Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 2017 දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභගි වූ තරග 57 කින් තරග 41 ක්ම පරාජය විය. ජයගත හැකිවූයේ ටෙස්ට් තරග 4 ක්, එක්දින තරග 5 ක් සහ විස්සයි-20 තරග 5 ක් පමණි. ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ සටහන් වන්නේ ටෙස්ට් තරගවලිදී 30.76 % ක්, එක්දින තරග වලදී 17.24% ක් සහ විස්සයි-20 තරග වලදී 33.33 % ක් ලෙසිනි.
බලාපොරොත්තු සියල්ලම පෙණ බිඳු මෙන් බිඳී යද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ චන්දික හතුරුසිංහ මහතා පුහුණුකරුවකු වශයෙන් නවතම ක්‍රමෝපායන් රැගෙන එයි. පසුගිය වසරේදී කණ්ඩායමට එක්වූ ක්‍රීඩකයන් පිළිබඳව තක්සේරුවක නිරත වූ හතුරුසිංහ මහතා ඉන් අනතුරුව ක්‍රීඩකයන්ට ප්‍රශ්න පත්‍රයක් බෙදා දුන්නේය. එය ඔවුන්ගේ එදිනෙදා දිවියේ කැමැති/අකමැති දේ සම්බන්ධ ප්‍රශ්නාවලියකි. ඔහුගේ ප්‍රශ්නාවලියට ක්‍රීඩකයන් දෙන පිළිතුරු පසුව මනෝ විද්‍යාඥයකුට යොමු කෙරේ.
හතුරුසිංහ මහතාගේ මෙම ක්‍රමවේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගේ ප්‍රසාදය හිමිවී තිබේ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයන් සමගින් සිය පළමු වැනි පුහුණු සැසියට මුහුණ දුන් හතුරුසිංහ මහතා එහිදී වටහාගත් දේ බෙහෝය.
“සෑම ක්‍රීඩකයකුගේම මානසිකත්වය ගැන වැටහීමක් ලබාගන්න හතුරුසිංහට ඕනෑ කරලා තියෙනවා. සමහර ක්‍රීඩකයන්ගෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්න නම් සියලු දෙනාම ඉදිරියේ ඔවුන්ට තදින් අවවාද කරන්න ඕනා. තවත් ක්‍රීඩකයන් කොට්ඨාසයක් ඉන්නවා, ඔවුන්ගෙන් වැඩි යමක් ගන්න නම් පැත්තකට අරගෙන මෘදුව කතා කරන්න ඕනා”
“මේ දෙකම ඕනෑ කරන ක්‍රීඩකයන් පිරිසකුත් අපට ඉන්නවා. ඒ නිසා ක්‍රීඩකයන් දෙන පිළිතුරු මනෝවිද්‍යාඥයකුගේ යොමු කිරීමෙන් පසුව ලැබෙන උපදෙස් හතුරුසිංහ මහතාගේ ඉදිරි පියවර සඳහා බොහෝ උපකාරී වේවි” යයි හතුරුසිංහගේ පළමු පුහුණු සැසිය නිරීක්‍ෂණය කිරීමට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය.
හතුරුසිංහ ක්‍රමවේදයේ එක් සුවිශේෂී උපායක් වන්නේ මනෝවිද්‍යාඥයකුගේ සේවය වරින් වර ලබාගැනීමයි.
හතුරුසිංහ මහතා සිය පළමු පුහුණු සැසියේදීම ඉදිරි සති හතරක කාලයක් සඳහා ක්‍රීඩකයන්ගේ පුහුණු සැලසුම් බෙදා දුන්නේය. තනි තනිව කළ යුතු පුහුණුවීම්, කණ්ඩායමක් වශයෙන් කළ යුතු පුහුණුවීම්, කණ්ඩායම් රැස්වීම් මෙන්ම අනෙකුත් කණ්ඩායම් ක්‍රියාකාරකම්ද එම පුහුණු සැලසුමට ඇතුළත් වෙයි. ඇතැම් ක්‍රීඩකයන්ට මෙම පුහුණු සැලසුම නුපුරුදු විය හැක්කේ මීට පෙරදී පුහුණු සැලසුම් ඉදිරිපත් කෙරුණේ දිනයකට හෝ දෙකකට කලින් බැවිනි.
