Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී පිතිකරුවකු වශයෙන් දැක්වූ විශිෂ්ට දක්‍ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්, ටෙස්ට් කි‍්‍රකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතරේ මෙතෙක් පැමිණි ඉහළම ස්ථානයට පැමිණිමට සමත්වී ඇත. නවතම ශ්‍රේණිගත කිරීම අනුව ප‍්‍රසාද ලකුණු 761 ක් ලබා සිටින මැතිව්ස් ටෙස්ට් පිතිකරුවන් අතර 11 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටී.
එංගලන්තයට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී රැස්කළ ලකුණු 160 ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ ප‍්‍රසාද ලකූණු 761 ක් ලබාගැනීමට මැතිව්ස්ට උපකාරී වී තිබේ. තරගාවලිය ආරම්භ වීමට පෙර මැතිව්ස් ලබා සිටි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 706 කි.
මැතිව්ස්ට අමතරව කුමාර් සංගක්කාර ප‍්‍රසාද ලකුණු 896 ක් ලබා ටෙස්ට් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවෙයි. දෙරට අතර තරගාවලිය ආරම්භ වීමට පෙරත් කුමාර් සංගක්කාර සිටියේ ටෙස්ට් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේම වන නමුත් ඒ වන විට ඔහු සතුව තිබූ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 879 කි. එංගලන්තයට එරෙහිව එක දිගට මුහුණ දුන් ඉනිම 4 කදී ලබාගත් ශතකයත් අර්ධ ශතක 4 ත් හේතුවෙන් සංගක්කාරට ප‍්‍රසාද ලකුණු 17 ක් එක්වී තිබේ.
ප‍්‍රසාද ලකුණු 669 ක් ලබා සිටින මහේල ජයවර්ධන ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 14 වැනි ස්ථානයේ රැදීසිටියි.
එංගලන්ත - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දුයවන කී‍්‍රඩක ධම්මික ප‍්‍රසාද් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අතරට ඇතුළත්වී ඇති අතර ඔහුට හිමිවී ඇත්තේ එහි 55 වැනි ස්ථානයයි.
ශ්‍රී ලංකා නායක ඇජලෝ මැතිව්ස්ද පෙර සිටි ස්ථානයෙන් ස්ථාන 8 ක් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් පන්දුයවන්නන් අතර 81 වැනි ස්ථානයට පත්ව ඇතත් රංගන හේරත් සිටි ස්ථානයෙන් පියවර දෙකක් පහළට වැටී තිබේ. එහෙත් දග පන්දු යවන්නන්ට කිසිදු සහයෝගක් නොලැබෙන එංගලන්ත ගිම්හානයේ මුල් කොටසේදී එය සාමාන්‍යය තත්ත්වයකි.
තරගාවලිය ආරම්භ වීමට පෙර ප‍්‍රසාද ලකුණු 774 ක් ලබා සිටි රංගන හේරත් තරගාවලිය අවසන් කළේ ප‍්‍රසාද ලකුණු 739 ක් ඉතිරි කරගනිමිනි. කෙසේ වෙතත් රංගන හේරත් ටෙස්ට් පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානයේ සිටින අතර ශමින්ද එරංග ප‍්‍රසාද ලකුණු 541 ක් ලබා එම ලැයිස්තුවේ 23 වැනි ස්ථානය දක්වා පැමිණීමට සමත්වී ඇත.
ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම | ||
ස්ථානය | ක්‍රීඩකයා (රට) | ප්‍රසාද ලකුණු |
1 | ඒ. බී. ඩිවිලියස් (දකුණු අප්‍රිකාව) | 922 |
2 | කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) | 896 |
3 | ශිව්නරින් චන්ද්‍රපෝල් (බ. ඉ. කොදෙව්) | 878 |
4 | හෂීම් අම්ලා (දකුණු අප්‍රිකාව) | 873 |
5 | ඩේවිඩ් වෝනර් (ඕස්ට්‍රේලියාව) | 871 |
6 | මිස්බා උල් හක් (පාකිස්තානය) | 824 |
7 | චෙටේෂ්වර් පුජාරා (ඉන්දියාව) | 819 |
8 | මයිකල් ක්ලාක් (ඕස්ට්‍රේලියාව) | 818 |
රොස් ටේලර් (නවසීලන්තය) | 818 | |
10 | විරාට් කෝලි (ඉන්දියාව) | 784 |
11 | ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව) | 761 |
12 | යුනිස් ඛාන් (පාකිස්තානය) | 759 |
13 | ස්ටීවන් ස්මිත් (ඕස්ට්‍රේලියාව) | 737 |
14 | මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) | 696 |
15 | ක්‍රිස් රොජර්ස් (ඕස්ට්‍රේලියාව) | 675 |
16 | බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය) | 663 |
17 | කෙවින් පීටර්සන් (එංගලන්තය) | 661 |
18 | ඉයන් බෙල් (එංගලන්තය) | 657 |
19 | කේන් විලියම්සන් (නවසීලන්තය) | 654 |
20 | ඩැරන් බ්‍රාවෝ (බ. ඉ. කොදෙව්) | 639 |
ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම | ||
ස්ථානය | ක්‍රීඩකයා (රට) | ප්‍රසාද ලකුණු |
1 | ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව) | 898 |
2 | රයාන් හැරිස් (ඕස්ට්‍රේලියාව) | 870 |
3 | වර්නන් ෆිලැන්ඩර් (දකුණු අප්‍රිකාව) | 865 |
4 | මිචෙල් ජොන්සන් (ඕස්ට්‍රේලියාව) | 844 |
5 | සයිඩ් අජ්මාල් (පාකිස්තානය) | 787 |
6 | ටිම් සවුති (නවසීලන්තය) | 775 |
7 | රවිචන්ද්‍රන් අශ්වින් (ඉන්දියාව) | 744 |
8 | රංගන හේරත් (ශ්‍රී ලංකාව) | 739 |
9 | පීටර් සිඩ්ල් (ඕස්ට්‍රේලියාව) | 733 |
10 | ජේම්ස් ඇන්ඩසන් (එංගලන්තය) | 731 |
11 | ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය) | 729 |
12 | ප්‍රාග්‍යන් ඕජා (ඉන්දියාව) | 726 |
13 | ස්ටුවර්ට් බ්‍රෝඩ් (එංගලන්තය) | 719 |
14 | අබ්දුර් රෙහෙමාන් (පාකිස්තානය) | 705 |
15 | කේමර් රොච් (බ. ඉ. කොදෙව්) | 659 |
16 | මෝර්නි මෝකල් (දකුණු අප්‍රිකාව) | 637 |
17 | ජුනයිඩ් ඛාන් (පාකිස්තානය) | 623 |
18 | ෂේන් ෂිලිංෆෝඩ් (බ. ඉ. කොදෙව්) | 619 |
19 | ශකීබ් අල් හසන් (බංග්ලාදේශය) | 613 |
20 | නේතන් ලයන් (ඕස්ට්‍රේලියාව) | 607 |
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.