Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (9 වැනිදා) හයිද්‍රාබාද්හිදී පැවැති තුන්වැනි එක්දින තරගයේදී කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ලකුණු 243 ක ඉලක්කයක් කරා ගිය ඉන්දීය කණ්ඩායම ඕවර 44.1 කදී සිය ඉලක්කය කරා අවතීර්ණ විය.
ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු 2 ම ලකුණු 7 කට බිඳ වැටුණ නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක් එක්කළ මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් දෙදෙනාත්, පසුව මහේල සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක් එක්කළ සීකුගේ ප්‍රසන්නත් ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක් රැස්කරගැනීමට මහත් උත්සාහයක් ගත්හ. එහෙත් ඉන්දීය පිතිකරුවන් පාලනය කරගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත් වීම නිසා මහේල, ඩිල්ෂාන් සහ සීකුගේ උත්සාහය නිරර්ථක විය.
සිය අලංකාරවූත් සටන්කාමීවූ ත් ඉනිම නිසා තරගයේ වීරයා සම්මානය හිමිකරගත් නමුත් මහේල පැවසුවේ පරාජිත කණ්ඩායමක සිටියදීම තරගයේ වීරයා සම්මානය තමන්ට ලැබීම පිළිබඳව තමන් තරමක් අපහසුතාවට පත්ව සිටින බවයි.
ඉන්දීය ජයග්‍රහණයේ නියමුවා වූ ෂිකාර් ධාවන් පන්දු 79 කට මුහුණ දෙමින් ලකුණු 91 ක් ලබාගත් අතර මෙම තරගාවලියේ පිට පිටම ලබාගත හැකිව තිබූ දෙවැනි ශතකයට ලකුණු 9 ක් මෑතින් සිටියදී දැවී ගියේය.
මෙම තරගාවලියේ මෙතෙක් පැවැති තරග 3 දී ෂිකාර් ධවාන් ලකුණු 283 ක් ලබාගත් අතර ඔහුගේ ලකුණු ලබාගැනිම සටහන් වූයේ කටාක්හිදී 113 ක්, අහමදාබාද්හිදී 79 ක් සහ අද තරගයේදී ලකුණු 91 ක් වශයෙනි.
ඉන්දීය පිල වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබාගත් ආරම්භක පිතිකරුවන් වන අජින්ක්‍යා රහනේ (31) සහ ෂිකාර් ධාවන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක් එක් කළහ. ඉනිමේ 20 වැනි ඕවරය නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 94 ක් ලබා සිටි ඉන්දීය පිතිකරුවෝ 20 වැනි 30 වැනි ඕවර අතරේ ලකුණු 70 ක් ලබාගත්හ.
එතැන් සිට තරගය සම්පූර්ණයෙන්ම පාහේ ඉන්දීය පිතිකරුවන්ට නතු වූ අතර තීරණය කුමක් විය හැකිද යන්න පැහැදිළි ලෙසම දක්නට ලැබිණ. එකම පැනය වූයේ එය කීවැනි ඕවරයේදී පැමිණේද යන්න පමණි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නිරත වූ මහේල ජයවර්ධනගේ විශිෂ්ට ශතකය නිසා ඕවර 48.2 ක් අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 242 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.
තරගයේ 40 වැනි ඕවරය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 184 ක් ලබා සිටියද මහේල ජයවර්ධන දැවී යාම හේතුවෙන් අපේක්ෂිත ලකුණු සංඛ්‍යාව කරා යාමට ශ්‍රී ලංකා පිලට තිබූ මාවත ඇහිරී ගියේය.
පන්දු 124 කදී ලකුණු 118 ක් ලබා සිටි මහේලගේ උත්සාහය වූයේ ඒ වන විට ක්‍රීඩකයකු රඳවා නොසිටි ඩීප් එක්ස්ට්‍රා කලාපය හරහා ඉහළින් පන්දුව යැවීමටය. ඒ වන විට පන්දු යවමින් සිටි රවිචන්ද්‍රන් අශ්වින් හමුවේ සිය සීමාවෙන් ඉවතට පැමිණි මහේල 'ඉන්සයිඩ් අවුට්' පහරක් ගැසීමට උත්සුක වූ නමුත් පන්දුව පිතිකරුවා වෙතට දඟ කැවීමෙන් තොරව කඩුලු රකින්නා වෙත ඇදී ගියේය. කඩුලු රකින ක්‍රීඩක රිදිමන් සහා විසින් ස්ටම්ප් කිරීම නිසා මහේලගේ අගනා ඉනිම නිමා වන විට හතරේ පහර 12 කින් සහ හයේ පහරකින් එය අලංකාර වී තිබිණ.