නිමාවූ ඉන්දීය සංචාරයේදී ස්ථානය අහිමි වූ ටෙස්ට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ද මෙම පුහුණු සැසියට එක්ව සිටියේය. පසුගිය සතියේදී අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගයකදී මුවර්ස් පිලට එරෙහිව ලකුණු 177 ක් ලබාගත් කුසල් මෙන්ඩිස් මේ වන විට එක්දින සංචිතයට තේරී සිටින බැවින් පුහුණුකරුවාගේ උපදෙස් මත පළමු පෙළ තරග වලින් ඉවත්ව සිටී.
තම තමන්ට ක්ෂණිකව සිතෙන දේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සමග අදහස් හුවමාරු කරගත් හතුරුසිංහ මහතා ඔවුන්ගේ සිත් තුළට විශ්වාසනීයත්වය එන්නත් කළේය. මෑතකදී එක්දින කණ්ඩායමෙන් හැළී ගිය පිතිකරුවකුට නව පුහුණුකරුවා උපදෙස් දුන්නේ පහරක් කරා යාමේදී පිත්ත පසුපසට ඔසවන ප්‍රමාණය වැඩිකරමින් තමන්ගේ පහරට අවශ්‍ය අතිරේක බලය ලබාගන්නා ලෙසයි.
එලෙසින්ම ඉතා සියුම් තාක්‍ෂණික වෙනස්කම් කරමින් ප්‍රහාරාත්මක වේගය (පන්දු 100 කදී ලබාගත හැකි ලකුණු සංඛ්‍යාව) වැඩිකරගන්නා ආකාරය ගැනද හතුරුසිංහ මහතා ඔහුට උපදෙස් දුන්නේය.
පිතිකරුවකු සම්බන්ධයෙන් ප්‍රතිවාදීන් හොඳින් දන්නේ නම් එම පිතිකරුවා වැඩි වශයෙන් ලකුණු ලබාගන්නා ප්‍රදේශවල පන්දු රකින්නන් රඳවා ලකුණු ගලා ඒම පාලනය කිරීම ක්‍රිකට් පිටියේ සාමාන්‍ය සිදුවීමකි. එහෙත් එවන් අවස්ථාවලදී තමන් වෙත ලැබෙන පන්දුවට එකිනෙකට වෙනස් ආකාරයේ පහර භාවිතා කරමින් ක්‍රීඩකයන් නොමැති ස්ථාන වලට පන්දුව තල්ලු කරමින් ලකුණු රැස්කිරීමත් හතුරුසිංහ මහතාගේ ක්‍රමෝපායකි.
මේවා හුදෙක් අදහස් පමණක් නොවේ. ඒවා ක්‍රියාත්මක කළ හැකි ආකාරයද ඔහු ක්‍රීඩකයන්ට කියා දුන්නේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවෙකු තමා වෙත කැඳවූ හතුරුසිංහ මහතා ලෝකයේ හොඳම පිතිකරුවන් සිවුදෙනාගේ නම් කීවේය. විරාට් කෝලි (ඉන්දියාව), ස්ටීවන් ස්මිත් (ඕස්ටේ්‍රලියාව), කේන් විලියම්සන් (නවසීලන්තය) සහ ජෝ රූට් (එංගලන්තය) හතුරුසිංහ මහතා විසින් පළමුව කී නම් විය. අනතුරුව තමන් අසළ සිටි ක්‍රීඩකයාට කීවේ ලෝකයේ හොඳම පිතිකරුවන් අතර පස්වැන්නා වීමට ඔහුට හැකියාව ඇති බවයි.
මේ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරග පැවැත්වෙන සමයයි. හතුරුසිංහ මහතා පසුගිය දින කිහිපය ගතකළේ පළමු පෙළ ක්‍රීඩකයකු ලෙසින් ක්‍රීඩා කළ සමයේ සිටම තමන්ට හුරු පුරුදු ක්‍රීඩාංගණවල ඇවිද යමිනි. තේරීම් කමිටුවට තවමත් ඇස නොගැටුණු තරුණ ක්‍රීඩකයන් සොයා ගැනීම ඔහුගේ අභිප්‍රාය විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව පුහුණුකරුවා තේරීම් කමිටු සාමාජිකයකු නොවූවත් ව්‍යවස්ථාව වෙනස් කරමින් හෝ ඔහුව එම ස්ථානයට ගෙනෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේය.
නත්තල් නිවාඩුවෙන් පසු, මේ මස 28 වැනිදා සියලුම ක්‍රීඩකයන් නැවතත් පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය. අලුත් අවුරුද්ද උදාවන්නේ අලුත් බලාපොරොත්තු සමගිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.