Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (11 වැනිදා) කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 154 කට සීමා කිරීමට මාක් වුඞ් සහ මුයින් අලී ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 19 ක් ලබා සිටියේය. ඒ වන විට එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන රෝරි බර්න්ස් ලකුණු 10 ක්ද, කීටන් ජෙනින්ස් ලකුණු 8 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
මුලු ලකුණු සංඛ්‍යාව 57 ක් වන විට පිට පිටම යවන ලද පන්දු දෙකකදී කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ක්‍රෙග් බ්‍රැත්වේට් (12) සහ ජෝන් කැම්බල් (41) පිටියෙන් ඉවත් කිරීමට මුයින් අලී සමත් විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ මාක් වුඞ් ලකුණු 22 ක් තුළ කඩුලු 4 බිඳ දමමින් කොදෙව් කණ්ඩායමේ මැද පෙළ සුනුවිසුණු කර දැමුවේය.
යම් තරමක් හෝ සාර්ථක වූ ෂේන් ඩොව්රිච් හතරේ පහර 6 ක් සමග ලකුණු 38 ක් ලබා සිටියදී ස්ටුවට් බ්‍රෝඞ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් පිටියෙන් ඉවත්ව ගියේය. ඔහුගේ දැවී යෑමෙන් පසුව යළිත් ක්‍රියාත්මක වූ මුයින් අලී සහ මාර්ක් වුඞ්, සෙසු කඩුලු 3 ද බිඳහෙළමින් කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 154 කට සීමා කළේය.
පළමු දිනය වූ ඊයේ (10 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 231 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිම සඳහා අලුතින් එක්කර ගත හැකි වූයේ ලකුණු 46 ක් පමණි. එහිදී එංගලන්ත පළමු ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ජොස් බට්ලර් (67) සහ බෙන් ස්ටෝක්ස් (79) සමග එක්ව ගොඩනගා තිබූ සම්බන්ධතාව ලකුණු 125 කට සීමා කිරීමට ශැනන් ගේබි්‍රයල් සමත් විය.
පන්දු 175 කට මුහුණදුන් ස්ටෝක්ස් හතරේ පහර 8 කිස් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 127 කදී වාර්තා වූ බට්ලර්ගේ අර්ධ ශතකයට හතරේ පහර 9 ක් ඇතුළත් විය. ඔවුන්ගේ දැවීයාමෙන් අනතුරුව පන්දුවට පහරදීම සඳහා පැමිණි කිසිදු පිතිකරුවකුට පිටියේ සාර්ථක වීමට කොදෙව් පන්දු යවන්නෝ ඉඩක් නොදුන්හ.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ කේමර් රෝච් ලකුණු 48 කට කඩුලු 4 ක් දවාගත් අතර ශැනන් ගේබි්‍රයල්, කීමෝ පෝල් සහ අල්සාරී ජෝෂප් කඩුලු 2 බැගින් දවාගනිමින් එංගලන්ත පිතිකරුවන් අසරණ කිරීම සඳහා රෝච්ට අනගි සහායක් දුන්හ.
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 277
(රෝරී බර්න්ස් 29, ජෝ ඩෙන්ලි 20, ජොස් බට්ලර් 67, බෙන් ස්ටෝක්ස් 79, කේමර් රෝච් 48/4, ශැනන් ගේබි්‍රයල් 49/2, කීමෝ පෝල් 58/2, අල්සාරී ජෝෂප් 61/2)
කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 154
(ජෝන් කැම්බල් 41, ෂේන් ඩොව්රිච් 38, මාක් වුඞ් 41/5, මුයින් අලී 36/4)
එංගලන්ත දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 19
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.