Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මහනුවර පිල හොඳ පිළිතුරකට සූදානම් වෙයි

මහනුවර පිල හොඳ පිළිතුරකට සූදානම් වෙයි

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ අද (31 වැනිදා) තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි මහනුවර කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 232 ක් ලබා සිටියේය.

ඒ අනුව මහනුවර කණ්ඩායම කඩුලු 7 ක් අතැතිව දඹුල්ල කණ්ඩායමට වඩා තවත් ලකුණු 248 ක් පසුපසින් සිටින අතර දෙවැනි දිනය නිමාවන විට නායක නිරෝෂන් දික්වැල් හතරේ පහර 5 ක් සමග ලකුණු 55 ක්ද, ප්‍රියමාල් පෙරේරා හතරේ පහර 4 ක් සමග ලකුණු 25 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. තරගය නතර කරන විට ඔවුන් දෙදෙනා එක්ව මහනුවර ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 46 කි.

මුලු ලකුණු සංඛ්‍යාව 35 ක් වන විට මහනුවර කන්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 6 ක් ලබා සිටි තරංග පරණවිතාන දැවී ගියේ ළහිරු ගමගේගේ පන්දුවක් හමුවේ දිමුත් කරුණාරත්න අතට උඩපන්දුවක් දෙමිනි. දක්ෂ පිතිහරඹයක නිතර වූ මහේල උඩවත්ත ලකුණු 97 ක් ලබා ශතකය පෙනි පෙනි සිටියදී සචිත්‍ර සේරසිංහගේ පන්දුවක් හමුවේ මනෝජ් සරත්චන්ද්‍ර අතට උඩපන්දුවක් දෙමින් ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

පිටියෙන් ඉවත්ව යන විට පන්දු 169 කට මුහුණදී සිටි උඩවත්ත, සිය අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 11 කින් සරසා තිබිණ.

තරංගගේ දැවී යෑමෙන් අනතුරුව චරිත් අසලංක (30) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගූ උඩවත්ත, ඉන් නොනැවතී නිරෝෂන් දික්වැල්ල (නොදැවී 55) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් මහනුවර ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

පළමු දිනය වූ ඊයේ (30 වැනිදා) තරගය නිමාවන විට කඩුලු 7 ක් දැවී ලකුණු 382 ලබා සිටි දඹුල්ල ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 98 ක් එක්කරගත්හ. එහිදී වේගවත් ශතකයක් ලබාගැනීමට සචිත්‍ර සේනානායක (105) සමත් වූ අතර පන්දු 109 කදී වාර්තා වූ සචිත්‍රගේ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 11 කින් සමන්විත විය.

ජෙෆ්රි වැන්ඩසේ (9) සමග එක්ව දඹුල්ල කණ්ඩායමේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් වූ සචිත්‍ර, චාමික කරුණාරත්නගේ පන්දුවක් හමුවේ මහනුවර කණ්ඩායමේ අතිරේක ක්‍රීඩක මිනෝද් භානුක අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 156 ක් ලබා සිටි අශාන් ප්‍රියංජන් දැවීගියේ ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ චරිත් අසලංක අතට උඩපන්දුවක් දෙමිනි. ඒ සමගම සචිත්‍ර සහ ප්‍රියංජන් එක්ව දඹුල්ල ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ ලකුණු 91 ක සම්බන්ධතාවද නිමාවට පත්විය.

ළහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 3 බැගින් දවාගනිමින් දඹුල්ල පිතිකරුවන් පීඩනයට පත්කළ අතර චාමික කරුණාරත්න ලකුණු 80 කට කඩුලු 2 ක් දවාගත්තේ සචිත්‍ර සේනානායකගේ කඩුල්ලත් සමගිනි.


දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 480
(දිමුත් කරුණාරත්න 71, අශාන් ප්‍රියංජන් 156, මනෝජ් සරත්චන්ද්‍ර 57, ඉෂාන් ජයරත්න 35, සචිත්‍ර සේනානායක 105, කසුන් රාජිත 89/3, ළහිරු කුමාර 105/3, චාමික කරුණාරත්න 80/2)

මහනුවර පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 232
(මහේල උඩවත්ත 97, චරිත් අසලංක 30, නිරෝෂන් දික්වැල්ල නොදැවී 55, ප්‍රයමාල් පෙරේරා නොදැවී 25)

 


අදහස් (0)

මහනුවර පිල හොඳ පිළිතුරකට සූදානම් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.