Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මැතිව්ස් යළි නායකත්වයට

මැතිව්ස් යළි නායකත්වයට

Nisanka Sandeepani - 2018 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම්කරන ලද 15 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතයේ නායකත්වය යළිත් ඇන්ජලෝ මැතිව්ස්ට හිමිවී ඇත.

බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් එක්දින තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති පළමු තරගයේදී ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස්ට ශ්‍රී ලංකාවේදී පැවැති නිදහස් කුසලාන විස්සයි20 තරගාවලියද අහිමිව ගියේය.

ජනවාරී මාසයේ බංග්ලාදේශයේදී පැවැති එක්දින තරගාවලියෙන් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය වනතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග නොතිබීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ට අහිමිවූයේ එක්දින තරග 4 ක් පමණි.

ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්වීමෙන් අනතුරුව කණ්ඩායමේ වැඩ බලන නායකයා බවට දිනේෂ් චන්දිමාල් පත්විය. ක්‍රීඩාවේ ජීවගුණයට හානී කිරීමට දායක වූයේ යැයි පවසමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නැගූ චෝදනාවට වරදකරුවකු වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ට ටෙස්ට් තරග 2 ට අමතරව එක්දින තරග 4 ක තහනමක්ද පැනවීම හේතුවෙන් ඔහුට මෙවර තරගාවලියේදී සිය ස්ථානය අහිමිව තිබේ.

අවසන් වරට පැවැති එක්දින තරගාවලි සඳහා සහභාගීවූ ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, ශෙහාන් මදුශංක, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් සංචිතයෙන් ඉවත්කර දසුන් ශානක, ධනංජය ද සිල්වා, ළහිරු කුමාර, කසුන් රාජිත, ප්‍රභාත් ජයසූරිය සහ ශෙහාන් ජයසූරිය එක්දින සංචිතයට කැඳවා ඇත.

ජූලී 29 සහ අගෝස්තු 1 වැනිදා පළමු සහ දෙවැනි එක්දින තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් අගෝස්තු 5 සහ අගෝස්තු 8 වැනිදා තෙවැනි සහ සිවුවැනි එක්දින තරග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. පස්වැනි සහ අවසන් එක්දින තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, කසුන් රාජිත, අකිල ධනංජය, ප්‍රභාත් ජයසූරිය, ලක්ෂාන් සඳකැන්, ශෙහාන් ජයසූරිය.

අතිරේක ක්‍රීඩකයෝ
දිමුත් කරුණාරත්න, ඉසුරු උදාන, නිශාන් පිරීස්, ජෙෆ්රි වැන්ඩර්සේ


අදහස් (1)

මැතිව්ස් යළි නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.