Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාස් සිලුවේටා පිල අවසන් පූර්ව වටයට

මාස් සිලුවේටා පිල අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2018 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘ඒ’ කොටසේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මාස් සිලුවේටා කණ්ඩායම සමත් විය

කොළඹ බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී කඩුලු 6 කින් එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම පරාජය කරමින් මාස් සිලුවේටා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 231 ක ඉලක්කයක් හඹා ගිය මාස් සිලුවේටා ක්‍රීඩකයෝ ඕවර 38.1 කදී කඩුලු 4 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. ධනංජය ලක්ෂාන් (67), ඇන්ජලෝ එමානුවෙල් (නොදැවී 65) සහ ජෙහාන් ප්‍රනාන්දු (නොදැවී 60) අර්ධ ශතක ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. 

වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 42 කට සීමා වූ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 230 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ සහන ආරච්චිගේ ලකුණු 70 ක් රැස්කළ අතර ඇන්ජලෝ පෙරේරා සහ චතුරංග කුමාර ලකුණු 35 බැගින් රැස්කරමින් එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

ඇන්ජලෝ එමානුවෙල්, අවිඳු තීක්ෂණ සහ බුද්ධික සංජීව කඩුලු 2 බැගින් දවාගනිමින් එහිදී මාස් සිලුවේටා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ. 

එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම 
(සහන් ආරච්චිගේ 70, ඇන්ජලෝ පෙරේරා 35, චතුරංග කුමාර 35, ශිරාන් ප්‍රනාන්දු 26, ඇන්ජලෝ එමානුවෙල් 11/2, අවිඳු තීක්ෂණ 32/2, බුද්ධික සංජීව 37/2) 

මාස් සිලුවේටා කණ්ඩායම 
(ධනංජය ලක්ෂාන් 67, ඇන්ජලෝ එමානුවෙල් නොදැවී 65, ජෙහාන් ප්‍රනාන්දු නොදැවී 60, චතුරංග කුමාර 29/3) 

 


අදහස් (0)

මාස් සිලුවේටා පිල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.