Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වම් පාදයේ වළලූ කර සැත්කමකට ලක්කිරීමෙන් පසුව තවමත් සුවය ලබමින් සිටින ලසිත් මාලිංග නවසීලන්ත සංචාරයේ අවසන් එක්දින තරග කිහිපයට සහභාගි වීමට සුවය ලබනු ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග කියයි. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ලසිත් මාලිංග මේ දිනවල දිවීමේ අභ්‍යාස වල පමණක් නිරත වෙමින් සිටින බවත් ඔහු ඉතා ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වෙමින් සිටින බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ භෞත චිකිත්සක අජන්ත වත්තේගම මහතා පැවසීය.
”අපේ මූලික ඉලක්කය වන්නේ මාලිංගව ලෝක කුසලන තරගාවලිය සඳහා සූදානම් කිරීමයි. ඒ වෙනුවෙන් ඔහු ක‍්‍රමානුකූලව පුහුණු වෙමින් ඉන්නවා”
”ඔහු තවමත් පන්දු යැවීම ආරම්භ කරලා නෑ. පුහුණුවීම් වලදී ඔහුගේ පන්දු යැවීම ආරම්භ වන්නේ අපහසුවකින් තොරව දුවන්න පුළුවන් වුණාමයි” යයිද වත්තේගම මහතා වැඩිදුරටත් පැවසීය.
පාකිස්තානු කණ්ඩායමට එරෙහිව පසුගිය අගෝස්තු 30 වැනිදා දඹුල්ලේදී පැවති එක්දින තරගයෙන් පසුව සිය ශල්‍යකර්මයට සහභාගීවූ හෙයින් මාලිංග ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට එක්නොවීය.
”ආබාධ තත්වය නම් තාම සම්පූර්ණයෙන්ම සුව වෙලා නෑ. පන්දු යවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා....නමුත් කොයි කාලයේ ආබාධය හොඳ වෙයිද කියන්න බෑ. ඒ නිසා තාම පන්දු යවන්න පටන් අරගෙන නෑ” යැයි සිය ආබාධ තත්වය පිළිබද අදහස් දක්වමින් ලසිත් මාලංග ‘අද’ පුවත් පතට පවසා තිබිණ.
දැනට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සිටින සුපිරිතම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග ලෝක කුසලාන කරගාවලිය ඉලක්ක කරගෙන නම් කරනු ලැබූ 30 දෙනෙකුගෙන් යුතු මූලික සංචිතයටත් ඇතුළත්ව සිටී.
මාලිංග එක්දින තරග 177 කදී කඩුලූ 271 ක් දවාගෙන තිබෙන අතර ඔහු එක්දින තරගයකදී කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 27.21 කි. ශී‍්‍ර ලංකා විස්සයි:20 කණ්ඩායමේ නායකයාද වන මාලිංග විස්සයි20 පිටියේ තරග 57 කදී ඔහු බිඳහෙළා ඇති කඩුලූ සංඛ්‍යව 68 ක් වන අතර, කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 21.10 කි.
මාලිංග මේ වන විටත් ටෙස්ට් පිටියෙන් සමුගෙන තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.