Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී හෙට (29) පැවැත්වෙන තරගයේදී එංගලන්ත ආරම්භක පිතිකරු මුයින් අලීගේ පිතිහරඹය පාලනය කිරීමට සැළැස්ම කීපයක් යෙදවීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
මෙම තරගය දිවා තරගයක් ලෙස පැවැත්වෙන අතර පෙරවරු 10.00 ට තරගය ආරම්භ වීමට නියමිතය.
”මුයින් අලී අපිට හො`දින් ක‍්‍රීඩා කරමින් සිටින නිසා ඒ පිළිබදව අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන් ඔහු පළමු ඕවර 10 තුළදී වේගයෙන් ලකුණු රැස්කරනවා. එය පාලනය කිරීම පහසු නෑ. නමුත් අපි ඒ සදහා සැළැස්ම තුන හතරක් ක‍්‍රියාත්මක කරනවා”
”පළමු තරගයේදී අපි යම්කිසි සාර්ථක තත්ත්වයකට පැමිණියා. නමුත් තවත් දියුණු වියයුතුයි”
”මෙම තරගයේදී ද පා දඟ පන්දු යවන්නන් දෙදෙනා සමග තරගයට එනවාද යන්න තවම තීරණය කර නෑ. අපි තවම තණතීරුව දැක්කේත් නෑ. මම හිතන්නේ කණ්ඩායමේ ලොකු වෙනසක් කළ යුතු නෑ කියලයි” යැයි දෙවැනි තරගය පිළිබ`දව මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.
ෂෙෆීල්ඞ් පළිහ තරගයකට සහභාගි වෙමින් සිටියදී පන්දුව හිසේ වැදීම නිසා අභාවප‍්‍රාප්ත වූ ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු පිලිප් හියුස් පිළිබදව මතකය ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය හමුවේදී මෙසේ ආවර්ජනය කළේය.
”පිලිප් හියුස් කියන්නේ නිහතමානී, හොද ඒ වගේම දක්‍ෂ ක‍්‍රීඩකයෙක්, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා හැටියට මට මතකයි ඔහු පළමු එක්දින තරගයට සහභාගි වූණේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. මගේ මතකය නිවැරදි නම් ඔහු එම තරගයේදී ශතකයක් රැස්කළා”
”මේ සිද්ධිය දැනගත් අවස්ථාවේ සිට අපි සියලූ දෙනාම කඩා වැටුණා. තරගයකදී ක‍්‍රීඩකයකු මියගියා කියන කියන එක දරාගන්න අමාරුයි. ඊයේ දිනය මම ගතකළේ ඉතාමත් අමාරුවෙන්”
”ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක්, අපි ක‍්‍රීඩකයන් හැටියට මෙවැනි දෙයක් වෙයි කියලා කිසිම අවස්ථාවක හිතන්නේ නෑ. මම හිතනවා හිස් ආවරණ නිෂ්පාදනය කරන විට මීට වඩා ආරක්‍ෂාව වැඩි වෙන ආකාරයට කළහොත් හො`දයි කියලා” යයිද මැතිව්ස් පැවසීය.
එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් අද (28) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ හියුස්ගේ අභාවය පිළිබදව එංගලන්ත කණ්ඩායම් දැඩි කණස්සල්ලට පත්ව සිටින බවත් ඕසටේ‍්‍රලියානු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට සහ හියුස්ගේ පවුලේ සාමාජිකයන්ට ශෝකය ප‍්‍රකාශ කරන බවත්ය.
”අවසන් වූ පැය 24 තුළදී අපි දැඩි ව්‍යාකූල තත්ත්වයකින් සිටියේ. දැන් අපි මනස හදාගනිමින් සිටිනවා”
”මම හිතනවා හිස් ආවරණ මීට වඩා ආරක්‍ෂාව නිෂ්පාදනය කළ යුතුයි කියලා” යැයි කුක් වැඩි දුරටත් පැවසීය.
කොළඹ ප‍්‍රදේශයට ඊයේ පස්වරුව දක්වාම වර්ෂාව ඇද හැළුණු අතර ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය සම්පූර්ණයෙන් ආවරණය කර තිබුණි. වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් තරගය අනිද්දා (30 වැනිදා) පැවැත්වේ.
එංගලන්ත පිල ඊයේ පස්වරුවේ පුහුණු සැසියට සහභාගි වීමට නියමිතව තිබුණ ද වර්ෂාව හේතුවෙන් එය අවලංගු කිරීමට සිදුවිය.
ශ්‍රී ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, තිළිණ කණ්ඩම්බි, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, ශාමින්ද එරංග, ධම්මික ප‍්‍රසාද්, තිසර පෙරේරා සහ ළහිරු ගමගේ
එංගලන්ත සංචිතය:
අලෙස්ටියාර් කුක් (නායක), මුයින් අලී, ඉයන් බෙල්, ජෝස් බට්ලර්, ස්ටීව් ෆින්, ක‍්‍රිස් ජෝර්දන්, එඔයින් මෝගන්, ජෝ රූට්, බෙන් ස්ටෙකිස්, ජේම්ස් ටේරඞ්වෙල්, ක‍්‍රිස් වෝක්ස්, ජේම්ස් ඇන්ඩසන්, රවී බොපරා, හැරී ගානී, ඇලෙක්ස් හේල්ස්, ජේම්ස් ටේලර්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.