Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මුයින් අලී එංගලන්තයට ජය ගෙනෙයි

මුයින් අලී එංගලන්තයට ජය ගෙනෙයි

රොෂාන් ගුණරත්න - 2017 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුයින් අලීගේ (53/6) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලෝඞ්ස්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 211 ක ජයක් හිමිකර ගැනිමට එංගලන්තය අද (09 වැනිදා) සමත් විය. 


ජයග්‍රහණය සදහා ලකුණු 331 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 119 ක් පමණි. දකුණු අප්‍රිකා මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනෙකු ලකුණු 28 ක් තුළ දැවී යාමත් සමගින් පස්වැනි කඩුල්ල සදහා එක් වූ කුයින්ටන් ඩි‘කොක් (18) සහ ටෙම්බා බවුමා (21) ඉනිම ගොඩනැගීම සදහා දැඩි උත්සහයක් දැරුවද ඊට හරස්වූ මොයින් අලී පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 36 කට සීමා කරමින් ඩි‘කොක් දවාගත්තේය.


ඉනිම දෙකේදී ලකුණු 109 කට කඩුලු 10 ක් දවාගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මොයින් අලී පළමු ඉනිමේදී අර්ධ ශතකයක්ද (87) රැස්කරමින් පිත්තෙන්ද දස්කම් දැක්වීමට සමත් විය. එංගලන්ත ක්‍රීඩකයකු ටෙස්ට් තරගයකදී කඩුලු 10 ක් සහ අර්ධ ශතකයක් ලබාගනිමින් දස්කම් දැක්වීමට සමත් වූයේ වසර 37 කට පසුවීම කැපී පෙනෙන සිදුවීමකි. මින් පෙර ඉයන් බොතම් 1980 වසරේදී ඉන්දියාවට එරෙහිව වන්කඬේ ක්‍රීඩාංගණයේදී මෙම දස්කම සිදුකර ඇත.


ලකුණු 94 කට කඩුලු 9 ක් දැවී තිබියදී වේගවත් පිතිහරඹයක නිරත වූ වර්නන් ෆිලැන්ඩර් සහ මෝන් මෝකල් අවසන් කඩුල්ල සදහා පන්දු 17 කදී ලකුණු 25 ක් සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.


තෙවැනි දිනට ඊයේ (08 වැනිදා) තරගය නතර කරනවිට කඩුල්ලක් දැවී ලකුණු 119 ක් රැස්කරමින් ප්‍රභල ස්ථානයක සිටි එංගලන්තය අද දිනයේදී ලකුණු 233 කට සීමා කිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නෝ සමත් වූහ. ඇලෙස්ටයාර් කුක් (69) සහ ජොනී බෙයාස්ටෝ (51) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. වමතින් දගපන්දු යවන ක්‍රීඩක කේශව් මහරාජ් කඩුලු 4 ක් ද වේගපන්දු යවන ක්‍රීඩකයින් වන මෝර්න් මෝකල් සහ කගිසෝ රබාඩා කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

එංගලන්ත පළමු ඉනිම - ඕවර 105.3 කදී සියලුදෙනා දැවී ලකුණු 458

දකුණු අප්‍රිකා පළමු ඉනිම - ඕවර 105 කදී සියලුදෙනා දැවී ලකුණු 361

එංගලන්ත දෙවැනි ඉනිම - ඕවර 87.1 කදී සියලුදෙනා දැවී ලකුණු 233

(ඇලෙස්ටයාර් කුක් 69, කීටන් ජෙනින්ග් 33, ගැරී බැලන්ස් 34, ජොනී බෙයාස්ටෝ 51, මාර්ක් වුඩ් 28, කේෂව් මහරාජ් 85/4, කගීසෝ රබාඩා 50/3, මෝර්න් මෝකල් 64/3)

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම - ඕවර 36.4 කදී සියලුදෙනා දැවී ලකුණු 119

(ටෙන්බා බවුමා 21, මුයින් අලී 53/6, ලියම් ඩේවිසන් 34/2)


අදහස් (0)

මුයින් අලී එංගලන්තයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.