Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන සාමාජික රටවල් 104 ටම විස්සයි 20 අන්තර්ජාතික වරම් හිමි කර දෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී. මෙම තත්වය එම රටවල කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකටම හිමිවේ.
අන්තර් ජාතික ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් මහතා කල්කටාහී පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශයට පත් කර ඇත. විස්සයි-20 ක්‍රිකට් වෙනුවෙන් ගෝලීය ශ්‍රේණිගත කිරීම් ක්‍රමයක්ද දියත් කරන බව දන්වා සිටියේය.
වර්තමානය වන විට විස්සයි 20 අන්තර්ජාතික සාමාජිකත්වය ලැබී ඇත්තේ කණ්ඩායම් 18කට පමණක් වන අතර එයින්ද ස්ථීර සාමාජිකත්වය ලැබී ඇත්තේ කණ්ඩායම් 12කට පමණි. ස්කොට්ලන්තය, නෙදර්ලන්තය, හොංකොං,එක්සත් අරාබි එමීර් රාජ්‍ය,ඕමාන් සහ නේපාලය යන රටවල් තවමත් විස්සයි 20 ක්‍රිකට් සදහා නවකයෝ වෙති.
සියලුම කාන්තා කණ්ඩායම් සදහා 2018 ජූලී 1 වැනිදා සිටත්, පිරිමි කණ්ඩායම් සදහා 2019 වර්ෂයේ ජනවාරි 1 වැනිදා සිටත් 20/20 සාමාජිකත්වය ලබා දෙන බව රිචඞ්සන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.