Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 27 වැනි තරගය ලෙස රෝයල් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පූනේහිදී අද (28 වැනිදා) පැවැති තරගය කඩුලු 8 කින් ජයගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 17 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 19.4 කදී කඩුලු 2 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ රෝහිත් ශර්මා තරගය නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 56 ක් රැස්කළේය.
ආරම්භක පිතිකරුවන් වූ සූර්යකුමාර් යාදව් සහ එවින් ලෙවිස් සාර්ථක පිතිහරඹයක නිරතවෙමින් පළමු කඩුල්ල සදහා පන්දු 59 කදී ලකුණු 69 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.
පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 44 ක් රැස්කළ සූර්යකුමාර් යාදව් දැවීයාමත් සමගින් පිටියට පිසිවි රෝහිත් ශර්මා දෙවැනි කඩුල්ල සදහා එවින් ලෙවිස් සමගින් පන්දු 38 කදී ලකුණු 59 ක සම්බන්ධතාවයක්ද තෙවැනි කඩුල්ල හර්දික් පාණ්ඩ්‍යා සමගින් පන්දු 21 කදී ලකුණු 42 ක තවත් සම්බන්ධතාවයක්ද ගොඩනැගීය.
එවින් ලෙවිස් පන්දු 43 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 47 ක් රැස් කළේය.
පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 169 ක් රැස්කිරීමට සමත්විය.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දායකවූ සුරේෂ් රයිනා පන්දු 47 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 75 ක් රැස්කිරීමට සමත්විය.
දෙවැනි කඩුල්ල සදහා අම්බති රයිදු සමගින් පන්දු 42 කදී ලකුණු 71 සම්බන්ධතාවයක් පැවැත්වූ සුරේෂ් රයිනා තෙවැනි කඩුල්ල සදහා මහේන්ද්‍ර සිං දෝනී සමගින් පන්දු 35 කදී ලකුණු 46 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.
අම්බති රයිදු පන්දු 35 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 46 ක් රැස්කරමින් සාර්ථක ආරම්භයක් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ලබාදුන්නේය.
මිචෙක් මැක්ලෙනගන් සහ කෲනාල් පාණ්ඩ්‍යා කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදුකරමින් කරන් පොලාඞ් සහ මුස්ටෆීසූර් රෙහ්මන් කණ්ඩායමෙන් ඉවත්කර ජේ.පී.ඩුමිනි සහ බෙන් කටින් කණ්ඩායමට එක්කර ගෙන ඇති අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදුනොකරමින් අවසන් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම අද තරගයටද එක්කර ගෙන සිටියේය.
කාසියේ දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 169
(අම්බති රයිදු 46, සුරේෂ් රයිනා නොදැවී 75 , මහේන්ද්‍ර සිං දෝනී 26, මිචෙක් මැක්ලෙනගන් 26/2, කෲනාල් පාණ්ඩ්‍යා 32/2)
මුම්බායි ඉන්දියන්ස් - ඕවර 19.4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 170
(සූර්යකුමාර් යාදව් 44, එවින් ලෙවිස් 47, රෝහිත් ශර්මා නොදැවී 56)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.