Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාලිංග යළිත් වි:20 පන්දු යවන්නන් අතර මුල් තැනට

මාලිංග යළිත් වි:20 පන්දු යවන්නන් අතර මුල් තැනට

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A

 

දකුණු අපි‍්‍රකාවට එරෙහිව චිතගොන් නුවරදී පැවැති ලෝක කුසලාන තරගයේදී ක්වින්ටින් ඩි කොක් දවාගත් ලසිත් මාලිංග මේ වනවිට විස්සයි:20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලූ දවාගත් පන්දු යවන්නන් අතර නැවත වතාවක් මුල්තැන ගත්තේය. එය ඔහුගේ 34 වැනි වි:20 අන්තර්ජාතික කඩුල්ලයි.

විස්සයි:20 අන්තර්ජාතික තරග වලදී මේ දක්වා කඩුලූ 30 සීමාව පසුකර යාමට සමත්ව ඇත්තේ පන්දු යවන්නන් පස් දෙනකු පමණි. ඒ අතර ලසිත් මාලිංග මෙන්ම අජන්ත මෙන්ඩිස්ද සිටිති.

කෙසේ වෙතත් මෙම කඩුලූ 30 සීමාව පසුකර ගිය පන්දු යවන්නන් පස්දෙනාම මෙවර වි:20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන අතර මෙම තරගාවලිය තුළදී වැඩිම කඩුලූ දවාගන්නා පන්දු යවන්නා කිහිප අවස්ථාවකදීම වෙනස් වීමට නියමිතය.

 

විස්සයි:20 අන්තර්ජාතික තරග වලදී කඩුලූ 30 සීමාව ඉක්මවා ගිය පන්දු යවන්නෝ

  තරග ඕවර ලකුණු කඩුලු හො.ප.යැ. සාමාන්‍යය
ලසිත් මාලිංග  26 88.4 682 34 31/5 20.05
සයීඩ් අජ්මල් 20 78.2 513 33 19/4 15.54
අජන්ත මෙන්ඩිස් 19 72.0 462 32 8/6 14.43
සහීඩ් අෆ්රීඩි 27 107.0 714 31 11/4 23.03
උමාර් ගුල් 21 72.4 516 30 6/5 17.20

අදහස් (6)

මාලිංග යළිත් වි:20 පන්දු යවන්නන් අතර මුල් තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.