Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිටියේ ප්‍රධානතම පාසල් දෙකක් වන කොළඹ නාලන්දා විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර වාර්ෂික ක්‍රිකට් තරගය එම විදුහල් දෙකෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන් ඇගයීමක් ලෙස ‘මහේල - සංගා අභියෝග කුසලාන’ ලෙස නම් කිරීමට පියවර ගෙන තිබේ.
මහේල සහ සංගක්කාර යන දෙපළ ශ්‍රී ලංකා සහ ලෝක ක්‍රිකට් පිටියට ක්‍රීඩා කළ කාලයේ මෙන්ම ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ද ලබාදුන් ආදර්ශය අනාගත පරපුරට උකහාගැනීම සඳහා එම කුසලානයට 'Sprit of cricket legacy for future generation' ලෙස පාඨයක් ද එකතු කර තිබේ.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙපළගේ සහභාගිත්වයෙන් එම කුසලාන නම් කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්විණි. එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහේල ජයවර්ධන මහතා පැවසුවේ තමන්ගේ සහ තම ක්‍රිකට් සගයාගේ නමින් අභියෝග කුසලානයක් නම් කිරීම පිළිබඳව වඩාත් සතුටු වන බවයි.
“මම සෑම විටම අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට සහයෝගය දෙන්න ඉදිරිපත් වෙනවා. අපිට ඕන හොඳ ක්‍රීඩකයන්ගෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන එන්නයි”
“අපි දෙන්නගේ නමින් මෙම කුසලාන නම් කිරීම මට සහ ඔහුට විශාල ගෞරවනීය අවස්ථාවක්” යැයි මහේල ජයවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.
කුමාර් සංගක්කාර මහතා මෙහිදී පැවසුවේ පුද්ගලයකුගේ තත්ත්වය මැනිය හැක්කේ ඔහු රැස්කර තිබෙන ලකුණු හෝ දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාවෙන් නොව සදාචාරය, හික්මීම සහ වගවීම වැනි සුවිශේෂි කරුණු පිළිබඳව අවධානය යොමු කර බවයි.
“මෙය අපි දෙන්නටම සුවිශේෂි අවස්ථාවක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තාට පසුව වසර ගාණක් ගියාම එහෙන් මෙහෙන් නම් අමතක වෙලා යනවා. ඒ නිසා මේ තරගය අපේ නමින් නම් කිරීම ලොකු සතුටක්”
“ඒ වගේම කිසිඳු බේදයකින් තොරව ක්‍රීඩා කරන කණ්ඩායමකට දැන් ඉතිරි වෙලා තියෙන්නේ පාසල් කණ්ඩායම් පමණයි. ජාත්‍යන්තරයට යන විට පාසලෙන් ගෙන යන සහයෝගය වැනි දේවල් නැතුව යන තත්ත්වයක් තිබෙනවා”
“අපි දෙන්නා ලොකු පිනක් කරලා තියෙනවා කුඩා කාලයේ සිට මේ වගේ පාසල් දෙකකට ඇතුළත් වෙලා ජීවිතය සාර්ථක කරන්න ගන්න ලැබීමෙන්” යැයි සංගක්කාර වැඩි දුරටත් පැවසීය.
මෙවර මෙම තරගය කොළඹ නාලන්දා විදුහල් ආදි ශිෂ්‍ය 88 කණ්ඩායම එම විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ සහ ආදි නාලන්දා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ සහයෝගය ඇතිව සංවිධානය කරයි.
මෙම මාධ්‍ය හමුවට නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වස්තුහේවා, ත්‍රිත්ව විදුහලේ සම නියෝජ්‍ය විදුහල්පති ආනන්ද මාරසිංහ, නාලන්දා විදුහල් ආදි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ සභාපති උපුල් ගමගේ, නාලන්දා විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති සංජීව පෙරේරා, නාලන්දා විදුහල් ආදි ශිෂ්‍ය 88 කණ්ඩායමේ සභාපති ජනක පෙරියප්පෙරුම සහ ත්‍රිත්ව විදුහල් ක්‍රිකට් පදනමේ සභාපති නිලන්ත රත්නායක යන මහත්වරු ද සහභාගි වූහ.
නාලන්දා විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර වයස 19 න් පහළ ක්‍රිකට් තරගය 1978 වසරේ සිට වසර 40 කට අධික කාලයක් පවත්වා ඇති අතර මෙවර එම තරගය ‘මහේල - සංගා අභියෝග කුසලාන’ සඳහා කොළඹ නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී මේ මස 28 සහ 29 දෙදින පැවැත්වේ.
ඡායාරූපය: ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.