Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිම්බාබ්වේ හමුවේ ලැබූ පරාජය දරා ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවන බව ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (10) අවසන් තරගයේ පරාජයෙන් පසුව පැවසීය.
සූරියවැව ක්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී මැතිව්ස් වැඩි දුරටත් මෙසේ පැවසීය.
“බොහෝම අමාරු අවස්ථාවක්. මේ පරාජය දරා ගන්න ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. අපේ වරදින්ම තමයි මේ තරගාවලිය පරාජයට පත්වුණේ”
“බොහෝම කණගාටුයි. මේ වගේ දිගින් දිගටම තරග පරදින්න බෑ. පසුගිය තරගවල පිතිකරුවන් හොඳට කරලා අද තරගය පැරදුනේ පිතිකරුවන් නිසායි”
“මේ තරගයේදී අපි පන්දුවට පහර දෙන විට දඟ කැවීමත් තිබුණා. නමුත් ලකුණු 203 කින් සෑහීමකට පත්වෙන්න බෑ. අකිල සහ මාලිංග හොඳට පන්දු යැව්වා. සිම්බාබ්වේ කඩුල්ලකට ලකුණු 137 ක් ලබා සිටියත් අපි කඩුලු 7 ක් ලබා ගත්තා. ලකුණු 240 ක් තිබුණා නම් අපිට ජය ලබන්නත් අවස්ථාවක් තිබුණා කියලා මට හිතෙනවා”
“අපි කණ්ඩායමක් හැටියට මහන්සිවෙලා පුහුණුවීම් කරනවා. නමුත් මැදට ගියාම තමයි ප්‍රශ්නය තියෙන්නේ. එහෙම කියලා ඒක නිදහසට කරුණක් නොවෙයි”
මෙම තරගාවලියෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල් සහ ඩිල්රුවන් පෙරේරා ඉවත් කිරීම පිළිබඳව නායකයා හැටියට දැන් හිතේ පසුතැවීමක් තිබෙනවාද යන ප්‍රශ්නයට මැතිව්ස් මෙසේ පිළිතුරු සැපයීය.
“ඩිල්රුවන්ව ශූරයන්ගේ කුසලාන තරගාවලියට 17 වැනියට ගෙනිච්චේ අත්දැකීම් ඕන නිසා තමයි. තේරීම් කමිටුවේ අදහසක් තිබුණා 2019 ඉලක්ක කරලා නවකයන් ගේනන. නමුත් තරගය ජයග්‍රහණය කරන්න ඕන නිසා අපි කුලසේකරවත් පසුව ගෙනාවා. ඩිල්රුවන් අනිවාර්යෙන්ම අපේ ටෙස්ට් සැලැස්මේ ඉන්නවා. ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු වගේ ක්‍රීඩකයන්ව ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩා කරවීම තමයි සැලැස්ම වුණේ”
“සුදු පන්දුවෙන් අපිට ඉන්නම හොඳම පන්දු යවන්නෝ තමයි සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් ඒ දෙන්නම ආබාධයක්ට ලක්ව සිටිනවා. අපි අවසන් තරග දෙකේ මාලිංගත් විවේකගන්වන්න හිටියේ නමුත් අපිට අවාසනාවකට අත්දැකීම් අවශ්‍ය වුණා. අසිත ප්‍රනාන්දු කියන්නේ හොඳ පන්දු යවන්නෙක් ඔහුට එළියට යන්න වුණේ අත්දැකීම් අවශ්‍ය වූ නිසා කුලසේකරව කැඳවීමෙන්”
මෙම තත්ත්වය යටතේ ඉන්දියාවට මුහුණ දීමේ හැකියාව තිබේද යන ප්‍රශ්නයට මැතිව්ස් මෙසේ ප්‍රතිචාර දැක්වීය.
“ඉන්දියාව සමඟ තරග කිරීමට පෙර සිම්බාබ්වේට එරෙහිව ටෙස්ට් තරගයකට සහභාගි වෙන්න තිබෙනවා. ඒ තරගය හොඳින් ක්‍රීඩා කරන්න තමයි මුලින්ම හිතන්නේ”
“අපේ සෑම අංශයකම ගොඩක් අඩු පාඩු තියෙනවා. ඉන්දීය තරගාවලියට තව සති දෙකක් වගේ තියෙන්නේ. සුළු කාලයකින් අඩු පාඩු හදාගන්න ඕනේ” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.