සිය 17 වැනි එක්දින ශතකය වෙනුවෙන් පන්දු 109 කට මුහුණ දුන් ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයා ලකුණු 95 සිට ශතකය කරා පිවිසියේ වමතින් දඟ පන්දු යවන අක්ෂර් පතෙල්ට ගැසූ දැවැන්ත හයේ පහරකිනි.
මුලු ලකුණු සංඛ්‍යාව 138 ක් ව තිබියදී 30 වැනි ඕවරයේදී පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක ඕවර 5 ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය. ප්‍රහාරාත්මක ඔවර 5 දී ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ ලකුණු 16 ක් පමණක් වූ අතර ඇන්ජලෝ මැතිව්ස්, අශාන් ප්‍රියන්ජන් සහ චතුරංග ද සිල්වා එම ඕවර 5 තුළදී දැවී ගියහ.
නායක මැතිව්ස් හැරුණු විට අශාන් ප්‍රියන්ජන් සහ චතුරංග ද සිල්වා යන දෙදෙනාම දැවී ගියේ විශාල පහර කරා යාමට උත්සුක වීමෙනි.
තිසර පෙරේරා නැවත වරක් අසාර්ථක වූ නමුත් අංක 9 පිතිකරුවා ලෙසින් පැමිණි සීකුගේ ප්‍රසන්න පන්දු 32 කින් ලකුණු 29 ක් ලබාගත්තේ මහේල ජයවර්ධන සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක් එක්කරමිනි. ඒ වෙනුවෙන් මෙම පිතිකරුවන් දෙදෙනා මුහුණ දුන්නේ පන්දු 49 කට පමණි.
ශ්‍රී ලංකා පිලේ දෙවැනි කඩුල්ල ලකුණු 7 දී බිඳ වැටීමෙන් පසුව මහේල ජයවර්ධන සමගින් එක්ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක් එක්කළ තිලකරත්න ඩිල්ෂාන් දැවී ගියේ පන්දු 80 කට මුහුණ දීමෙන් පසුවය. ඒ අතරවාරයේදී හතරේ පහර 7 ක් සහිතව ලකුණු 53 ක් ලබාගැනීමට ඩිල්ෂාන්ට හැකිවිය.
අජින්ක්‍යා රහනේගේ විශිෂ්ට උඩපන්දු රැකීමකින් ඩිල්ෂාන් දැවී ගියද කණ්ඩායමේ බර කරට ගත් මහේල ජයවර්ධන නොසැලී ඉදිරියෙ ගියේය. මහේල පිටයේ රැඳී සිටීමම ඉන්දියානු පන්දු යවන්නන්ට පීඩනයක් වූ අතර සෙසු මැද පෙළ පිතිකරුවන්ට එයින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකි විය.
තරගයේ තුන්වැනි ඕවරය වන විට කුසල් පෙරේරා සහ කුමාර් සංගක්කාර දවාගැනීමට උමේෂ් යාදව් සමත් වීමත් සමගම ශ්‍රී ලංකා පිල බලවත් අමාරුවක වැටිණ. එහෙත් ඩිල්ෂාන් සහ මහේල දෙදෙනා එක්ව ඉන්දීය පන්දු යවන්නන්ට කරේ නැගීමට අවස්ථාව නොදී ශ්‍රී ලංකා පිල ඉදිරියට තල්ලු කරගෙන යමින් තරගයේ 10 වැනි ඕවරය නිමා වන විට ලකුණු සංඛ්‍යාව 40 ක් දක්වා ඉහළ දැමූහ.
කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර තරගයේ තුන්වැනි පන්දුව මිඞ් විකට් කලාපය හරහා හතරේ සීමාව කරා පිටත්කර යැවීමට කුෂල් ජනිත් සමත් විය. එහෙත් එම ඕවරයේ අවසන් පන්දුවෙන් කඩුලූ රකින්නාට උඩපන්දුවක් දෙමින් කුසල් ජනිත් ලකුණු 4 කට දැවී ගියේය.
උමේෂ් යාදව්ගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවට ස්ලිප් හි සිටි රවිචන්ද්‍රන් අශ්වින්ට උඩපන්දුවක් දුන් සංගක්කාර ලකුනු නොලබා දැවී ගියේ මුහුණ දුන් පළමු පන්දුවෙනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.