Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මැතිව්ස් සමාව අයදී

මැතිව්ස් සමාව අයදී

ශනුක අරවින්ද - 2018 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වැනි තරගාවලියදී බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය වැනි කණ්ඩායම් දෙකක් හමුවේ පරාජය වී රට පහතට දමා තරගාවලියෙන් ඉවත් වීම පිළිබඳව ශ්‍රී ලංකා ජනතාවගෙන් සමාව අයැද සිටින බව ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පෙරේදා (17) රාත්‍රී පැවසීය.

අබුඩාබිහි ශීක් ශයිඞ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවැති තරගයේදී ඇෆ්ගනිස්තානය හමුවේ ලකුණු 91 කින් පරාජය වීමෙන් පසුව මැතිව්ස් වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“අපි හොඳට ක්‍රීඩා කළේ නෑ. අපි මේ අවස්ථාවේදී අපේ මුඵ රටම පහතට දැම්මා. ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා”

“මෙවැනි තරගාවලියකදී මෙවැනි කණ්ඩායම් දෙකකට පරාජය වෙලා කණ්ඩායම එළියට යන එක ලොකු කළකිරීමක්. මම ඇතු`ඵ සමස්ත කණ්ඩායම සහ පුහුණුකරු අපි හැම දෙනාට එය ලොකු කළකිරීමකට පත්වයි ඉන්නේ”

“කොහොම උත්තර දෙන්නද? ඉතාමත් අවාසනාවත්ත තත්ත්වයක්. පන්දුවට පහර දීම තමයි තරග දෙකේදීම බලපෑවේ. අපිට අවස්ථා දෙකේදීම ලකුණු 150 ක් රැස්කරන්න බැරි වුණා. අපි හොඳ කණ්ඩායමක්, මේක දුර්වල තත්ත්වයක්”

“බංග්ලාදේශය පහසුවට ගන්න බෑ. බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයන් අඛණ්ඩව වසර 10 ක් පමණ ක්‍රීඩා කරලා තියෙනවා. ඔවුන් පසුගිය වසර එකහාමාරක පමණ කාලයේ දස්කම් දක්වලා තියෙනවා. නමුත් බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාජය වීම ගැන කණගාටු වෙනවා”

“මම හිතන්නේ බංග්ලාදේශ තරගයට වඩා හොඳට මේ තරගයේදී පන්දු රැක්කා. පන්දු යැවීම සහ පන්දු රැකීම නොවෙයි. අවස්ථා දෙකේදී ලකුණු 260 ක් සහ 250 ක් ඒ තණතීරුවල ලබාගන්න පුඵවන්, ප්‍රධාන විවේචනය එල්ල විය යුතේතේ සමස්ත පිතිකරු ලැයිස්තුවටයි”

“අපි පළමු තරගයේදී ලකුණු 150 ට දැවී ගියා. මේ තරගයේදීත් එහෙමයි. පිතිකරුවන් අතින් තමයි මේ තරග දෙකම පරාජය වුණේ. මම හිතන්නේ පන්දු යවන්නන් හොඳට පන්දු යැව්වා. අපේ පන්දු රැකීම ඉහළ මට්ටමක තිබුණේ නැති වුණත් මේ තරග දෙකේදීම ලකුණු 250 ක් හඹායන්න තිබුණා. ඒ තණතිලි දෙකේම එය කරන්න පුඵවන්”

චන්දික හතුරුසිංහ මහතා පුහුණුකරු ධූරය බාරගැනීමෙන් පසුව තත්ත්වය පිළිබඳව කළ විමසීමේදී මැතිව්ස් මෙසේ පැවසීය.

“හතු (චන්දික හතුරුසිංහ) ලොකු කැපකිරීමක් කරනවා. පුහුණුවීම්, සැළසුම්, ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම, මානසික තත්ත්වය ආදි බොහෝ දේවල් ඔහු ඉටු කරනවා. ඔහු අවශ්‍ය දේ කරනවා නමුත් අපියි මැද ක්‍රීඩා කරන්නේ”

“ අපි බංග්ලාදේශ තුන්කොන් තරගාවලිය ජය ලැබුවා. ඊට පසුව දකුණු අප්‍රිකානු තරගාවලිය සහ නිදහස් කුසලාන පරාජය වුණා. ඒ ප්‍රතිඵල බලන විට අපේ සීමිත ඕවර තරග ප්‍රතිඵල හොඳ නෑ. ලෝක කුසලානයට තව මාස 10 ක් පමණයි තියෙන්නේ, ඒ සඳහා විකල්පයක් සොයා ගත යුතුයි”

“මේක දක්‍ෂතා පිළිබඳව ප්‍රශ්නයක් නොවෙයි. පීඩනය සහ අවස්ථාව පාලනය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. මෙහි අවස්ථා දෙකේදීම අපි පීඩනය සහ අවස්ථා පාලනය කළ ආකාරය දුර්වලයි. මේක මානසින් කළයුතු දෙකක්. ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එංගලන්ත සංචාරයට සති කීපයක් තියෙනවා. එය අභියෝගමත් තරගාවලියක් ඒ නිසා මෙම පීඩනයෙන් මිදිලා ඒකට සූදානම් වෙනවා”

“පුහුණුකරුට සියලු දේ කරන්න බෑ. පීඩනය පාලනය කරන්න ඉගෙන ගතයුතුයි. ක්‍රීඩකයන් ඉගෙන ගතයුතුයි පීඩනයට මුහුණ දෙන්න. ඒක ස්භාවයෙන්ම තිබිය යුතුයි. එසේ නොවේ නම් ඉගෙනගත යුතුයි. අපි මෙහිදී පීඩනයට මුහුණ දුන් ආකාරය ගැන ගොඩක් ලැජ්ජයි”

කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන් අඛණ්ඩව අසාර්ථක වුවත් අවස්ථාව ලැබීම පිළිබඳව මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.

“අපේ පසුගිය තරග හත ගත්තොත් අපිට ආරම්භයක් ලැබුණේ නෑ. නමුත් අන්තිම තරග දෙකේදී ලකුණු 50 ක සම්බන්ධතා දෙකක් ලැබුණා. එවිට අපි තුන්සියයේ දෙකක් හඹාගියා. දිගින් දිගටම අසාර්ථක වන විට සමහර අවස්ථාවල සමහර ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් දෙනවා. නමුත් එක අවස්ථාවක් එනවා එහිදී පුහුණුකරු සහ තේරීම් කමිටුවත් සමඟ කථා කරලා අවශ්‍ය පියවර ගන්න දැන් අපිට අවස්ථාව පැමිණ තිබෙනවා. එංගලන්ත සංචාරයට පෙර පුහුණුකරු සහ තේරීම් කමිටුවත් සමඟ සාකච්ඡා කරලා තීරණය ගන්න බලාපොරොත්තු වෙනවා” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පිල ඊයේ (18) ඩුබායි නුවරින් නැවත ශ්‍රී ලංකාව බලා පිටත් විය. 


අදහස් (3)

මැතිව්ස් සමාව අයදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.