Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මීර්පූර්හිදී අද (17) පැවැති පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 5 ක තියුණු ජයක් ලැබීය.
ජයග‍්‍රහණය සදහා ලකුණු 154 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිලට ඕවර 20 දී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 148 ක් පමණි.
ලසිත් මාලිංග යැවූ අවසන් ඕවරයට ලකුණු 14 ක් ලබාගත යුතුව තිබූ අතර තෙවැනි, පස්වැනි සහ හයවැනි පන්දුවල කඩුලූ වැටීමෙන් ඉන්දීය පිලට ඉලක්කය සම්පූර්ණ කිරීමට නොහැකි විය.
යුවරාජ් සිං පන්දු 28 කදී හතරේ සහ හයේ පහර දෙක බැගින් ලබාගනිමින් ලකුණු 33 ක් රැුස් කළද නුවන් කුලසේකර හමුවේ දැවී යෑමෙන් ඉන්දීය ඉනිම ඇද වැටුණි. ලසිත් මාලිංග (30/4) සහ නුවන් කුලසේකර (37/2) කඩුලූ එකතුව කඩුලූ හයක් දවා ගැනීමට සමත් වූහ.
පන්දු යැවූ සචිත‍්‍ර සේනානායක වෙතට උඩ පන්දුවක් දෙමින් සිවුවැනි කඩුල්ල ලෙස අජින්යා රහනේ ලකුණු නොලබා දැවී ගියේය.
සුරේෂ් රයිනා පන්දු 31 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 41 ක් ලබා සිටියදී අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. ඉන්දීය ආරම්භක පිතිකරුවන් වන ශීකර් දාවන් (02) සහ රෝහිත් ශර්මා (04) අසාර්ථක වූහ.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 153 ක් රැස් කළේය.
නුවන් කුලසේකර (නොදැවී 21) සහ තිසර පෙරේරා (නොදැවී 18) අවසන් පන්දු 18 ට ලකුණු 34 ක් රැස්කරමින් ලකුණු 153 ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ.
නුවන් කුලසේකර පන්දු 14 කදී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 21 ක් ද, තිසර පෙරේරා පන්දු 11 කදී ලකුණු 18 ක් ද, රැස් කළහ.
ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මහේල ජයවර්ධන පන්දු 20 කදී හතරේ සහ හයේ පහර දෙක බැගින් අන්තර්ගත කරමින් ලකුණු 30 ක් රැස් කළේය. නායක දිනේෂ් චන්දිමාල් පන්දු 25 කදී ලකුණු 29 ක් රැස් කිරීමට සමත් විය.
ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළ අතර යොවුන් ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පන්දු 15 කදී ලකුණු 21 ක් රැස්කර සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.