Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මහේල - මැතිව්ස් - තිසර ශී‍්‍ර ලංකාව දිනවති

මහේල - මැතිව්ස් - තිසර ශී‍්‍ර ලංකාව දිනවති

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර නවසීලන්තයේ ඩනෙඩින් නුවරදී අද (22 වැනිදා) පැවැති ලෝක කුසලාන කි‍්‍රකට් තරගයේදී කඩුලූ 4 ක තියුණු ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. ලකුණු 233 ක ඉලක්කයක් කරා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම  ඕවර 48.3 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 236 ක් ලබාගත්තේය.

කණ්ඩායමේ හොඳම පිතිකරුවන් සිවු දෙනකු ලකුණු 51 කට දැවී ගොස් තිබුණු මොහොතක එක්වු ඇන්ජලෝ මැතිව්ස් (44) සහ මහේල ජයවර්ධන (100) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක අති විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනංවමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ජය පෙනෙන මානයට කැඳවාගෙන ගියහ. මැතිව්ස් සහ මහේල දැවී යාමෙන් පසුව බර කරට ගත් ජීවන් මෙන්ඩිස් සහ තිසර පෙරේරා  ඕවර 7 ක් තුළදී ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශී‍්‍ර ලංකා පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

තිසර සහ ජීවන් අතර පැවැති මෙම සම්බන්ධතාව ලෝක කුසලාන තරගාවලියකදී ශී‍්‍ර ලංකා පිතිකරුවන් දෙදෙනකු හත්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ හොඳම සම්බන්ධතාව ලෙසද වාර්තා පොතට එක්විය.

අලංකාර හතරේ පහරකින් තරගය නිම කළ තිසර පෙරේරා, පන්දු 26 කදී ලකුණු 47 ක් ලබාගත්තේ හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් ශී‍්‍ර ලංකා නරඹන්නන් පිනවමිනි. තිසර පෙරේරා හයේ හතරේ පහර වලින් ලකුණු ලබාගනිද්දී ජීවන් මෙන්ඩිස් තනි ලකුණු ලබාගනිමින් පෙරේරාට විශිෂ්ට සහයෝගයක් දුන්නේය.

ශී‍්‍ර ලංකා පිලේ මුල් කඩුලූ 4 ම ලකුණු 51 දී ඇද වැටුණු අතර මහේල ජයවර්ධන සහ නායක ඇන්ජලෝ මැතිව්ස් එක්ව 40 වැනි  ඕවරය වන විට මුළු ලකුණු සංඛ්‍යාව 175 දක්වා තල්ලූ කර තිබිණ. එහෙත් මැතිව්ස් ලකුණු 44 දී දුවද්දී දැවී යාමත් මහේල ලකුණු 100 දී දැවී යාමත් නිසා ශී‍්‍ර ලංකා පිල අමාරුවේ වැටුණද ජීවන් සහ තිසර සිදුවූ හානිය පිළිසකර කළහ.   

පන්දු 118 කදී සිය 19 වැනි එක්දින අන්තර්ජාතික ශතකය ලබාගත් මහේල ජයවර්ධනගේ පරිණත ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම  ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී ලකුණු 232 ක් ලබාගත්තේය. ඊට පිළිතුරු සෙවීම ආරම්භ කළ ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් වන ළහිරු තිරිමාන්න සහ තිලකරත්න ඩිල්ෂාන් දෙදෙනාම මුහුණ දුන් පළමු පන්දුවලදීම දැවී ගියහ.

තුන්වැනි කඩුල්ල ලකුණු 18 දී බි වැටුණු අතර මහේල ජයවර්ධන සහ දිමුත් කරුණාරත්න එක්ව මුළු ලකුණු සංඛ්‍යාව ඇදගෙන යා හැකිවූයේ ලකුණු 51 දක්වා පමණි. පිට ඉන්නෙන් ඉවත ගිය පන්දුවකට පිත්ත දැමූ දිමුත් කරුණාරත්න ගලීහි සිටි නව්රොස් මංගල් රැුකගත් උඩපන්දුවක් නිසා ලකුණු 23 දී කඩුල්ල හැර ගියේය.

