Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල පිල අද (10) සමත් විය.
ඇන්ජලෝ මැතිව්ස් (101) සහ භානුක රාජපක්‍ෂ (95) පැවැත්වූ ලකුණු 150 ක අනගි සම්බන්ධතාවයෙන් ගොඩනැගුණු දැවැන්ත ඉනිම නිසා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තෙවැනි ස්ථානය සඳහා අද පැවැති තරගයේදී දඹුල්ල පිල ලකුණු 94 කින් මහනුවර පිල පරාජය කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 326 ක ඉලක්කය හඹාගිය මහනුවර පිල ඕවර 42.2 කදී ලකුණු 231 කට සීමාවිය.
සධීර සමරවික්‍රම පන්දු 66 කින් හතරේ පහර නවයක් සමගින් ලකුණු 70 ක් රැස් කරමින් මහනුවර පිලේ සාර්ථකම පිතිකරු බවට පත්විය. සධීර සමරවික්‍රම (70) සහ පැතුම් නිස්සංක (11) පන්දු තුනක් තුළදී දැවී යෑමෙන් මහනුවර පිල අමාරුවේ වැටුණි.
සංගීත් කුරේ පන්දු 79 කදී හතරේ පහර අටක් සමගින් ලකුණු 57 ක් රැස්කරමින් ලකුණු වේගය පත්වාගෙන යෑමට හොඳ අඩිතාලමක් දැමූව ද මැද පෙළ පිතිකරුවන් අසාර්ථ වීමෙන් පරාජය වැළඳ ගැනීමට සිදුවිය.
සදීර සමරවික්‍රම සහ සංගීත් කුරේ ඕවර 23 කදී දෙවැනි කඩුල්ලට ලකුණු 121 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
මහනුවර පිලේ නායක දිමුත් කරුණාරත්න දෙවැනි පන්දුවේදී ලකුණු නොලබා දැවී ගියේය.
ජීවන් මෙන්ඩිස් පන්දු 33 කින් හතරේ පහර දෙකක් සහ හයේ පහර තුනක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කිරීමට සමත් විය.
ඉසුරු උදාන පන්දු 14 කදී හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 34 ක් රැස් කළේය.
ජීවන් මෙන්ඩිස් සහ ඉසුරු උදාන අවසන් ඕවර කීපයේදී ක්‍රියාත්මක කළ ප්‍රවේගකාරී පිතිහරඹය නිසා ලකුණු 325 කට ඒමට අවස්ථාව උදාවිය. එම ප්‍රහාරයත් සමඟ අවසන් ඕවර පහට ලකුණු 61 ක් එකතු විය.
නායක ඇන්ජලෝ මැතිව්ස් අන්තයක් ආරක්‍ෂාකරගිනිමින් අවස්ථානුකූල ඉනිමක් ක්‍රීඩා කිරීම කැපී පෙනුණි. මැතිව්ස් පන්දු 106 කදී හතරේ පහර නවයක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 101 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
මැතිව්ස් සහ ජීවන් අතර පස්වැනි කඩුල්ලට පන්දු 45 කින් ගොඩනැගුණු ලකුණු 71 ක වේගවත් සම්බන්ධතාව වඩාත් වැඳගත් විය.
භානුක රාජපක්‍ෂ කළකට පසුව අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 87 කින් ලකුණු 95 ක් රැස්කිරීමට සමත් විය. භානුක එහිදී පන්දු 13 ක් හතරේ සීමාවට මෙපිටට යැවූ අතර ඉන් දෙකක් සීමා ලණුවට ඉහළින් ගියේය.
නායක ඇන්ජලෝ මැතිව්ස් සහ භානුක රාජපක්‍ෂ සිවුවැනි කඩුල්ලට පන්දු 154 කින් ලකුණු 150 ක සම්බන්ධතාවක් පවත්වමින් ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට සමත් වූහ.
ඕෂද ප්‍රනාන්දු ලකුණු 6 ක් ලබා සිටියදී නුවන් ප්‍රදීප්ගේ පන්දුවකට පිටියෙන් ඉවත් විය.
