Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට තම සේවය අවශ්‍ය නම් ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මාස කීපයක් ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ රැදී සිටීමේ හැකියාව ඇති බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාර පැවසීය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මහනුවර, පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී ඊයේ (13) පැවැති එක්දින තරගය අවසානයේදී පැවැති පුවත් පත් සාකච්ඡුාවේදී සංගක්කාර මේ බව පැවසීය.
ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන කුමාර් සංගක්කාර කන්ද උඩරටදී සහභාගි වූ අවසන් එක්දින ජාත්‍යන්තර තරගය මෙය වූ අතර තරගයෙන් පසුව මාධ්‍ය අමතමින් සංගක්කාර මෙසේ ද පැවසීය.
”ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මම එක්දින තරගවලින් සමුගන්නවා. නමුත් ටෙස්ට් තරග ගැන නැවත හිතලා බලලා, නැවත තේරීම් කමිටුවත් එක්කත් සාකච්චා කරලා බලනවා. මගේ සේවාව තව පොඩි කාලයකට අවශ්‍ය ද නැද්ද කියලා. අවුරුදු ගණනකට නොවෙයි, මම හිතන්නේ මාස කීපයකට. එහෙම අවශ්‍ය නම් මම හිතලා බලනවා”
”නියත වශයෙන්ම ලෝක කුසලානයෙන් පසුව මගේ එක්දින තරග ඉවරයි. ක‍්‍රිකට් ජීවිතය ඉවර වෙද්දී යන්න ඕනේ, කරන්න දෙයක් නෑ. ඕනෑම ක‍්‍රීඩකයකුට එහෙමයි. ඒක නියතයක්, දැන් මගේ කාලය හරි”
එක්දින පිටියේ තවමත් දස්කම් දක්වන නිසා තව වසර කීපයක් ක‍්‍රීඩා කළ හැකි යැයි නොසිතෙන්නේද යන ප‍්‍රශ්නයට සංගක්කාර මෙසේ පිළිතුරු සැපයීය.
”ලෝක කුසලානයක් අවසන් වෙද්දී නැවත ලෝක කුසලානයක් ක‍්‍රීඩා කරන්න බැරි නම් මට හිතෙන්නේ මම රැදී සිටීමෙන් පළක් නෑ. එවිට මම කරන්නේ ක‍්‍රීඩකයකුගේ ස්ථානයක් ගන්න එක විතරයි”
”අපිට අලූත් කණ්ඩායමක් ගොඩනගා ගන්න අවුරුදු හතරක් තියෙනවා. අද බලන්න දිනේෂ් චන්දිමාල් දිගු කාලයකට පසුව ආවා, ඔහු අපිට ඉතාමත් විශේෂිත ඉනිමක් ක‍්‍රීඩා කළා, ඒ වගේම ළහිරු තිරිමාන්න, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් ඉන්නවා. ඔහුන් සියලූ දෙනාම දස්කම් තියෙන ක‍්‍රීඩකයො. අපිට දුන්නා වගේම ඔවුන්ට අවස්ථාව සහ කාලය දෙන්න ඕනේ හොදට තැම්පත් වෙන්න. ඒ ක‍්‍රීඩකයන් පරිනත වෙලා, අත්දැකීම් සමග ශ‍්‍රී ලංකාවට මේ ලෝක කුසලානයෙන් පසුව ලෝක කුසලානයක් ගේන්න අවස්ථාව දෙන්න ඕනෙ”
මෙම තරගය මහනුවර පැවැත්වෙන නිසා මෙවැනි දස්කමක් දක්වනවා යැයි ඔබේ ඉලක්කයක් තිබුණාද?
