Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාලින්ද පළමු පෙළ කඩුලු 600 පසු කරයි

මාලින්ද පළමු පෙළ කඩුලු 600 පසු කරයි

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පෙළ තරග වලදී කඩුලු 600 සිමාව පසුකළ 10 වැනි පන්දු යවන්නා බවට පත්වීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ නායක මාලින්ද පුෂ්පකුමාර අද (17 වැනිදා) සමත්විය.    

අද අවසන්වූ හලාවත මේරියන්ස් සහ බී.ආර්.සී. කණ්ඩායම් අතර තරගයේදී කඩුලු 10 ක් දවාගනිමින් මෙම දස්කම කිරීමට මාලිංග පුෂ්පකුමාර සමත්විය.

මුත්තයියා මුරලිදරන්, රංගන හේරත්, දිනුක් හෙට්ටිආරච්චී, සජීව වීරකෝන්, චමින්ද වාස්, ගාමිණී ගුණසේන, අජිත් ඒකනායක, ඩිල්රුවන් පෙරේරා, සුරාජ් රංදීව් යන ක්‍රීඩකයෝ මින් පෙර කඩුලු 600 සීමාව පසුකළ ක්‍රීඩකයෝ වූහ.

පසුගිය සතියේ එන්.සී.සී. කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 8 ක් දවාගත් මාලින්ද පුෂ්පකුමාර අද අවසන්වූ තරයේදී බී.ආර්.සී. කණ්ඩායමට එරෙහිවද කඩුලු 10 ක් දවාගත්තේය. මේ වන විට ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග 2 කට ක්‍රීඩාකර ඇති මාලින්ද පුෂ්පකුමාර කඩුලු 18 ක් දවාගනිමින් පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට සමත්වී ඇත.

 


අදහස් (0)

මාලින්ද පළමු පෙළ කඩුලු 600 පසු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.