Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් තෝරා ගෙන නැතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.
තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා එක්දින සංචිතය ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය සඳහා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු කියති. එහෙත් එම කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් වන්නේද නැද්ද යන්න කළ විමසීමේදී ක්‍රිකට් නිලධාරීහු මුනිවත රකිති.
“ඇමතිතුමාගේ අනුමැතිය ලැබෙන කම් බලා ඉන්න වෙනවා. අනුමැතිය ලැබුණාම කණ්ඩායම දන්වන්නම්” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිපුර කළ සොයා බැලීමකදී දැනගත හැකිවූයේ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව අපේක්‍ෂිත මට්ටමට නොමැතිවීම හේතුවෙන් එය නැවත ලබාගන්නා තුරු මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත් කර ඇති බවයි.
තමන්ගේ ශාරීරික යෝග්‍යතාව “මදි” යයි කීම සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවද දැනගන්නට තිබේ.
වසර 2015 ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූ ඇන්ජලෝ මැතිව්ස් එම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා යාමට ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන්නේය. මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් තිදෙනාම අන්තර්ජාතික තරග බිමෙන් සමුගැනීමෙන් පසුව ලසිත් මාලිංගත් විවිධ ශාරීරික ආබාධවලට මුහුණ දුන් හෙයින් ශ්‍රී ලංකා පිල දිගින් දිගටම අසාර්ථක විය.
සිම්බාබ්වේ පිල හමුවේ ශ්‍රී ලංකාවේදී ලද එක්දින තරගාවලි පරාජයෙන් පසුව වගකීම බාරගත් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා නායකත්වයෙන් ඉල්ලා අස්විය. එහෙත් පසුගිය වසරේ දෙසැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් චන්දික හතුරුසිංහ මහතා පත්කරනු ලැබීමත් සමගම මැතිව්ස්ට එක්දින සහ විස්සයි-20 ජාතික කණ්ඩායම්වල නායකත්වය සඳහා නැවතත් කැඳවීමක් ලැබිණ.
“හතුරුසිංහ මහතා 2017 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරයට පත්වීමෙන් පසු ඔහු පෞද්ගලිකවම මා හමුවී, 2019 ලෝක කුසලාන තරගාවලි දක්වා නැවත වරක් නායකත්වය බාරගන්නා ලෙස ඉල්ලා සිටියේය”
“මාගේ පවුලේ සාමාජිකයන් සහ මාගේ ලඟම හිත මිතුරනුත් නැවත වරක් නායකත්වය බාරගැනීම සඳහා මා අධෙර්යත්මත් කළ අවස්ථාවක, හතුරුසිංහ මහතාගේ ඉදිරි වැඩ පිළිවෙල ගැන තැබූ විශ්වාසය මත ශ්‍රී ලංකා කණ්ඩායමේ යහපත වෙනුවෙන් නැවත වරක් ලෝක කුසලාන තරගාවලිය දක්වා නායකත්වයේ වගකීම බාරගැනීමට මම තීරණය කළෙමි” යයි ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (24 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියාට යැවූ ලිපියක සටහන් කර තිබිණ.
තමන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියාට ලියූ ලිපිය මෙතැනින් කියවන්න
මැතිව්ස් ක්‍රිකට් ප්‍රධානියාට ලියයි
එතැන් සිට මේ දක්වා (2018 වසරේදී) එක්දින තරග 8 කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙමින් ලකුණු 315 ක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස්ගේ මේ වසර තුළ එක්දින තරගයකදී ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 52.50 ක් වූ අතර ප්‍රහාරාත්මක වේගය (පන්දු 100 කින් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව) 75.35 කි.
ඇන්ජලෝ මැතිව්ස්ගේ එක්දින තරගවලදී ලකුණු ලබාගැනීම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.