Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාලිංග සමුගැනීම නිවේදනය කරයි

මාලිංග සමුගැනීම නිවේදනය කරයි

ශනුක අරවින්ද - 2019 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එක්දින තරග බිමෙන්ද, ලබන වසරේ (2020) පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව විස්සයි20 තරග බිමෙන්ද සමුගැනීමට තමා තීරණය කළ බව ශ්‍රී ලංකා සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි.

එක්දින ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ මැයි මස 30 වැනිදා සිට ජූලි 14 වැනිදා දක්වා එංගලන්තයේදී පැවැත්වේ. විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ ඔක්තෝබර් මාසයේ ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වීමට නියමිතය.

දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ (22 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 අන්තර්ජාතික ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16 කින් පරාජයට පත්වීමෙන් අනතුරුව මාලිංග මෙසේ සිය සමුගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

“මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් අනුරුව මම එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නවා. නමුත් මම 2020 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය දක්වා විස්සයි20 තරගවලට සහභාගි වෙනවා.” යැයි මාලිංග එහිදී කියා සිටියේය.

සිය 97 වැනි විස්සයි20 කඩුල්ල ලෙස ඊයේ පැවැති තරගයේදී රීසා හෙන්ඩි්‍රක්ස් දවාගත් මාලිංග, මේ වන විට වි-20 අන්තර්ජාතික කඩුලු ලාභීන් අතර දෙවැනි වන්නේ පාකිස්තානයේ සහීඞ් අෆ්රිඩිට පමණි. අෆ්රිඩි කඩුලු 98 ක් දවාගනිමින් ජාත්‍යන්තර විස්සයි20 තරගවලදී වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි.

මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 218 කට සභාගිවී ඇති 35 හැවිරිදි මාලිංග, එහිදී කඩුලු 322 ක් බිඳහෙළා තිබේ. විස්සයි20 තරග 72 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 97 කි.

පසුගිය ජනවාරි මාසයේ පැවැති නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ නායකත්වයට පත්වීමෙන් අනතුරුව සහභාගි වූ එක්දින තරග 8 දී ඕවර 69 ක් යවමින් ලකුණු 420 ක් දුන් මාලිංග දවාගෙන ඇත්තේ කඩුලු 11 කි. කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය ලකුණු 52.50 කි.

නවසීලන්ත සංචාරයේ සිට විස්සයි20 තරග 3 ක ඕවර 13 කදී ලකුණු 75 ක් පිරිනමා ඇති මාලිංග කඩුලු 5 ක් දවාගෙන තිබේ. මෙම තරග 11 දීම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය.

-036

 


අදහස් (0)

මාලිංග සමුගැනීම නිවේදනය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.