන්තයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 267 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම ඕවර 47.2 ක් අවසානයේ ලකුණු 219 කට සීමා කිරීමට ටේරන්ට් බෝල්ට් සහ ලොකී ෆර්ගියුසන් ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ බෝල්ට්, ලකුණු 54 කට කඩුලු 3 ක්ද, ෆර්ගියුසන් ලකුණු 36 කට කඩුලු 3 ක්ද දවාගනිමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.
පාක්ස්තාන ඉනිමේ තෙවැනි ඕවරය යැවූ බෝල්ට් එහි දෙවැනි, තෙවැනි සහ සිවුවැනි පන්දු වලදී ෆකාර් සමාන් (1), බාබර් අසාම් (0) සහ මොහොමඞ් හෆීස් (0) දවාගනිමින් ලකුණ 8 කට කඩුලු 3 ක් ලෙස පාකිස්තාන කණ්ඩායම ඉතා අසීරු තත්වයකට ඇද දැමුවේය. සමාන්ගේ කඩුල්ල බිඳදැමූ බෝල්ට්, අසාම් පිටියෙන් ඉවත් කළේ රොස් ටේලර්ගේ සහායද ඇතිවය. හෆීස් දැවීගියේ බෝල්ට්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ සර්ෆරාස් අහමඞ් පන්දු 50 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 68 ක් රැස්කළද, ඔහුට පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට නොහැකි විය. ලකුණු 85 කට කඩුලු 6 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී ඉමාඞ් වසීම් (50) සමග එක්ව පන්දු 113 කදී ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සර්ෆරාස් සමත් වූ අතර පන්දු 72 කදී වාර්තා වූ ඉමාඞ්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සමන්විත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 266 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ රොස් ටේලර් පන්දු 112 කදී ලකුණු 80 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. ටොම් ලේතම් (68) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු කදී ලකුණු 130 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ටේලර් සමත් විය. පන්දු 64 කට මුහුණදුන් ලේතම් හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසීය.
අවසන් ඕවර කිහිපයේදී වේගයෙන් ලකුණු රැස්කළ ඉෂ් සෝධි හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 24 ක්ද, ටිම් සවුති හයේ පහරක් සමග ලකුණු 20 ක්ද ලබාගනිමින් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව 250 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශඩාබ් ඛාන් ලකුණු 38 කට කඩුලු 4 ක්ද, ශහීන් අෆ්රිඩි ලකුණු 46 කට කඩුලු 4 ක්ද දවාගනිමින් නවසීලන්ත පිතිකරුවන් පීඩනයට පත්කළහ.
නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 266
(කොලින් මුන්රෝ 29, කේන් විලියම්සන් 27, රොස් ටේලර් 80, ටොම් ලේතම් 68, ඉෂ් සෝධි 24, ටිම් සවුති 20, ශඩාබ් ඛාන් 38/4, ශහීන් අෆ්රිඩි 46/4)
පාකිස්තානය - ඕවර 47.2 කදී සියලු දෙනා දැවී 219
(ඉමාම් උල් හක් 34, ෂොයිබ් මලික් 30, සර්ෆරාස් අහමඞ් 64, ඉමාඞ් වසීම් 50, හසන් අලී 16, ලොකී ෆර්ගියුසන් 36/3, ට්‍රෙන්ට් බොල්ට් 54/3, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 40/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.