Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිම්බාබ්වේ හමුවේ මෙවැනි ආකාරයට තරග පරාජය වීමෙන් නායකයා ලෙස තමන් දැඩි පීඩනයකට පත්ව සිටින බව ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (08) තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. එම මාධ්‍ය හමුවේදී මැතිව්ස් මෙසේ ද පැවසීය.
“අපි සියලු දෙනාටම ලොකු පීඩනයක් තියෙනවා. නායකයා හැටියට මටත් පීඩනයක් තියෙනවා”
“අපි මේ තරගවලදී හොඳට පිතිකරණයේ යෙදිලා, පන්දු යැවීම හොඳට නොකරපු නිසා පරාජය වුණා. පළමු තරගයේ සහ මේ තරගයේ පරාජයට හේතුව ඒකයි. සිම්බාබ්වේට එරෙහිව අපි මීට වඩා හොඳට ක්‍රීඩා කරන්න ඕනේ. ලකුණු 300 ක් ගහලා තරග පරදිනවා නම් මොකක් හරි අඩු පාඩුවක් තියෙනවා”
“නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල් ආබාධයන්ට ලක්වුණා. ඉන්න ක්‍රීඩකයන්ගෙන් තරග දිනන්න පුළුවන්ද ඒකයි අපේ ප්‍රශ්නේ. මේ තරගය පරාජය වුණෙත් පන්දු යැවීම හොඳට නොකරපු නිසායි. මේකට ඉක්මනට විසඳුමක් හොයන්න ඕනේ”
“ආලෝකය දුර්වල වීම නිසා ඉනිම අවසානයේ මාලිංගට පන්දු යැවීමේ අවස්ථාව අහිමිවුණා. මාලිංග අවසන් ඕවර කීපයේ තමයි හොඳටම පන්දු යවන්නේ. නමුත් පළමු ඕවර දෙක අවසන්වීමෙන් පසුව විනිසුරුවො මට කිව්වා වේග පන්දු යවන්නන්ට පන්දු යවන්න බෑ කියලා. අවාසනාවකට මට නැවත මාලිංගව ගේන්න බැරි වුණා”
කාසියේ වාසිය ලබා සිම්බාබ්වේ පිලට පන්දුවට පහර දීමට ආරාධනා නොකිරීම පිළිබඳව මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.
“කාසියේ වාසිය උරගා ලබන අවස්ථාව වන විට කාලගුණය හොඳට තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. වහිනවා කිව්වොත් වහින්නේ නෑ. මොකද මේ ක්‍රීඩාංගණයේ මැදින් ලොකු සුළඟක් හමනවා. මේ දවස් ටිකේම වැස්සේ නෑ. ඊයේ වැස්සද? නමුත් අද අපි එන විට හිරු රෂ්මිය වගේම හැම දේම හොඳට තිබුණා. තරගයට යන විට වහී කියලා හිතුවේ නෑ. වැස්ස ගැන හිතලා තීරණයක් ගන්න අමාරුයි”
පිතිකරු ලැයිස්තු වෙනස් කිරීම පිළිබඳව මැතිව්ස් මෙසේ පැවසීය.
“පිතිකරු ලැයිස්තුවේ වෙනසක් කිරීමට හේතුව විශාල පහරවලින් වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීම වුවත් අවසන් ඕවර කීපයේදී තණතීරුව මන්දගාමී ගතියක් ගැනීමෙන් ලකුණු 335 කට 340 කට යන්න බැරි වුණා”
කණ්ඩායම් දෙකම අද (09) ප්‍රධාන පුහුණු සැසිවලට සහභාගි නොවීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.