Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාලිංගගේ නිපන්දුව නිදැල්ලේ යයි

මාලිංගගේ නිපන්දුව නිදැල්ලේ යයි

Nisanka Sandeepani - 2019 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලසිත් මාලිංග ඉතාම පැහැදිලිව සීමාව පැන්න නමුත් විනිසුරුවරයාගේ නෙතට එය හසු නොවීය. ලකුණු 188 ක් හඹා ගිය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු 181 කට සීමා විය. 

නිපන්දුවකට නිදහස් පහරක් මෙන්ම අතිරේක ලකුණක් සමග අතිරේක පන්දුවක්ද හිමිවෙයි. ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවේදී අවශ්‍ය වූයේ ලකුණු 7 ක් වූවද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 6 ක ජයක් ලබාගත්තේය.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැති තරගය ජය ගැනීම සඳහා බැංග්ලෝර් පිතිකරුවන්ට ලසිත් මාලිංග යැවූ අවසන් ඕවරයේදී ලකුණු 17 ක් රැස්කිරීමට තිබූ නමුත් ඔවුන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. මෙම තරගයේදී ප්‍රතිවාදීන්ට ලකුණු 47 ක් ලබාදුන් මාලිංගට කඩුලු දවාගැනීමට නොහැකි වූ නමුත් අවස්ථා දෙකකදී බැංගලෝර් පිතිකරුවන් දුන් උඩ පන්දු මුම්බායි පන්දු රකින්නන් අතින් ගිළිහී ගියේය.

බැංගලෝර් පිල වෙනුවෙන් නොදැවී ලකුණු 70 ක් ලබාගත් ඒ.බී.ඩිවිලියර්ස් පිටියේ සිටියදී විනිසුරුවරයාගේ අත්වැරැද්දකින් සිදුවූ පාඩුව ගණනය කළ නොහැකි තරම් විය. 

අවසන් ඕවරය යැවූ ලසිත් මාලිංගගේ පළමු පන්දුවෙන්ම ලකුණු 6 ක් ලබාගත් බැංගලෝර් පිතිකරුවෝ ඉතිරි පන්දු හතරට ලකුණක් බැගින් ලබාගත්හ. මාලිංගගේ අවසන් පන්දුව නිපන්දුවක් වුවද එය විනිසුරුවරයාගේ ඇසට හසු නොවූයෙන් අවසන් ඕවරයේදී ලකුණු 17 ක් අවශ්‍යව සිටි බැංගලෝර් පිලට ලබාගත හැකිවූයේ ලකුණු 10 ක් පමණි. 

විනිසුරුවරයාගේ අත්වැරදීම නිසා බැංගලෝර් නායක විරාට් කෝලිගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් තිබිණ. 

“අපි මෙ ගහන්නේ අයි.පී.එල්.....ක්ලබ් (අන්තර් ක්‍රීඩා සමාජ) ක්‍රිකට් නොමෙයි. ඒක නම් මහ විහිළුවක්.....ඒක අවසන් පන්දුව. විනිසුරුවරුන් මීට වඩා ඇස් ඇරගෙන ඉන්න ඕනේ. අඟලකට එහා ගිය නිපන්දුවක්..මේක (පන්දු යැවීම) සීමාව සම්බන්ධ ක්‍රීඩාවක් නම් මට තේරෙන්නේ නෑ මොකක්ද වෙන්නේ කියලා. ඔවුන් මීට වඩා ” යයි විරාට් කෝලි පැවසීය. 

මෙම අතපසුවීමේ චෝදනාව බාරගත යුත්තේ පිටියේ ප්‍රධාන විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ සුන්දරම් රවී මහතාය. තරගයේ ජයග්‍රාහකයන් වූ මුම්බායි පිලේ නායක රෝහිත් ෂර්මා කීවේ එවැනි අතපසුවීම් ක්‍රීඩාවේ අනාගතයට හොඳ මදි බවයි. 

“මේ වගේ තීරණයක් නිසා තරගයක් පරදින්න පුළුවන්. ඒ නිසාම තරගාවලියම පරදින්නත් පුළුවන්.......තරගාවලියක් දිනන්න අපි බොහෝ වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්නේ. ඒ නිසා මේ වගේ අත්වැරදීම් අනුමත කරන්න බෑ” යයිද රෝහිත් ෂර්මා පැවසීය. 

මෙම තරගයේදී විරාට් කෝලි අයි.පී.එල්. ලකුණු 5000 සීමාව පසුකර ගියේය. එහි පළමු වැන්නා වූ සුරේෂ් රයිනාට වඩා අඩු තරග සංඛ්‍යාවකින් කෝලි ලකුණු 5000 පසුකළේය. අයි.පී.එල්. තරග ඉතිහාසයේ ලකුණු 4000 කඩයිම පසුකළ 10 වැන්නා මෙන්ම තුන්වැනි විදේශීය ක්‍රීඩකයා වීමට ඒ.බී. ඩිවිලියර්ස් සමත් වූවේය. එය ඔහුගේ 28 වැනි අයි.පී.එල්. අර්ධ ශතකය විය. 

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 187
(ක්වින්ටින් ඩි’කොක් 23, රෝහිත් ශර්මා 48, සූර්යකුමාර් යාදව් 38, යුවරාජ් සිං 23, හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 32, යුස්වේන්ද්‍ර චාහල් 38/4, යුමේෂ් යාදව් 26/2, මොහොමඩ් සිරාජ් 38/2)

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 181
(පාර්තිව් පටේල් 31, විරාට් කෝලි 46, ඒ.බී. ඩිවිලියස් නොදැවී 76, ජස්ප්‍රීට් බුම්රා 20/3)


අදහස් (0)

මාලිංගගේ නිපන්දුව නිදැල්ලේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.