ඉනිමේ පළමු පන්දුවේදීම තිරිමාන්න කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ අතර තුන්වැනි විනිසුරුවරයාගේ සහාය ඉල්ලා සිටීමට පිතිකරුවා සූදානම් වූ නමුත් පන්දු යවන්නාගේ අන්තයේ සිටි තිලකරත්න ඩිල්ෂාන්ගේ උපදෙස් මත තිරිමාන්න නිශ්ශබ්දවම කී‍්‍රඩාගාරයට ගියේය. ඩිල්ෂාන් මුහුණ දුන් එකම පන්දුවේදී කඩුලූ රකින්නාට උඩපන්දුවක් ලැබුණි.

පිටියට පැමිණි මොහොතේ සිටම මහත් අවදානම් ලෙසින් පන්දුවට මුහුණ දුන් කුමාර් සංගක්කාර මුහුණ දුන්නේ පන්දු 13 කට පමණි. වතාවක් දිවීමට ගොස් දැවී යාමකින් අනූ නවයෙන් බේරුණු සංගක්කාරට අද මහත් අසුබ දවසක් වූයේ හමීඞ් හසන්ගේ පළමු  ඕවරයේදීම  ඔහුට ලැබුණු පන්දුව වේග පන්දු යවන්නකුගෙන් කළාතුරෙකින් දක්නට ලැබෙන්නක් වූ බැවිනි.

ඇෆ්ඝන් ඉනිමේ 40 වැනි  ඕවරය නිමා වන විට කඩුලූ 6 ක් දැවී ලකුණු 179 ක් ලබා සිටි ඇෆ්ඝනිස්තානු පිල ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් හමුවේ අභීත ගමනක නිරතවෙමින් අවසන්  ඕවර 9.4 දී ලකුණු 53 ක් ලබාගත්තේය.

ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් ඉතාමත් සාර්ථක පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් සිය   ඕවර 10 දී ඇෆ්ඝන් පිතිකරුවන් ලකුණු 36 කට සීමා කළේය. ලක්මාල්ගේ අවසන්  ඕවරයේදී පිතිකරුවාගේ පිත්තේ දාරයේ වැදී කුමාර් සංගක්කාරගේ හිසට බොහෝ ඉහළින් ගිය හයේ පහරක්ද සමගින් ලකුණු 10 ක් ඇෆ්ඝනිස්ථානු පිලට හිමිවී තිබියදීත් ඔහුගේ පන්දු යැවීම ඉතාමත් ඉහළ මට්ටමක පැවතිණ.

30 වැනි  ඕවරය නිමා වන විට කඩුලූ 3 කට ලකුණු 140 ක් ලබා සිටි ඇෆ්ඝනිස්තානු පිලේ අස්ගර් ස්ටැනික්සායි (54) සහ සමිඋල්ලා ෂින්වාරි (38) දවාගැනීමත් සමගම ලකුණු ගලා ඒම තරමක් මන්දගාමී විය. පිතිකරු ප‍්‍රහාර  ඕවර 5 දී ඇෆ්ඝන් පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 10 ක් නමුත් ඒ අතරවාරයේදී කඩුලූ 2 ක් බිඳ වැටිණ.

දෙවැනි කඩුල්ල ලකුණු 40 දී බිඳ වැටුණු නමුත් තුන්වැනි කඩුල්ල සඳහා එක්වූ අස්ගර් ස්ටැනික්සායි සහ සමිඋල්ලා ෂින්වාරි තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 88 ක් එක්කරමින් තම පිල ඉදිරියට ගෙන ගියහ. දෙදෙනාගේ  සම්බන්ධතාව වෙනුවෙන් වැයවී තිබුණේ පන්දු 105 ක් පමණි.

