Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මුස්තෆීසූර් - මුෂ්ෆිකූර් බංග්ලාදේශයට ජය ගෙනෙති

මුස්තෆීසූර් - මුෂ්ෆිකූර් බංග්ලාදේශයට ජය ගෙනෙති

Nisanka Sandeepani - 2019 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්තයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ 5 වැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඩබ්ලින්හිදී පැවැති තරගය කඩුලු 5 කින් ජයගත් බංග්ලාදේශය කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේය. ඒ අනුව කොදෙව් සහ බංග්ලාදේශ කණ්ඩායම් අවසන් තරගයේදීද මුණගැසෙනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 248 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායම ඕවර 47.2 කදී කඩුලු 5 ක් පමණක් දැවී පහසුවෙන් ඉලක්කය පසුකිරීමට සමත්විය.

සෞම්‍ය සර්කාර් සහ මුෂිෆිකූර් රහීම් අර්ධ ශතක ලබාගනිමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ. පන්දු 67 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 54 ක් රැස්කිරීමට සෞම්‍ය සර්කාර් සමත්වූ අතර මුෂිෆිකූර් රහීම් පන්දු 73 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 63 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. මොහොමඞ් මිතුන් පන්දු 53 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 43 ක් රැස්කරමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණයට දායකවිය.

ඈෂ්ලී නර්ස් කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද කොදෙව් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 247 ක් පමණි.

සුපුරුදු පරිදි ලකුණු රැස්කිරීමේ නිරත වෙමින් අර්ධ ශතකයක් ලබාගත් ආරම්භක පිතිකරු ෂායි හෝප් දැවීයන විට පන්දු 108 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 87 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 99 ක් තුළ මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනෙකු දැවීයන විට පස්වැනි කඩුල්ල සඳහා පන්දු 113 කදී ලකුණු 100 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කොදෙව් ඉනිම ගොඩනැගීමට ෂායි හෝප් සහ ජේසන් හෝල්ඩර් සමත්වූහ.

පන්දු 76 කට මුහුණදුන් ජේසන් හෝල්ඩර් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 62 ක් රැස්කිරීමට සමත්විය.

මුස්තෆීසූර් රහ්මන් කඩුලු 4 ක් සහ මෂ්රෆී මොර්ටාසා කඩුලු 3 ක් දවාගනිමින් කොදෙව් පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූහ.

බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 247
(ෂායි හෝප් 87, සුනිල් ඇම්බ්‍රිස් 23, ජේසන් හෝල්ඩර් 62, මුස්තෆීසූර් රහ්මන් 43/4, මෂ්රෆී මොර්ටාසා 60/3)

බංග්ලාදේශය - ඕවර 47.2 කදී කඩුලු 5 ක් දැවී 248
(ටමීම් ඉක්බාල් 21, සෞම්‍ය සර්කාර් 54, සකීබ් අල් හසන් 29, මුෂ්ෆිකූර් රහීම් 63, මොහොමඞ් මිතුන් 43, මහමුදුල්ලා නොදැවී 30, ඈෂ්ලී නර්ස් 53/3)


අදහස් (0)

මුස්තෆීසූර් - මුෂ්ෆිකූර් බංග්ලාදේශයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.