”නෑ. මගේ දස්කම් අතරට එන්න නොවෙයි. අපේ සැලසුම තිබුණේ ජයග‍්‍රණය කර කොළඹට යන්න. තරගාවලිය ජය ලැබුවට පස්සේ අපිට වැඩි පීඩනයක් නෑ. එවිට කොළඹ ගිහින් පහසුවෙන් ක‍්‍රීඩා කරන්න පුඵවන්. තරගාවලිය ජය ලැබුවම නවක ක‍්‍රීඩකයන්ට අවස්ථාව දෙන්නත් පුඵවන්. ඒ සැළසුම තමයි තිබුණේ, නුවර ගහන අන්තිම තරගය කියලා මේකෙ ගහන්නම කියලා සැළසුමක් තිබුණේ නෑ”
සංගක්කාර කියන්නේ ක‍්‍රමක් ක‍්‍රමයෙන් ක‍්‍රිකට් පිටියේ ඉහළට පැමිණි ක‍්‍රීඩකයෙක් මේ පිළිබදව හිතෙන්නේ මොකක්ද?
” ඕනෑම ක‍්‍රීඩකයෙක් උඩට එන්නේ ක‍්‍රමක් ක‍්‍රමයෙන්, තමන් ගැන හොද අවබෝදයක් ඇති වුණාම තමයි මානසිකත්වය කොහොමද? දස්කම් කොහොමද? කරන්න පුඵවන් මොනවද? බැරි දේවල් මොනවද? වැටහුණාම ඕනෑම ක‍්‍රීඩකයකු සීඝ‍්‍රගෙන් දියුණු වෙනවා. ගොඩක් ක‍්‍රීඩකයන් උත්සහ කරන්නේ ඒ අවබෝදය ලබා ගන්න. මට වාසනාවකට වගේ වයස 24 දී ඒ අවබෝදය ලැබුණා, එතැන් සිට මගේ ක‍්‍රීඩා ජීවිතය ගොඩනගා ගත්තා”
පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී මහනුවර ජනතාව මෙවැනි ප‍්‍රතිචාරයක් දක්වයි කියලා සිතුනද?
”මම පාසල් ගියේ නුවර, මම හැදුනේ වැඩුණේ නුවර, මම හිතන්නේ මගේ ත‍්‍රිත්ව විදුහල, මගේ යාඵවන්, ගුරුවරු, පුහුණුකරුවන්, මගේ දෙකේ පන්තියේ ගුරුවරියගේ පුතා චන්න පතිරණ අද ඇවිල්ලා හිටියා ත්‍යාග ප‍්‍රදානයට ඉතින් නුවර මගේ ගොඩක් මතක සටහන් තියෙනවා. මම හිතන්නේ ඒ අඩිතාලමෙන් තමයි මම මෙතරම් දියුණුවක් ලබා තියෙන්නනේ”
”පේ‍්‍රක්‍ෂකයන් දැක්වූ සහයෝගයට සහ ආදරයට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මම හැම වෙලාවෙම කියන්නේ ක‍්‍රීඩකයෙක් හැටියට අපි ක‍්‍රිකට් පාලක මණ්ඩලය සමග කොන්ත‍්‍රාත්තුවක් අස්සන් කළාට, අපේ සැබෑ කොන්ත‍්‍රාත්තුව තියෙන්නේ ශ‍්‍රී ලංකාවේ පේ‍්‍රක්‍ෂකයන් සමගයි. ඔවුන් වෙනුවෙන් තමයි අපි සියලූ දෙනාම ක‍්‍රීඩා කරන්නේ මගේ අවසන් තරගයට මෙච්චර පිරිසක් ඇවිත් ශ‍්‍රී ලංකා පිලට සහයෝගය ලබාදීම ගැන විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා”
සංගක්කාර ලකුණු 41 ක් ලබා සිටියදී එංගලන්ත නායක ඇලෙස්ටියාර් කුක් අතින් ගිලිහී ගිය පහසු උඩ පන්දුව පිළිබදව සංගක්කාර මෙසේ අදහස් දැක්වීය.
”මම හිතුවේ දැවී ගියා කියලා. නමුත් මෙවැනි දේවල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වෙනවා. මගේ ක‍්‍රිකට් ජීවිතයේත් එවැනි දේ වෙලා තියෙනවා”
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.