Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මිලර් - ඩු’ප්ලෙසි ඕස්ට්‍රේලියාවට බැටදෙති

මිලර් - ඩු’ප්ලෙසි ඕස්ට්‍රේලියාවට බැටදෙති

ශනුක අරවින්ද - 2018 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩේවිඩ් මිලර් සහ ෆෆ් ඩු ප්ලෙසි එක්ව ගොඩනැංවූ ලකුණු 252 ක දැවැන්ත සම්බන්ධතාවයෙන් සවිමත් වූ දකුණු අප්‍රිකානුවෝ හොබාර්ට්හිදී අද (11 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී ලකුණු 40 කින් ඕස්ට්‍රේලියානු පිල පරාජය කළහ. මෙම ජයග්‍රහණයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙසින් ජයගැනීමටද දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිල ඕවර 50 ක් නිමාවේදී කඩුලු 5 කට ලකුණු 320 ක් ලබාගත්තේය. ඕස්ට්‍රේලියානු පිලට ඕවර 50 ක් අවසානයේදී කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 280 ක් පමණි.

දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි ලකුණු 125 ක් ලබාගත් නමුත් නරඹන්නන්ගේ වැඩි අවධානය දිනාගත්තේ පන්දු 108 කින් ලකුණු 139 ක් උදුරාගත් ඬේවිඞ් මිලර්ගේ පිතිහරඹයයි. මිලර්ගේ ඉනිම හතරේ පහර 13 කින් සහ දැවැන්ත හයේ පහර 4 කින් සමන්විත විය.

ඉනිමේ 40 වැනි ඕවරය අවසානයේදී දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3 කට 190 ක් ලෙසිනි. එහෙත් 41 වැනි ඕවරයේදී පැට්රික් කමින්ස් හමුවේ ලකුණු 9 ක් උදුරාගත් මිලර් සහ ඩුප්ලෙසි දෙදෙනා අවසන් ඕවර 10 දී ලකුණු 130 ක් ලබාගැනීම සඳහා දොරටු විවර කළහ. අවසන් ඕවර 4 දී දකුණු අප්‍රිකානු පිතිකරුවෝ ලකුණු 64 ක් උදුරා ගත්හ.

ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භයේදීම ඬේල් ස්ටේන්ගෙන් වැදුණේ මරු පහරකි. ස්ටේන්ගේ පළමු පන්දුවේදීම කඩුලු රැකි ක්වින්ටින් ඩි’කොක්ට උඩපන්දුවක් දෙමින් ක්‍රිස් ලින් දැවී ගියේය. 40 වැනි ලකුණ පුවරුවට එක්වීමත් පෙර ඕස්ටේ්‍රලියානු පිලේ තුන්වැනි කඩුල්ලත් දැවී ගිය නමුත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ෂෝන් මාෂ් (106) සහ මාකස් ස්ටොයිනික්ස් (63) ඕස්ට්‍රේලියානු බලාපොරොත්තු අලුත් කළද දකුණු අප්‍රිකානු පිතිකරුවන් අවසන් ඕවර 10 දී කළ හරිය කිරීමට ඕස්ටේ්‍රලියානු පිතිකරුවන්ට නොහැකි විය. වෙනස තිබුණේ එතැනය.

මෙම පරාජය ඕස්ට්‍රේලියානු පිල අවසන් එක්දින තරග 14 කදී ලද 12 වැනි පරාජය මෙයයි.

දකුණු අප්‍රිකාව ඕවර 50 කදී කඩුලු 5 ට 320
(ඒඞ්න් මාක්රම් 32 යි, ෆෆ් ඩු’ප්ලෙසි 125 යි, ඩේවිඩ් මිලර් 139 යි, මිචෙල් ස්ටාක් 57/2, මාකස් ස්ටොයිනික්ස් 70/2)

ඕස්ට්‍රේලියාව ඕවර 50 කදී කඩුලු 9 ට 280
(ඒරන් ෆින්ච් 11, ෂෝන් මාෂ් 106, මාකස් ස්ටොයිනික්ස් 63, ඇලෙක්ස් කේරි 42, ග්ලෙන් මැක්ස්වෙල් 35, ඬේල් ස්ටේන් 45/3, කගීසෝ රබාඩා 45/3, ඞ්වේන් ප්‍රිටෝරියස් 61/2)


අදහස් (0)

මිලර් - ඩු’ප්ලෙසි ඕස්ට්‍රේලියාවට බැටදෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.