Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාලිංගගෙන් ලකුණු ගන්න විදිය බොපාරා කියාදෙයි

මාලිංගගෙන් ලකුණු ගන්න විදිය බොපාරා කියාදෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 15 Comment
A A A

ලසිත් මාලිංග හමුවේ ලකුණු ලබාගැනීමට තිබෙන හොඳම ක‍්‍රමය ඔහුගේ පන්දුවේ වේගය ප‍්‍රයෝජනයට ගනිමින් පන්දුව කඩුල්ලෙන් පිටුපස කලාපයට හරවා යැවීම බව එංගලන්ත තුන් ඉරියව් කී‍්‍රඩක රවී බොපාරා පවසයි. ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර බංග්ලාදේශයේ චිතගොන් නුවරදී පැවැත්වීමට නියමිත ලෝක කුසලන තරගයට පෙර, අද (26 වැනිදා) සවස පැවැති පුවත් පත් සාකච්ඡුාවේදී බොපාරා මෙසේ පැවසීය.
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ලෝක කුසලන තරගය හෙට (27 වැනිදා) බංග්ලාදේශයේ චිතගොන් නුවරදී පැවැත්වීමට නියමිතය.

”මාලිංග වගේ පන්දු යවන්නෙකුට පිට්ටනියෙන් එළියට යන්න ගහන එක ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි ඔහු ලෝකයේම සිටින විශිෂ්ටතම පන්දු යවන්නෙක් වෙලා ඉන්නේ...”

”මා හිතන්නේ ඔහුට මුහුණ දෙන්න තිබෙන හොඳම ක‍්‍රමය පන්දුව කඩුල්ලෙන් පිටුපසට හරවා යැවීමයි. නැතිනම් පොයින්ට් කලාපයෙන් ලකුණු ලබාගැනීමයි”

”ඔහුට ඉතාමත් හොඳ ‘මඳ වේගී’ පන්දුවක්ද තිබෙනවා. ඒ වගේම ඔහු පන්දුව දෝලනය කරනවා. මා නම් උත්සාහ කරන්නේ පන්දුව හරවා යවන්නයි” යයි මෙම මාධ්‍ය හමුවේදී රවී බොපාරා පැවසීය.

එංගලන්ත විස්සයි:20 කණ්ඩායමට ප‍්‍රහාරාත්මක පිතිකරුවන් කිහිප දෙනකුම අයත් වන අතර ඔවුන්ගේ ප‍්‍රධානතම ඉලක්කය වන්නේ ශී‍්‍ර ලංකා පිලේ අංක 1 වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ප‍්‍රහාරයට ලක් කිරීමෙන් සෙසු පන්දු යවන්නන්ද අධෛර්යට පත්කිරීමයි.

”මේ කණ්ඩායම පසුගිය තරග කිහිපයේදීම ඉතාමත් හොඳ දස්කම් දක්වලා තියෙනවා. අපේ හැකියාවන් දිනෙන් දින වර්ධනය වෙනවා. ඒත් එදා තරගය (නවසීලන්තයට එරෙහිව) පරාජය වීම නම් මහ අවාසනාවාක්” යයිද හෙතෙම පැවසීය.

රාති‍්‍රයේ පැවැත්වෙන තරග වලදී ඇතිවන පින්න පන්දු යවන කණ්ඩායමට මහත් කරදරකාරී බවට පත්ව ඇතත් එංගලන්ත කී‍්‍රඩකයන් ඒ පිළිබඳව වැඩි කලබලයක් නැත.

”අපේ කී‍්‍රඩකයන් වැඩි දෙනෙක් මෙම ඉන්දීය උප මහාද්වීපයේ රටවල කී‍්‍රඩා කරලා තියෙවා. මේ තියෙන පින්න අපට ඒ තරම් ප‍්‍රශ්නයක් නොවෙයි. අපි ඊට මුහුණ දීලා තිබෙනවා. තෙත පන්දුවෙන් පන්දු යවන්න, තෙත පන්දුවෙන් උඩපන්දු රැුකගන්න වගේම තෙත පන්දුවට පහර දෙන්නත් අපට සිදුවෙලා තියෙනවා.”

”ඊට මුහුණ දෙන්න අපට පුළුවන්” යයිද බොපාරා වැඩිදුරටත් පැවසීය.

ශී‍්‍ර ලංකා පිලේ පන්දු යැවීමේ ශක්තිය ගැනත් තමන්ගේ සූදානම ගැනත් අදහස් දැක්වූ බොපාරා....

”නෙදර්ලන්තය ලකුණු 39 කට දැවී යයි කියලා මා නම් හිතුවේ නෑ. ඒත් අපි නම් ලසිත්, මෙන්ඩිස් වගේ පන්දු යවන්නන් දැකලා තියෙනවා. ඔවුන් සමග කී‍්‍රඩා කරලත් තියෙනවා.....නෙදර්ලන්තයට වඩා අපි සූදානමින් ඉන්නේ” යයිද පැවසීය.


අදහස් (15)

මාලිංගගෙන් ලකුණු ගන්න විදිය බොපාරා කියාදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.