Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 40 ක ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 9 කට සහභාගි වී ඇති මුම්බායි කණ්ඩායම එහිදී ලැබූ 6 වැනි ජය මෙයයි.
ජයග්‍රහණය සඳහා ලකුණු 169 ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 128 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ රාහුල් චාහර් ලකුණු 19 කට කඩුලු 3 ක් දවාගනිමින් දිල්ලි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය.
දිල්ලි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 35 ක් රැස්කළ අතර අක්ෂර් පටේල් පන්දු 23 කදී ලකුණු 23 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 168 ක් රැස්කළේය. නායක රෝහිත් ශර්මා (30) සහ ක්වින්ටින් ඩි’කොක් (35) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනගමින් මුම්බායි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
කෙසේ වුවත් අමිට් මිෂ්රාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ශර්මා දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. පන්දු 22 කදී වාර්තා වූ ශර්මාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 27 කදී වාර්තා වූ ඩි’කොක්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.
මුම්බායි ඉනිම නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටි කෘනාල් පාණ්ඩ්‍යා පන්දු 26 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 37 ක් රැස්කළේය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 15 කදී ලකුණු 32 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 168
(රෝහිත් ශර්මා 30, ක්වින්ටින් ඩි’කොක් 35, සූර්යකුමාර් යාදව් 26, කෘනාල් පාණ්ඩ්‍යා නොදැවී 37, හර්දීක් පාණ්ඩ්‍යා 32, කගිසෝ රබාඩා 38/2)
දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 128
(ප්‍රිත්වි ෂෝ 20, ශිකර් ධවාන් 35, අක්සර් පටේල් 26, රාහුල් චාහර් 19/3, ජස්ප්‍රීට් බුම්රා 18/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.