ෂින්වාරි ලකුණු 25 ක් ලබාසිටියදී රංගන හේරත් යැවූ පන්දුවක් පා ආවරණයේ වැදීමෙක් කළ ඉල්ලීම විනිසුරු කි‍්‍රස් ගැෆනි මහතා විසින් ප‍්‍රතික්ෂේප කරන ලදි. සෙසු කී‍්‍රඩකයන් හා මඳක් සාකච්ඡුා කළ මැතිව්ස් තුන්වැනි විනිසුරුවරයාගේ සහාය ඉල්ලා සිටියේය.

මැද ඉන්න එල්ලයේ පතිත වු පන්දුව පිතිකරුවාගේ පා ඉන්නේ වදින නමුත් මිලි මීටරයක හෝ දෙකක වෙනසින් පන්දුවේ අඩකට වැඩි ප‍්‍රමාණයක් පා ඉන්නෙන් ඉවත විය. විනිසුරුවරයාගේ තීරණය වෙනස් වීමට නම් පන්දුවෙන් අඩකට වඩා වැඩි ප‍්‍රමාණයක් පිට ඉන්නේ  හෝ පා ඉන්නේ ඇතුළත කොටසේ වැදිය යුතුය.

මෙම තීරණයත් සමග ශී‍්‍ර ලංකා පිල සතුව තිබූ ‘විතීවි’ අවස්ථා අවසන් වූ නමුත්  ඕවර දෙකකට පසුව හේරත් පන්දු යැවූ අන්තය මාරු කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම ස්ටැනික්සායි පිටියෙන් ඉවත් කරගත්තේය. හේරත්ගේ පන්දුවට ස්ටැනික්සායි ගැසූ පහරකින් ගුවනේ ඉහළට ඇදී ගිය පන්දුව ලෝන්  ඕන් ස්ථානයේ සිටි ජීවන් මෙන්ඩිස් විසින් රැුකගන්නා විට ස්ටැන්කසායි පන්දු 57 කදී ලකුණු 54 ක් රැස්කර තිබිණ.

කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර දින කිහිපයක් තිස්සේම ඩනෙඩින් නුවර තිබුණු පැහැපත් කාලගුණය වෙනුවට ඊයේ රාති‍්‍රයේ සිට මඳ වැස්සක් පතිත විය. අලූයම වන විට වර්ෂාව නැවතී තිබිණ. එහෙත් වැසිබර වළාකුළු වලින් අහස් කුස පිරී තිබූ අතර පරිසර උෂ්ණත්වයද ශී‍්‍ර ලාංකිකයන්ගේ සිරුරු හකුළුවා දමන තරමේ වූ සෙල්සියස් අංශක 16 ආසන්නයේ පැවතිණ.

ඩනෙඩින් නුවර විශ්ව විද්‍යාලයට අයත් කුඩා නමුත් ඉතාමත් අලංකාර කී‍්‍රඩාංගණයක් වන මෙම කී‍්‍රඩාංගණයේ තරගයක් නැරඹිය හැක්කේ නරඹන්නන් 5100 කට පමණි. මෙම තරගය නැරඹීම සඳහා 2000 කට ආසන්න පිරිසක් පැමිණ සිටින අතර ඔවුන්ගෙන් වැඩිදෙනකු ශී‍්‍ර ලාංකිකයෝ වෙති.  

නවසීලන්ත කණ්ඩායම සහභාගි වන තරගයක් නොවූ හෙයින් කී‍්‍රඩාංගණයේ පැවැතියේ තරමක නිහැඩියාවකි. එහෙත් ‘සුරංගනීට මාළු ගෙනාවා’ ඇතුළු සිංහල ගීතද වරින් වර ඇසෙන්නට විය. අවසානයේදී ඔව්හු කදිද තරගයක් නැරඹූහ.

ලකුණු පුවරුව

තරගයේ නවතම තත්වය

තරගයේ විශේෂ අවස්ථා...
(ඒ.එෆ්.පී. අනුග‍්‍රහයෙනි)


අදහස් (2)

මහේල - මැතිව්ස් - තිසර ශී‍්‍ර ලංකාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.