Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය (21 වැනිදා) නිමවන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා ලකුණු 60 කට කඩුලු 3 ක් බිඳවැටී අසීරු තත්වයකට පත්ව සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 6 ක් අතැතිව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 162 ක් පසුපසින් සිටියි. පළමු දිනය සඳහා තරගය නතර කරන විට කඩුල්ලේ රැදී සිටි ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 25 ක් ලබා සිටි අතර රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි කසුන් රාජිත ලකුණු ලබා නොසිටියේය.
මුලු ලකුණු සංඛ්‍යාව 25 ක් වන විට කගිසෝ රබාඩාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි’කොක් අතට උඩ පන්දුවක් දෙමින් දිමුත් කරුණාරත්න ලකුණු 17 කට දැවී ගියේය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ඩුඈන් ඔලිවර්, ලකුණු ලබාගැනීමටත් පෙරාතුව ඕෂධ ප්‍රනාන්දුගේ කඩුල්ල බිඳ දැමූ අතර ඩි’කොක්ගේ සහාය ඇතිව කුසල් මෙන්ඩිස්ගේ ඉනිමද ලකුණු 16 කට සීමා කළේය.
විශ්ව ප්‍රනාන්දු (62/3) සහ කසුන් රාජිත (67/3) දෙදෙනාගේ දක්ෂ පන්දු යැවීම නිසා පළමු දිනයේදීම තරගයේ වාසිය අතට ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ තේ පානයෙන් මඳ වේලාවකට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 222 ක් පමණි.
දිවා ආහාරය වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 73 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු පිතිකරුවන් දිවා ආහාරයෙන් පසුව ලකුණු 112 ක් ලබාගනිද්දී තවත් කඩුලු 3 ක් අහිමි කරගත්තේය. මේ අතරවාරයේදී කගීසෝ රබාඩාගෙන් ලැබුණු පහසු උඩ පන්දුවක් රැකගැනීමට යාමේදී උඩපන්දුව ගිළීහී ගියා පමණක් නොව, පන්දු යැවූ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දු යවන අත තුවාල වීමෙන් ඔහු ආපසු ක්‍රීඩාගාරයට ගියේ ඕවරය සම්පූර්ණ කිරීම දිමුත් කරුණාරත්නට ඉතිරි කරමිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් මුලු කඩුලු 3 ලකුණු 15 ක් තුළ බිඳ වැටුණු හෙයින් දකුණු අප්‍රිකානු පිල පීඩනයට නතු විය. පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 17 කට දකුණු අප්‍රිකානු කඩුලු 3 ක් බිඳ වැටුණු අතර අද ලකුණු 15 කට කඩුලු 3 ක් බිඳ වැටිණ.
ලකුණු 15 දී තුන්වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව ඒඞ්න් මාක්‍රම් (60) සහ නායක ෆෆ් ඩුප්ලෙසි (25) එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 58 කට සීමා කරමින් ඩුප්ලෙසීගේ කඩුල්ල බිඳ දැමීමට දිමුත් කරුණාරත්න සමත් විය. ඩුප්ලෙසිගේ දැවී යාමත් සමග දිවා ආහාරය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ.
පළමු ටෙස්ට් තරගයේදී මෙන්ම මෙම තරගයේදීත් ටෙම්බා බවුමා පන්දු යවන්නාගේ අන්තයේදී දුවද්දී දැවී ගිය අතර දිවා ආහාරයට පෙර යැවුණු අවසන් පන්දුවේදී නායක ෆෆ් ඩුප්ලෙසි දැවී යාම කදිම සහසම්බන්ධිත සිදුවීම් විය.
ශ්‍රී ලංකා පිලට මෙම වාසිදායක තත්ත්වය අත්කරදීමට මුල්වූයේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දු යැවීමයි. තරගයේ 6 වැනි ඕවරය යැවූ වමත් වේග පන්දු යවන්නා, එහි තෙවැනි සහ සිවුවැනි පන්දුවලදී ඩීන් එල්ගාගේ සහ හෂීම් අම්ලාගේ ඉනිම අවසන් කළේය. ආරම්භක පිතිකරුවා වූ ඩීන් එල්ගාගෙන් ඉවතට දෝලනය වන පරිදි දිගින් දිගටම පන්දු යැවූ විශ්ව ඉන් එකක් පිතිකරුවාගේ පිත්තත් පා ආවරණයත් අතරින් රිංගා යන පරිදි කඩුල්ල තුළට යොමු කළේය. ඒ වන විට එල්ගා ලබා සිටියේ ලකුණු 8 ක් පමණි
පිතිකරුවා වෙතට දෝලනය වූ විශ්වගේම පන්දුවක් හමුවේ අසාර්ථක වීම නිසා අම්ලා ලකුණු නොලබාම දැවී ගියේය. ඉන් අනතුරුව ලකුණු පුවරුවට තවත් ලකුණක් එක්වීමට පෙර ටෙම්බා බවුමාද (0) දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට කසුන් රාජිත සමත් වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම අසීරු තත්වයකට ඇද දමමිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.