Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (02 වැනිදා) පැවැති තරගයේදී හලාවත මේරියන්ස් පිලට එරෙහිව ලකුණු 69 ක ජයක් හිමිකර ගැනීමට එන්.සී.සී. පිල සමත්විය.
එන්.සී.සී. පන්දු යවන්නෝ හමුවේ ලකුණු 54 කට දැවීගිය හලාවත මේරියන්ස් පිල මෙවර තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා විය.
අද තරගයේදී කඩුලු 2 ක් දවාගත් ලසිත් මාලිංග විස්සයි20 තරගාවලියේ තරග පහකට ක්‍රීඩාකරමින් කඩුලු 10 ක් දවාගැනීමට සමත්විය.
තවත් තරග 10 ක් ක්‍රීඩාංගණ හයකදී පැවැති අතර බී.ආර්.සී, සී.සී.සී, මූවර්ස්, යුදහමුදාව, කෝල්ට්ස්, ගාල්ල, රාගම, සැරසන්ස්, නාවික හමුදාව සහ ගුවන් හමුදා යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.
එන්.සී.සී. සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී. පිලට ලකුණු 69 ක ජයක්
එන්.සී.සී - ඕවර 13 කදී කඩුල්ල කඩුලු 7 ක් දැවී ලකුණු 123
(ළහිරු උදාර 23, ඇන්ජලෝ පෙරේරා 39, චාමික කරුණාරත්න නොදැවී 21, මාලින්ද පුෂ්පකුමාර 09/2, )
මේරියන්ස් - ඕවර 9.4 කදී සියලුදෙනා දැවී ලකුණු 54
(මාලින්ද පුෂ්පකුමාර නොදැවී 24, චතුරංග ද සිල්වා 20/3, සචින්ත පීරිස් 04/2, ලසිත් මාලිංග 09/2)
කළුතර නාගරික සහ බී.ආර්.සී කණ්ඩායම් අතර කටුනායකදී
බී.ආර්.සී. පිලට කඩුලු 6 ක ජයක්
කළුතර නාගරික - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 100
(ඩෙවින් පත්මනාදන් 39, තිලකරත්න සම්පත් 13/3, සුරාජ් රංදීව් 19/3)
බී.ආර්.සී - ඕවර 15.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 101
(ලසිත් ලක්ෂාන් 22, තිලකරත්න සම්පත් 21, රුමේෂ් බුද්ධික නොදැවී 20, නිපුන කාරියවසම් 24/3)
සී.සී.සී. සහ මීගමුව කණ්ඩායම් අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී
සී.සී.සී. පිලට කඩුලු 4 ක ජයක්
මීගමුව - ඕවර 18 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 101
(සඳුන් ඩයස් 28, ලක්ෂාන් සඳකැන් 11/3, වනිඳු හසරංග 27/2)
සී.සී.සී - ඕවර 16.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 105
(මාධව වර්ණපුර නොදැවී 35, උමේඝ චතුරංග 18/3)
මූවර්ස් සහ බදුරලිය කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී
මූවර්ස් පිලට ලකුණු 41 ක ජයක්
මූවර්ස් - ඕවර 17 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 155
(චරිත කුමාරසිංහ 27, චාමර සිල්වා 45, සුපේශල ජයතිලක 33, අලංකාර අසංක 22/3, සංජය චතුරංග 40/3)
බදුරලිය - ඕවර 17 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 114
(නදීර නාවල 26, සංජය චතුරංග නොදැවී 60, අදීශ තිලංචන 17/3, සඳකැන් පතිරණ 19/2)
යුදහමුදා සහ බ්ලූම්ෆිල්ඞ් කණ්ඩායම් අතර කෝල්ට් ක්‍රීඩාංගණයේදී
යුදහමුදා පිලට කඩුලු 2 ක ජයක්
බ්ලූම්ෆීල්ඞ් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 144
(රමේෂ් මෙන්ඩිස් 31, අනුක් ප්‍රනාන්දු 27, කොෂාන් ධනුෂ්ක නොදැවී 20, ජනිත් සිල්වා 30/4, අජන්ත මෙන්ඩිස් 27/2, දුශාන් විමුක්ති 29/2)
යුදහමුදාව - ඕවර 19.4 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 145
