Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ විස්සයි:20 පන්දු යවන්නන් අතර තමන් තවමත් ඉදිරි පෙළේම සිටින බව සනාථ කළ ලසිත් මාලිංග අවසන් ඕවරයේදී ආරක්‍ෂා කරගත යුතුව තිබූ ලකුණු 15 සාර්ථකව රැුකගනිමින් බංග්ලාදේශයේ චිතගොන් නුවරදී අද (22 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 5 ක ජයක් කරා ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියේය.
ලකුණු 166 ක ඉලක්කයක් කරා ගිය දකුණු අපි‍්‍රකානු පිලට ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 160 ක් පමණි. ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 දී කඩුලූ 7 ක් දැවී ලකුණු 165 ක් ලබාගත්තේය.
පළමු පන්දුවේ සිටම පිතිකරුවන් පාලනය කළ ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් නිසි ඉලක්කයට පන්දු යැවීම නිසා 8 වැනි ඕවරය නිමාවේදී දකුණු අපි‍්‍රකානුවන් ලබා සිටියේ ලකුණු 47 ක් පමණි. එසේ වුවත් 9 වැනි සහ 10 වැනි ඕවර වලදී ලකුණු 28 ක් එක් කළ ජේ. පී. ඩුමිනි සහ හසිම් අම්ලා දකුණු අපි‍්‍රකානු පිල තරගයට කැඳවාගෙන ආහ.
අලංකාරයත් කුතුහලයත් කදිමට මුසුකළ කුසල් ජනිත්ගේ ප‍්‍රවේගකාරී පිතිහරඹයත් පිටියේ පරතරයන් තෝරාගනිමින් ඇන්ජලෝ මැතිව්ස් කල් යල් බලා කළ ලකුණු ලබාගැනීමත් නිසා ශී‍්‍ර ලංකා පිල සාර්ථකව ලකුණු 165 ක් කරා ගියේය.
නිසි ඉලක්කයට පන්දු යැවීම සඳහා ලෝ පුරා කීර්තිනාමයක් උසුළන දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන් හමුවේ කුසල් ගැසූ හතරේ සහ හයේ පහර නරඹන්නන් අමන්දානන්දයට පත්කළා පමණක් නොව දකුණු අපි‍්‍රකානුවන් මෙන්ම මාධ්‍ය කුටියේ සිටි එංගලන්ත ජාතිකයන් අන්ද මන්ද කිරීමටද සමත් විය. විදෙස් මාධ්‍යවේදීන් විසින් කුසල් හඳුන්වනු ලබන්නේ සනත් ජයසුරියගේ පිටපතක් ලෙසිනි.
පන්දු 40 කට මුහුණ දුන් කුසල් පෙරේරා හතරේ පහර 6 කින් සහ මිඞ් විකට් කලාපයට ඉහළින් පියාඹා ගිය හයේ පහර 3 කින් සිය ඉනිම සැරසීය.
අංක 5 පිතිකරුවා වශයෙන් පිටියට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට සේවයක් කරමින් පන්දු 32 කදී ලකුණු 43 ක් ලබාගත්තේ පන්දුව සිවු වතාවක්ම හතරේ සීමාවෙන් එපිටට යවමිනි. ඉන් එකක් හයේ පහරක් විය.
කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර මුල්ම ඕවරය යැවූ ඬේල් ස්ටෙයින්ගෙන් කුසල් ජනිත් ලකුණු 17 ක් උදුරා ගත්තේ පිට පිටම ගැසූ අලංකාර හතරේ පහර දෙකක් සහ දැවැන්ත හයේ පහරකින් ඔහුට සංග‍්‍රහ කරමිනි. කෙසේ වෙතත් එම ඕවරයේදී තිලකරත්න ඩිල්ෂාන් පිටියෙන් ඉවත් කිරීමට ස්ටෙයින්ට හැකිවිය.
ස්ටෙයින් එතරම් දැනෙන ලෙස පිටියේදී සතුට පළ කරන්නෙක් නොවේ. ඇතැම් විට තමන් මුහුණ දුන් ප‍්‍රහාරයද ඊට හේතු වන්නට ඇත. එසේ වුවත් කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල් සහ කුසල් පෙරේරා දවාගැනීමෙන් පසුව ඉම්රාන් තහීර් උද්දාමයට පත්වූ ආකාරය පිළිබඳව ඇතැම්හු මවිතය පළ කළහ.
මහේල සහ සංගක්කාර දෙදෙනාම ලකුණු 9 කට සහ 14 කට දැවී ගිය නමුත් ශී‍්‍ර ලංකා කණ්ඩායම නොසැලී ඉදිරියට ගියේ ලකුණු වේගය පවත්වාගනිමිනි. දකුණු අපි‍්‍රකානු පිලේ නිත්‍ය නායක ෆෆ් ඩු ප්ලෙසී මෙම තරගය සඳහා කී‍්‍රඩා නොකළ අතර ඒ. බී. ඩිවිලියර්ස් කණ්ඩායමේ නායකත්වය දැරීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.