Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාලිංග - පොලාර්ඩ් එකම බෝට්ටුවේ

මාලිංග - පොලාර්ඩ් එකම බෝට්ටුවේ

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 31 Comment
A A A

තමන්ගේ මවුබිම නියෝජනය කරන කණ්ඩායම් වලට කී‍්‍රඩා නොකර, මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරමින් ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකාවේ ‘සදර්න් එක්ස්ප‍්‍රස්’ පිලේ නිත්‍ය නායක ලසිත් මාලිංගට සහ බටහිර ඉන්දීය කෙදෙව්හි බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් පිලේ නිත්‍ය නායක කරන් පොලාර්ඞ්ට, එහි ප‍්‍රධාන තරගාවලියට කී‍්‍රඩා නොකරම නැවතත් තම රටවල් බලා යෑමට සිදුවී තිබේ.

ඔවුන් දෙදෙනාම මෙසේ එකම බෝට්ටුවට වැටී ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් පිල තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයෙන්ම ඉවතට විසිවීම නිසාය.

ශූරයන්ගේ විස්සයි20 ලීග තරගාවලි 2 කම ශූරතා දිනා සිටි මුම්බායි ඉන්දියන්ස් පිලට (2011 සහ 2013), සුදුසුකම් ලබාගැනීමේ වටයේදී නොදර්න් දිස්ති‍්‍රක් පිල සහ ලාහෝර් ලයන්ස් පිල හමුවේ පරාජයට පත්වීම නිසා මෙවර ප‍්‍රධාන තරගාවලියට පිවිසීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.

ඒ අනුව ඉන්දියාවේදී අද (17 වැනිදා ඇරඹෙන ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්තයේ නොදර්න් දිස්ති‍්‍රක් පිල සහ පාකිස්තානයේ ලාහෝර් ලයන්ස් පිල සමත් වූහ.
 
තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් (ඉන්දියාව), ඩොල්ෆින්ස් (දකුණු අපි‍්‍රකාව), කොල්කටා නයිට්රයිඩර්ස් (ඉන්දියාව), පර්ත් ස්කෝචර්ස් ( ඕස්ටේ‍්‍රලියාව) සහ ලාහෝර් ලයන්ස් (පාකිස්තානය) යන කණ්ඩායම් තරග වදිති.

බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් (බ. ඉ. කොදෙව්), කේප් කෝබ්රාස් (දකුණු අපි‍්‍රකාව), හෝබාර්ට් හරිකේන්ස් ( ඕස්ටේ‍්‍රලියාව), කිංග්ස් XI පන්ජාබ් පිල (ඉන්දියාව) සහ නොදර්න් දිස්ති‍්‍රක් (නවසීලන්තය) යන කණ්ඩායම් තරග වදින්නේ ‘බී’ කාණ්ඩය යටතේය.

මෙවර තරගාවලියට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් අතුරින් ශූරයන්ගේ විස්සයි20 ලීග තරගාවලියක ශූරතාව දිනා ඇති එකම කණ්ඩායම වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් පිලයි. ඔවුන් 2010 වසරේදී එම ශූරතාවට හිමිකම් කියා තිබේ.

තරගාවලියේ අවසන් පූර්ව තරග ඔස්තෝම්බර් මස 2 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහ තරගය ඔස්තෝම්බර් මස 4 වැනිදා පැවැත්වීමට නියමිතය.

 

සුදුසුකම් තේරීමේ වටයේ ප‍්‍රසාද ලකුණු සටහන

කණ්ඩායම     තරග ජය පරාජ ප‍්‍ර. ල. දළ ලකුණු වේගය
නොදන් දිස්ති‍්‍රක්    3 3 0 12 +2.080
ලාහෝර් ලයන්ස් 3 2 1 8 ‐0.065
මුම්බායි ඉන්දියන්ස් 3 1 2 4 ‐0.064   
සදර්න් එක්ස්ප‍්‍රස් 3 0 3 0 ‐2.033

 

- 036


අදහස් (31)

මාලිංග - පොලාර්ඩ් එකම බෝට්ටුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.