Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ලකුණු 5000 සීමාව පසුකළ පළමු ක්‍රිඩකයා වීමට චෙන්නායි සුපර් කිංග්ස් පිලේ සුරේෂ් රයිනා සමත්විය. මෙවර 12 වැනි වරටත් පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලේන්ජර්ස් බැංගර්ලෝර් පිලට එරෙහිව පැවැති පළමු තරගයේදී ලකුණු 19 ක් ලබාගනිමින් මෙම දස්කම කිරීමට රයිනා සමත්විය.
ඉනිම 174 කදී පන්දුවට පහරදී ඇති රයිනා ශතකයක් සහ අර්ධ ශතක 35 ක් සමගින් මේ වනවිට ලකුණු 5034 ක් (දිල්ලි කැපිටල් පිලට එරෙහිව ඊයේ ලබාගත් ලකුණු 30 ද ඇතුළත් වේ) රැස්කිරීමට සමත්ව ඇත. හතරේ පහර 455 ක් සහ හයේ පහර 186 ක් ඊට ඇතුළත් වේ. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම හයේ පහර එල්ල කළ පිතිකරුවන් අතර සිවුවැනි ස්ථානයේ රයිනා පසුවන්නේය.
2008 වසරේ සිට මේ දක්වා ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිට නොකඩවා සහභාගිවූ රයිනා තරග 178 කට සහභාගිවී ඇති අතර මෙම තරගාවලියේ වැඩිම තරග සංඛ්‍යාවකට ක්‍රීඩාකළ ක්‍රීඩකයා වශයෙන්ද වාර්තා පොත් අතරට එක්වන්නේය. මෙම තරගාවලිය ආරම්භයේ සිට මේ දක්වා කාළය තුළ ඔහුට ක්‍රීඩාකිරීමට අවස්ථාව හිමිනොවූයේ තරග 2 ක් පමණි.
2008 වසරේ සිට 2015 දක්වා චෙන්නායි සුපර් කිංග්ස් පිලට ක්‍රීඩාකළ සුරේෂ් රයිනා වසර දෙකකට චෙන්නායි සුපර් කිංග්ස් පිල තහනම් කිරීමත් සමඟින් ගුජරාට් ලයන්ස් පිලට ක්‍රීඩා කරමින් එහි නායකත්වයට පත්විය. තහනම ඉවත්වීමත් සමගින් සුරේෂ් රයිනා නැවතත් චෙන්නායි සුපර් කිංග්ස් පිල සමගින් එක්විය.ලකුණු 5000 සීමාවට ආසන්නයේ සිටින රෝයල් චැලේන්ජර්ස් බැංගර්ලෝර් පිලේ නායක විරාට් කෝලී ලකුණු 4954 ක් රැස්කරමින් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවන් අතර ලකුණු 4507 ක් රැස්කළ මුම්බායි ඉන්දියන්ස් පිලේ රෝහිත් ශර්මා තෙවැනි ස්ථානයේ පසුවන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.