Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner රෂීඩ් - නබී ඇෆ්ගනිස්තානය දිනවති

රෂීඩ් - නබී ඇෆ්ගනිස්තානය දිනවති

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෂීඩ් ඛාන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම සහ මොහොමඞ් නබීගේ තුන් ඉරියව් දස්කම් හමුවේ බංග්ලාදේශයට එරෙහිව ඉන්දියාවේ රජීව් ගාන්ධි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් ලැබීමට ඇෆ්ගනිස්තානය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ මොහොමඞ් නබී, පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 31 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පන්දු 41 කට මුහුණදුන් ශමිවුල්ලා ෂෙන්වරි එහිදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 49 ක් රැස්කරමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණයට මනා දායකත්වයක් සැපයීය. ආරම්භක පිතිකරු මොහොමඞ් ශේෂාඞ් පන්දු 18 කදී ලකුණු 24 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 134 ක් පමණි. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රෂිඞ් ඛාන් ලකුණ 12 කට කඩුලු 4 ක් දවාගත්තේ තරගයේ වීරයා බවටද පත්වෙමිනි. බංග්ලාදේශ පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා රෂිඞ්ට අනගි සහායක් දුන් මොහොමඞ් නබී ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගත්තේය.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ටමීම් ඉක්බාල් පන්දු 48 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 43 ක් රැස්කළ අතර මුෂ්ෆිකුර් රෙහෙමාන් පන්දු 18 කදී ලකුණු 22 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි.


ඇෆ්ගනිස්තානය - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 135
(මොහොමඞ් ශේෂාඞ් 24, උස්මාල් ඝානි 21, ශමිවුල්ලා ෂෙන්වරි 49, මොහොමඞ් නබී නොදැවී 31, මොසද්දික් හොසේන් 21/2)

බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 134
(ටමීම් ඉක්බාල් 43, මුෂ්ෆිකුර් රෙහෙමාන් 22, අබු හයිඩර් නොදැවී 21, රෂීඞ් ඛාන් 12/4, මොහොමඞ් නබී 19/2)


- 036

 


අදහස් (0)

රෂීඩ් - නබී ඇෆ්ගනිස්තානය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.