Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මම ගැහැව්වේ කෝච් වෙනුවෙන්

මම ගැහැව්වේ කෝච් වෙනුවෙන්

රොෂාන් ගුණරත්න - 2019 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ මහතා) වෙනුවෙන් කළ බව තරගයේ වීරයා වූ කුසල් පෙරේරා කියයි. මෙම අවස්ථාවේදී අදහස් දැක්වීමට ඉදිරිපත් වන හිටපු නායක සුරංග ලක්මාල් අවධාරණයෙන් කියා සිටින්නේද ඉදිරියේ එන තරග වලදීත් පුහුණුකරුවා වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු බවත්, දස්කම් දැක්වූවත් නැතත් කණ්ඩායමක් වශයෙන් එකට සිටිය යුතු බවත්ය. 

තරගයෙන් ජයගැනීමෙන් අනතුරුව ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේදී ක්‍රීඩකයෝ කේක් කපා ජයග්‍රහණය සැමරූහ. අනතුරුව පැවැති කණ්ඩායම් රැස්වීමක වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් තිබේ. 
එම වීඩියෝව ඇසුරිනි

කුසල් පෙරේරා :
අපට ප්‍රශ්න තිබුණාම අපව බැක් කළා (සහයෝගය දුන්නා). ප්‍රශ්න තිබ්බා ගොඩාක්.............

කතාකරගෙන ඇවිල්ලා කෝච් දුන්නා ෆ්‍රීඩම් එක (නිදහස). හැබැයි සමහර දේවල් තියෙනවා තාමත් අපට ප්‍රශ්න තියෙන. මේව මම හිතනවා මැනේජර් ගිහිල්ලා බෝඞ් එකට කියලා ටීම් එක වෙනුවෙන් හදයි කියලා


අද මම කියන්නේ හේතුව මේ....

(කුසල් පෙරේරා නොවන වෙනත් අයෙක් පුහුණුකරුවා සොයයි. ක්‍රීඩකයන් වටවී සිටියද හතුරුසිංහ මහතා පෙනෙන්නට නැත.)

වෙනත් ක්‍රීඩකයෙක්
කෝ...කෝච් එන්න...ඔයා තමයි ඕනේ...
කෝච් නිසා තමයි හැම දෙයක්ම වුණේ. මම ගැහුවේ....
එකම දේ...මට තරහක් තිබ්බා...කෝච් හින්දා මම ගැහුවේ මට කියපු කියපු ස්කෝස්....මට පුළුවන් දේ කරනවා. මම හිතනවා ටීම් එකක් විදිහට වැඬේ කරනවා...


(ක්‍රීඩකයෙක් පුහුණුකරුවාට සුබ ප්‍රාර්ථනා කිරීමට මූලිකත්වය ගනී. සියල්ලෝම ඊට එක්වෙති)

ක්‍රීඩකයෙක්
ත්‍රී හාර්ටි චියර්ස් ෆෝ ද කෝච්.....

හිප් හිප් හුරේ........!
හිප් හිප්..හුරේ...........!!
හිප් හිප්  හුරේ...............!!!

කුසල් පෙරේරා
ඔය මැසේජ්එක හැබැයි මෙතන්ට නෙමේ අතෙන්ට යන්න ඕන ආ.....

නිරෝෂන් දික්වැල්ල
තව කවුරුවත් ඉන්නවද...හිතේ තියෙන දේවල් කියන්න මෙතන.....ආ...

සුරංග ලක්මාල්
මම ඉන්නවා......

ක්‍රීඩකයෙක්
එන්න සුරංග අයියා........එන්න සුරංග අයියා.......
කියන්න...බනින ඒවා බනින්න...කියන්න මෙතන....තියෙන ඒවා ඉවර කරන්න...

වෙනත් ක්‍රීඩකයෙක්
කෝ...කෝච් කෝ....කෝච් සර් එන්න.....

තවත් ක්‍රීඩකයෙක්
බිහන්ඞ් ද සීන් 

සුරංග ලක්මාල්
මචං.. නියම එෆර්ට් එක. මං දන්නවා කෝච් ගැන...මම 2007 දී ඉස්සරවෙලාම කෝච් එක්ක ටුවර් එකක් ගියේ. අපට ගොඩාක් අකටයුතුකම් වුණා. ගොඩාක් අපතයො අපට එක එක දේවල් කිව්වා. හැබැයි අපිට හංග්‍රිඑක (තදබල උවමනාව) තිබුණේ දිනන්නනේ....අපට ඒක කරලා පෙන්නන්න ඕන වුණා. අපට ඕන  දිනන්න.

අපට ප්‍රෙෂර් එක (පීඩනය) දැම්මා. අපට වැඩිය..... මං හිතන්නේ හතුරු සර්ට ප්‍රෙෂර් එක දැම්මා. මොකද අපි වෙනුවෙන් හැම තිස්සෙම, 200%  ක්ම එයා පෙනී හිටියා. එන ප්‍රශ්න එතනින් නැවතුණා. අපට ආවෙ නෑ.......

මම දන්නවා ගොඩක් ප්‍රශ්න....... හැබැයි එතනින් නැවතුණා....... එයා අපිට ඒ ප්‍රෙෂර් එක දුන්නෑ. 

හැබැයි මචං, අද අපි කරල පෙන්නුවා, අපට දිනන්න පුළුවන් කියන එක. මේ යුනිටි එකයි (එකමතුකම), මේ හැමදේම තියාගෙන මචං, තව එක මැච් එකක් තියෙනවා. 

එකම අභිප්‍රාය..........අපට ලොකු බලාපොරොත්තු ඕන නෑ...........

මේ මැච් එක ගිය විදිහටම අපි යං.........හරිද....

පර්ෆෝම් කරන්න (දස්කම් පෙන්වන්න) පුළුවන්.....නැති වෙන්න පුළුවන්.........ඒත් අපි ටීම් එකක් විදිහට ඉන්න එක තමයි මාර ඉම්පෝර්ටන්ට්..........(ඉතාම වැදගත්)...මෙතන ඉන්න හැමෝම..........ඉන්න 24 ද 25 ද....

අපි මචං සපෝර්ට් දීල ගැහුවා...........

තමන් හැමෝම දන්නවා...100්‍% දීපු කට්ටිය...200්‍% දීපු කට්ටිය...ඔක්කොම හිතට එකඟව දන්නවා................ඒ හින්ද මං කියන්නේ එක දෙයයි...

අපි ගහන්න ඕන මචං.............කෝච් වෙනුවෙන්................

කෝච්ට තමයි මෙතන 150්‍% ක් පෙෂර් එක දෙන්නේ..

ක්‍රීඩකයකු හෝ දෙදෙනකු නැවත වරක් පුහුණුකරුවාට සුබ ප්‍රාර්ථනා කිරීමට මූලිකත්වය ගනී. සෙසු සියල්ලෝම ඊට එක්වෙති)

හිප් හිප්....හුරේ....!
හිප් හිප්....හුරේ.... !!
හිප් හිප්....හුරේ.... !!!


අදහස් (1)

මම ගැහැව්වේ කෝච් වෙනුවෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.