Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය තුළදී කලවේ ආබාධයට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් ස්කෑන් පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්වය තහවුරු කරයි.
ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (29 වැනිදා) දිවා ආහරයෙන් අනතුරුව පන්දුවට පහරදෙමින් සිටි මැතිව්ස් ලකුණු 2 ක් සඳහා කඩුලු අතර දිවයෑමේදී ඔහුගේ දකුණු කලවේ මස්පිඩු ඇදීමක් සිදුවී තිබේ.
ක්‍රීඩාංගණය තුළදීම එම ආබාධ තත්වය සඳහා තාවකාලික ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව තරමක් අසීරුවෙන් ක්‍රීඩා කළ මැතිව්ස්, මඳ වේලාවකට පසුව අතිරේක ක්‍රීඩකයන්ගේ සහායද ඇතිව පිටියෙන් ඉවත්ව ගියේය.
අද දිනය නිමාවන තෙක් ඔහු නැවත පන්දුවට පහරදීම සඳහා නොපැමිණි අතර ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵලය නිරීක්ෂණය කිරීමෙන් අනුව තරගයේ අවසන් දිනය වන හෙට (30 වැනිදා) නැවතත් ඔහු පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසීමට ඉඩ තිබේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.