මෙම තරගාවලියේදී අඛණ්ඩව අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 4 ක් ලබා දැවී ගියේය.
මහනුවර පිලේ නායක දිමුත් කරුණාරත්න කාසියේ වසිය ලබා පළමුව පන්දුවට පහර දීමට දඹුල්ල පිලට ආරාධනා කළේය.
ලකුණු පුවරුව
දඹුල්ල කණ්ඩායම
නිරෝෂන් දික්වැල්ල - ඇ. දිමුත් ප. ප්‍රදීප් 4
ධනුෂ්ක ගුණතිලක - ඇ. වැන්ඩසේ ප. තිසර 15
ඕෂද ප්‍රනාන්දු - ඇ. මාලින්ද ප. ප්‍රදීප් 6
භානුක රාජපක්‍ෂ - ප. රාජිත 95
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. මාලින්ද ප. තිසර 101
ජීවන් මෙන්ඩිස් - නොදැවී 50
ඉසුරු උදාන - නොදැවී 34
අතිරේක 20
එකතුව ඕවර 50 යේදී කඩුලු 5 ක් දැවී 325
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
ඉෂාන් ජයරත්න, අෂාන් ප්‍රියංජන්, විශ්ව ප්‍රනාන්දු, ලක්‍ෂාන් සඳකැන්
කඩුලු වැටීම:
1-8(දික්වැල්ල), 2-25(ඕෂද), 3-45(ධනුෂ්ක), 4-195(භානුක), 5-266(මැතිව්ස්)
පන්දු යැවීම:
නුවන් ප්‍රදීප්: 10-1-68-2-, කසුන් රාජිත: 10-2-71-1, තිසර පෙරේරා: 10-0-54-2, සචිත්‍ර සේනානායක: 10-0-49-0, මාලින්ද පුෂ්පකුමාර: 5-0-32-0, ජෙෆ්රි වැන්ඩසේ: 5-0-42-0
මහනුවර කණ්ඩායම
දිමුත් කරුණාරත්න - ප. විශ්ව 0
සදීර සමරවික්‍රම - ප. ජීවන් 70
සංගීත් කුරේ - ක. මූ. කළා ප. උදාන 57
පැතුම් නිස්සංක - ඇ. දික්වැල්ල ප. ඉෂාන් 11
සචිත්‍ර සේනානායක - ඇ. විශ්ව ප. ධනුෂ්ක 17
චතුරංග ද සිල්වා - ඇ. ඉෂාන් ප. ධනුෂ්ක 30
තිසර පෙරේරා - ප. උදාන 21
ජෙෆ්රි වැන්ඩසේ - දුවද්දී දැවී ගියා 0
මාලින්ද පුෂ්පකුමාර - ඇ. ප්‍රියංජන් ප. ජීවන් 9
කසුන් රාජිත - ඇ. දික්වැල්ල ප. සඳකැන් 1
නුවන් ප්‍රදීප් - නොදැවී 10
අතිරේක 5
එකතුව ඕවර 42.2 කදී සියලු දෙනා දැවී 231
කඩුලු වැටීම:
1-0(දිමුත්), 2-121(සංගීත්), 3-141(සදීර), 4-141(නිස්සංක), 5-183(සචිත්‍ර), 6-194(චතුරංග), 7-194(වැන්ඩසේ), 8-216(තිසර), 9-221(මාලින්ද), 10-231(රාජිත)
පන්දු යැවීම:
විශ්ව ප්‍රනාන්දු: 6-0-40-1, ඉෂාන් ජයරත්න: 6-0-34-1, ධනුෂ්ක ගුණතිලක: 8-1-34-2, ඉසුරු උදාන: 5-0-21-2, අෂාන් ප්‍රියංජන්: 6-0-36-0, ජීවන් මෙන්ඩිස්: 8-0-47-2, ලක්‍ෂාන් සඳකැන්: 3.2-0-18-1
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.