(අශාන් රංදික 24, අජන්ත මෙන්ඩිස් නොදැවී 27, ජනිත් සිල්වා 26, රමේෂ් මෙන්ඩිස් 16/3)
ද්‍රවිඩ සංගමය සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් පිලට කඩුලු 6 ක ජයක්
ද්‍රවිඩ සංගමය - ඕවර 11.3 කදී සියලුදෙනා දැවී ලකුණු 77
(බිනුර ප්‍රනාන්දු 22, නිසල තාරක 08/3, ප්‍රභාත් ජයසූරිය 12/2)
කෝල්ට්ස් - ඕවර 10.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 78
(හෂාන් දුමිඳු නොදැවී 21, සහන් ආරච්චිගේ 32, බිනුර ප්‍රනාන්දු 19/2, ප්‍රමෝද් මදුශාන් 22/2)
ගාල්ල සහ ලන්කන් කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
ගාල්ලට ලකුණු 15 ක ජයක්
ගාල්ල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 148
(නිලංක රුක්ෂිත 37, හසන්ත ප්‍රනාන්දු 21, හර්ෂ රාජපක්ෂ 43, අරුණ ධර්මසිරි 28, නෙළුම් කුමාර 13/3, රජීව වීරසිංහ 26/2)
ලන්කන් - ඕවර 19.1 කදී සියලුදෙනා දැවී ලකුණු 133
(ලක්ෂාන් රොඩිරිගූ 40, සජන ද සිල්වා 32, මදුරංග ද සොයිසා 38, ගයාන් සිරිසෝම 17/2, රවීන් සේයර් 23/2, රජිත් ප්‍රියාන් 25/2)
රාගම සහ පොලිස් කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
රාගමට කඩුලු 4 ක ජයක්
පොලිස් - ඕවර 19.5 කදී සියලුදෙනා දැවී ලකුණු 133
(සහන් විජේරත්න 48, මහේෂ් ප්‍රියදර්ශන 20, ජනිත් ලියනගේ 17/3, කුෂාන් වීරක්කොඩි 38/3, ඉෂාර ජයරත්න 12/2, )
රාගම - ඕවර 18.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 137
(ළහිරු මිලන්ත 30, ළහිරු තිරිමාන්න නොදැවී 45, අක්ශූ ප්‍රනාන්දු 23, මහේෂ් ප්‍රියදර්ශන 24/2)
සැරසන්ස් සහ පානදුර කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
සැරසන්ස්ට ලකුණු 34 ක ජයක් (ඩක්වත්/ලුවිස්)
සැරසන්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 160
(රුවිඳු ගුණසේකර නොදැවී 81, හර්ෂ කුරේ 34, රයන් කර්න් 16/2, සුරේෂ් පීරිස් 34/2)
පානදුර - ඕවර 16.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 107
(ප්‍රනීත් විජේසේන 34, ශස්ශ්‍රීක පුස්සේගොල්ල 24, ගමිඳු අමරසිංහ 14/2, රුවිඳු ගුණසේකර 28/2)
නාවික හමුදාව සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී
නාවික හමුදාවට ලකුණු 9 ක ජයක්
නාවික හමුදාව - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 142
(චෙනුත වික්‍රමසිංහ 20, බුද්ධික හසරංග 27, දුශාන් හේමන්ත 40, ඉශාන් අබේසේකර 23, ධනුෂ්ක ධර්මසිරි 22/3)
කුරුණෑගල යොවුන් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 133
(චරිත් මෙන්ඩිස් 20, ධනුෂ්ක ධර්මසිරි 27, සරින්ද දසනායක 20, අමිල මධුශංක 20/2, නුවන් සම්පත් 23/2)
වරාය අධිකාරිය සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී
ගුවන් හමුදාවට කඩුලු 3 ක ජයක්
වරාය අධිකාරිය - ඕවර 18.5 කදී සියලුදෙනා දැවී ලකුණු 99
(ගයාන් මනීශාන් නොදැවී 35, දිලිප් තාරක 10/2, බුද්ධික සඳරුවන් 13/2, ශොහාන් රංගික 19/2, රොස්කෝ තටිල් 24/2)
ගුවන් හමුදාව - ඕවර 16.4 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 100
(ගයාන් මනීශාන් 01/2, රනේෂ් පෙරේරා 20/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.