Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහමදුල්ලා රියාද්ගේ පිතිහරඹය හමුවේ ‘නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට බංග්ලාදේශය අද (16 වැනිදා) සමත්විය. ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පැවැති හයවැනි තරගයේ ජයග්‍රහණය සදහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය කඩුලු 8 ක් දැවී පන්දුවක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත්විය.
බංග්ලාදේශයට ජයග්‍රහණය සදහා අවසන් ඕවරයේදී ලකුණු 12 ක් අවශ්‍යවූ අතර පළමු පන්දු දෙකට ලකුණු ලබානොදුන් ඉසුරු උදාන විසින් මුස්ටෆිසුර් රහමාන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට සමත්විය. දෙපිලේ ක්‍රීඩකයින් අතර ඇතිවූ නොසන්සුන් තාවයක් හේතුවෙන් තරගය සුලු මොහොතකට පමාවුවද නැවත තරගය ඇරඹීමට විනිසුරුවරුන්ට හැකිවිය.
අවසන් ඕවරයේ තෙවැනි පන්දුවෙන් ලකුණු 4 ක් ලබාගත් මහමදුල්ලා සිවුවැනි පන්දුවේදී ලකුණු 2 ක් සහ පස්වැනි පන්දුවෙන් ලකුණු 6 ක් ලබාගනිමින් ජයග්‍රහණය කරා තම කණ්ඩායම ගෙන යෑමට සමත්විය.
පන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළ මහමදුල්ලා තරගය ජයගන්නා තෙක් කඩුල්ලේ රැඳී සිටියේය.
බංග්ලාදේශ ඉනිමේ දෙවැනි සහ සිවුවැනි ඕවර යැවූ අකිල ධනංජය විසින් ලින්ටන් දාස් සහ සබීර් රහමන් දවාගනිමින් පීඩනයක් ඇති කිරීමට සමත්වූවද ටමීම් ඉක්බාල් සහ මුෂ්ෆිකුර් රහීම් එක්ව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 64 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
ටමීම් ඉක්බාල් සිය පස්වැනි විස්සයි20 අර්ධ ශතකය පන්දු 41 කදී ලබාගත් අතර ධණුෂ්ක ගුණතිලකගේ පන්දුවක් හමුවේ ඔහු දැවීයන විට පන්දු 42 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 50 ක් ලබාසිටියේය.
බංග්ලාදේශ පිතිකරුවන් එකිනෙකා දවාගනිමින් තරගයේ ජයග්‍රහණය දෙසට ශ්‍රී ලංකාව රැගෙන යාමට පන්දු යවන්නන් උත්සහ දැරුවද අවසන් මොහොතේ සියලු බලාපොරොත්තු බොඳවී ගියේය.
නායකතවය ලබාදුන් තරග අටම පරාජයට පත්වූ තිසර පෙරේරා නායකත්වයට පත්වීමෙන් අනතුරුව පිට පිට තරග වැඩි සංඛ්‍යාවක් පරාජයට පත්වූ නායකයා ලෙස වාර්තා පොත් අතරට එක්විය.
කුසල් පෙරේරා (61) සහ තිසර පෙරේරාගේ (58) විශිෂ්ට පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 7 කට ලකුණු 159 ක් රැස්කිරීමට සමත්වූහ.
ලකුණු 41 කට කඩුලු 5 ක් දැවී අන්ත අසරණවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට නව ජවයක් ලබාදුන් කුසල් පෙරේරා සහ තිසර පෙරේරා හයවැනි කඩුල්ල සදහා පන්දු 61 කදී ලකුණු 97 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
සිය 10 වැනි විස්සයි20 අර්ධ ශතකය පන්දු 32 කදී වාර්තා කළ කුසල් පෙරේරා ලකුණු 1000 පසු කළ පස්වැනි ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්විය. මින් පෙර තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 100 සම්පූර්ණ කිරීමට සමත්වූහ.
පන්දු 40 කට මුහුණදුන් කුසල් පෙරේරා සෞම්‍ය සර්කාර්ගේ පන්දුවක් හමුවේ මෙහෙදි හසන් අතට උඩපන්දුවක් දෙමින් දැවියන විට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 61 ක් රැස්කර සිටියේය.
නායකත්වයේ වගකීම නිසිලෙස ඉටුකළ තිසර පෙරේරා මංගල විස්සයි20 අර්ධ ශතකය පන්දු 33 කදී ලබාගත්තේය. රුබෙල් හුසේන්ගේ පන්දුවක් හමුවේ ටමීම් ඉක්බාල් අතට උඩපන්දුවක් දෙමින් තිසර පෙරේරා දැවීයන විට පන්දු 37 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 58 ක් ලබාසිටියේය.
පන්දු යැවීම ආරම්භ කිරීමට දඟ පන්දු යවන්නකු යොදා ගැනීම සුදුසු යැයි සිතූ නායක සකීබ් අල් හසන් ඔහු විසින්ම පන්දු යැවීම ආරම්භ කරමින් දෙවැනි ඕවරයේ පළමු පන්දුවෙන් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 4 කට දවාගත්තේය.
තරගාවලිය පුරා ලකුණු අතර සිටි කුසල් මෙන්ඩිස් ගැසූ වේගවත් පහරකින් සෞම්‍ය සර්කාර්ගේ හිසට ඉහළින් ඇදී ගිය පන්දුව රැකගැනීමත් සමගින් ඔහුගේ ඉනිම ලකුණු 11 කට අවසන් විය. මුස්ටෆිසුර් රහමාන්ගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 2 කට ලකුණු 2 ක් ලෙස දිස්විය.
ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 10 ක් එක්වන විට මුස්ටෆිසුර් රහමාන් යවන ලද හයවැනි ඕවරයේදී උපුල් තරංග අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුවූ අතර දසුන් ශානක මුහුණදුන් පළමු පන්දුවෙන්ම කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. දසුන් ශානකගේ කඩුල්ල දවාගැනීමට දායක වීමත් සමගින් විස්සයි 20 තරග වලදී කඩුලු 50 ක් දවාගැනීමට මුෂ්ෆිකුර් රහීම් විසින් දායකවී ඇත.
පස්වැනි කඩුල්ල ලෙස ජීවන් මෙන්ඩිස් දැවීයන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5 කට ලකුණු 41 ක් විය.
බංග්ලාදේශ කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් ආබාධයකට ලක්වීම හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්කර සිටි සකීබ් අල් හසන් තීරණාත්මක තරගය සදහා කණ්ඩායමට කැඳවා ඇති අතර අබූ හයිඩර් කණ්ඩායමෙන් ඉවත්කර ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකරමින් ඉන්දියාව සමගින් පැවැති තරගයේදී ක්‍රීඩා කළ සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර කණ්ඩායමෙන් ඉවත්කර අමිල අපෝන්සු සහ ඉසුරු උදාන කණ්ඩායමට කැඳවූහ.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක සකීබ් අල් හසන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා - බංග්ලාදේශ නිදහස් කුසලාන විස්සයි 20 තරගයේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.